නොමිලේ ලබාදෙන VPN (Virtual Private Network) සේවාවන් ඇත්තටම ආරක්ෂිතද ? , නොමිලේද ?
පහු ගිය දින කීපයේ රටේ පැවතී තත්වය නිසා අන්තර්ජාල සේවාවන් ගොඩක්ම සීමිත උනා. එයින් ගොඩක්ම බාදා එල්ල උනේ මුහුනුපොත එහෙමත් නැතිනම් ෆේස්බුක් භාවිත කරන්නන් හට. ඒහෙත් ඒ බාදා නොතකා විවිද ක්‍රම මගින් මුහුණු පොතට ගොඩක් අය පැමිණියා. ඒ බහුතරය අන්තර්ජාල පිලිබඳ යම් දැනුමක් ඇත්තන් කිවොත් ගොඩක් නිවැරදියි. ඉතිං මේ ක්‍රම මගින් අදාල කාර්ය සිද්ධ උනත් කව්රුත් හිතුවේ නෑ නේද මේකේ තියෙන අනාරක්ෂිත බව ගැන. මම දන්න තරමින් ගොඩක් අය හිතන්නේ ඒකෙන් තමන්ට කිසිම හානියක් නැහැ කියල. ඒත් ඒ අදහස සම්පුර්ණයෙන්ම වැරදියි. ඒ වගේම මේ නොමිලේ දෙනවා කියන එකෙනුත් හරි අදහස ගොඩක්ම හංගලා තියෙනවා. මේ නොමිලේ සහ ආරක්‍ෂිත යන වචන දෙකම භාවිත කරන අය රැවටීම සඳහා යොදා ගත්තු වචන දෙකක් පමණයි. ඔබ හිතනවද VPN සේවාවන් ඇත්තටම නොමිලේ දෙන්න පුළුවන් කියලා. අන්තර්ජාලයේ කිසිම දෙයක් නොමිලේ දෙන්නේ නැහැ කියන දේ ඔබ තරයේ මතක තබා ගතයුතු කරුණක්. නොමිලේ දෙන සෑම දෙයක් වෙනුවෙන්ම අපෙන් ඊට වැඩිය වටිනා දේවල් අය කරගන්නවා. නමුත් අපිට ඒවා නොදැනෙන දේවල්. උදාහරණයක් ලෙසට වෙබ් අඩවියක අප ගත කරන කාලය. එය වෙබ් අඩවියට ඉතාමත් වටිනා දෙයක්. එහෙත් අපට එය ඒ තරම් සැලකිල්ලට භාජනය නොවන දෙයක්. වෙබ් අඩවියකට පැමිණෙන පරිශීලකයන් ගණන වැඩි වීමෙන් වගේම එතුල ගත කරන කාලය වැඩි වීමෙන් වෙබ් අඩවියේ ජනප්‍රියතාවය වැඩි වීමට වගේම ඒ හරහා අඩවියේ වටිනාකම වැඩි වීමට හේතුවක්. ඒ තුලින් එම පිටුවේ පල කරන වෙළඳ දැන්වීම් වල වටිනාකම ඉහල යයි.
නැවතත් අපේ මාතෘකාව දෙසට හැරුනොත් බහුතරයක්ම VPN සේවාවක් ලබා දෙන්නන් භාවිත කරන්නන් සඳහා වෙනම අතුරු මුහුණතක් ලබා දෙනවා. ඒ හරහා තමයි අප විසින් අපට අවශ්‍ය වෙබ් අඩවියට ඇතුල් වීම සිදු කරන්නේ. නමුත් මෙහි ඇති බරපතලම කරුණ වන්නේ VPN සේවාවේ අයිතිකරුට හැකියාව ලැබෙනවා අප විසින් සිදු කරන සම්පුර්ණ ක්‍රියාවලියම දෙස බල සිටින්නට. එසේම අප භාවිත කරන සියලුම තොරතුරු එක්රැස් කරගන්නට. උදාහරණයක් ලෙසට අප පිවිසෙන්නේ ෆේස්බුක් ගිනුමටනම් ඔවුනට හැකියාව තිබෙනවා අපගේ ගිණුමේ රහස්‍ය තොරතුරු සියල්ලක්ම ලබා ගැනීමට. මගේ කලින් ලිපියක මා සඳහන් කළ ෆිෂින් වෙබ් අඩවි ගැන. මෙයත් එවැනිම ආකාරයේ ක්‍රමයක්. නොමිලේ අපට දෙන සේවාව හරහා ඔවුන් අපගේ වටිනා, රහස්‍ය, සංවේදී තොරතුරු එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් පාර්ශව වලට ඒවා වැඩි මුදලට අලෙවි කරනවා. දැන් ඔබට හිතෙනවාද අප ලබන සේවා නොමිලේ ලබන්නක් කියා.
ඔබට අසන්නට දකින්නට ලැබී ඇති මිලියන ගණන් පරිශීලකයින්ගේ ගිණුම් තොරතුරු යම් යම් පාර්ශව විසින් හෙලිකල අවස්ථා. එවැනි පාර්ශව සඳහා තොරතුරු මුදලට සපයන්නේ මෙවැනි VPN සේවා සපයන්නන්. මුදල් ගෙවා අප ලබගන්නා VPN සේවා ඇතත් මේ ආකාරයට අපගේ තොරතුරු එක්රැස් නොකරන බවට අපට විශ්වාස කළ හැකිද.
VPN සේවා හරහා මුදල් සොයන තවත් ක්‍රමයක්නම් ඔවුන් අපට ලබාදෙන අතුරු මුහුණත හරහා වෙළඳ දැන්වීම් ප්‍රර්ශනය කිරීමෙන්. එම වෙළඳ දැන්වීම් බොහොමයක් අපට මග හැරීමට හැකියාවක් නැහැ. අනිවාර්යයෙන් අප ඒවාද බලන අතරම අපගේ කාර්ය කරගත යුතු වනවා. ඔවුන් අපගෙන් ලබා ගන්නා දෙය එයයි. මේ VPN සේවා ගැන ඉතා ස්වල්ප කරුණු ප්‍රමාණයක් වන අතර අන්තර්ජාලය තුල පරික්ෂා කිරීමෙන් බොහෝ අපරාධ වංචා කිරීම් ආදිය සොයාගත හැකියි.
ඔබ තව දුරටත් VPN සේවාවන් භාවිතා කරනවානම් මේ කරුණු පිළිබඳව අවධානයක් යොමු කළ යුතුම වෙනවා. නමුත් සමහර අවස්ථා වලදී අපට මෙම සේවාවන් ප්‍රයෝජනවත් නමුත් සංවේදී තොරතුරු සමග කටයුතු කිරීමේදී සේවාවේ විශ්වාස භාවය පිළිබඳව ඔබ දෙවරක් නොව කිහිප වරක් සිතිය යුතුයි. මෙය හුදෙක්ම ඔබගේ ආරක්ෂාව පිණිසම වේ.

No comments:
Post a Comment
ඔබේ අදහස් / උදහස් / යෝජනා