Windows 7 වල Partition හදාගන්නේ කොහොමද ?
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ලැප්ටොප් එක හරි ඩෙස්ක් ටොප් එක හරි ගත්තට පස්සේ ගොඩක් වෙලාවට Partition තියෙන්නේ 1 යි . ඒ කිවේ C: Drive විතරයි. සම්පුර්ණ Hard Disk ඉඩ ප්‍රමාණයම C: Drive එකට Allocate වෙලා. නමුත් අපිට තවත් Partition කීපයක් හදාගන්න ඕන නම් මොකද කරන්නේ. ගොඩක් අයනම් කියන්නේ Partition කඩන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් දාගෙන වැඩේ කරගන්න කියලා. නමුත් Partition 3 ක් විතර ඕන නම් ඔය මොකුත් සොෆ්ට්වෙයාර් ඕන නෑ. වින්ඩෝස් ඇතුලේ ඉඳලම ඒක කරගන්න පුළුවන් පහසුකම් තියෙනවා. හැබැයි 3 කට වැඩිය ඕනෙනම් වෙන සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා. කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩ ටිකක්. එහෙනම් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම ඩෙස්ක්ටොප් එකේ පෙන්න තියෙන Computer අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Manage කියන එකට යන්න.
ඊට පස්සේ පෙන්නේ මෙන්න මේ විදියේ එකක්. එකේ තියෙනවා Disk Management කියලා එකක් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එන වින්ඩෝ එකේ තියෙන දේවල් හොඳට බලන්න. මේකේ තියෙන අගයන් ඔයාලගේ පරිගණකයේ අගයන් එක්ක වෙනස් වෙන්න පුළුවන් ඒත් මේ දේවල්ම තමයි තියෙන්නේ.
දැන් ඒකේ තියෙන C: Drive එක උඩ රයිට් ක්ලික් කරලා Shrink Volume කියන එක ක්ලික් කරන්න.
දැන් මෙන්න මේ වගේ එකක් එනවා. මෙතැනදී ටිකක් සැලකිල්ලෙන් වැඩ කරන්න ඕන. මොකද මෙතැනදී කරන දේ තමයි අපේ වැඩේ වැදගත්ම තැන වෙන්නේ.
මෙතන අන්තිමට තියෙන අගය තමයි වින්ඩෝස් වලට දැනට අවශ්‍යය ධාරිතාවය. ඒ වගේම Enter the amount of space to shrink in MB: කියන්නේ අපට හදාගන්න බලාපොරොත්තු වෙන අලුත් Partition එකට හෝ දෙකට ඉතිරි වී ඇති ඉඩ ප්‍රමාණයයි. අපට පුළුවන් මේ ඉතිරි වී ඇති මුළු ඉඩ ප්‍රමාණයම තවත් Partition එකකට හෝ දෙකකට යොදා ගන්නට. ඒත් සැලකිලිමත් වියයුතු ප්‍රධාන දෙයක් තමයි. අපට ලබා ගතහැකි මුළු ඉඩ ප්‍රමාණයම යොදා නොගත යුතුයි. එයට හේතුව මේ C: Drive එකට තවත් යම් යම් සොෆ්ට්වෙයාර් එකතු කිරීමට ඉඩ තිබිය යුතුයි. මම 1000 MBක් පමණ වැඩිපුර C: Drive එකට ඉතිරි කරලා ඉතිරි ප්‍රමාණය වෙන් කර ගන්නවා.
දැන් පහතින් තියෙන Shrink කියන butten එක ඔබන්න. බලන්න මොකද වෙන්නේ කියලා.
යම් කොටසක් Unallocated විදියට තියෙනවා. මේ කොටස තමයි. අපේ වැඩේට යොදා ගන්නේ. දැන් මේ Unallocated කොටස උඩ රයිට් ක්ලික් කරලා New Simple Volume කියන එක ක්ලික් කරන්න.
ඒකට පස්සේ එන්නේ මේ වගේ එකක්.
මම තවත් Partition එකකට ඉඩ තියලා 4000 MB විතරක් ගත්තා. මේ විදියට වෙනස් කරගෙන ඊළඟ පියවරට යන්න.
මේතැනත් මොකුත් වෙනස් කරන්න අවශ්‍ය නෑ ඉදිරියට යන්න.
මේ විදියට හදාගෙන ඉදිරියට යන්න.
දැන් හොඳට බලන්න වෙලා තියෙන දේ. මම වෙන් කරගත්තු කොටසින් Partition එකක් හැදිලා තවත් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒකෙනුත් මම හදපු විදියට තවත් Partition එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම අපට තව අවස්ථා එකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒක හදන හැටි මම කියන්නේ නෑ. ඒක දැන් ඔයාලට පුළුවන්. මේ විදියට අපිට Partition 3 ක් දක්වා හදන්න පුළුවන්. ඊට වඩා හදනවනම් වෙන සොෆ්ට්වෙයාර් එකක සහය ගන්න වෙනවා. ගොඩක් දුරට වෙන සොෆ්ට්වෙයාර් එකකින් මේ වැඩේ කලත් මේ වගේ තමයි. පොඩි පොඩි වෙනස් කම් තිබුනත් ක්‍රමේ මේකම තමයි. මේ ටික ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.
මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න

Thanks
ReplyDeleteහොය හොයා හිටපු දෙයක්
ReplyDeleteOriginal OS තියෙන LAPTOP Use කරන අයට ගොඩක් වටිනවා
මේ වගේ ඔයාලට ඕන දේවල් කියන්න. පුළුවන් තරමින් දෙන්න උත්සහ කරන්නම්.
ReplyDeleteමගේ blog එකේ layouy එකේ මෙ විදියේ error msg එකක් එනවා We're sorry, but we were unable to complete your request. ඒ ඇයි?
ReplyDeleteදම්මික මේක මේ බ්ලොග් එකට අදාල ප්‍රශ්නයක් නෙවෙයි නේද ?. කමක් නෑ. ඔය msg එක එන්නේ මොනවා කරන්න ගියමද කියලා පැහැදිලිව කියන්න. තව විස්තර ඕන ඔයාට පිළිතුරක් දෙන්නනම්
ReplyDeleteඇත්තෙන්ම ගොඩක් වැදගත්
ReplyDeletethank you
ඕක කොල්ලෙක්ට පුංචි දෙයක්
ReplyDeleteNodanna Deyak Ada Danagaththe.Godak Sthutyi Yaluwa.Kohomada Oyawa Contact Karaganne?
ReplyDelete