Friday, January 20, 2012

පාස්වර්ඩ් දමපු .RAR ෆයිල් එකක පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද ?

පාස්වර්ඩ් දමපු .RAR ෆයිල් එකක පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද ?


           ගොඩක් වෙලාවට අපි අන්තර්ජාලයෙන් බාගන්න ඔය එක එක ෆයිල් ඕපන් කරගන්න ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් හරි අමාරුවක තමයි වැටෙන්නේ. සමහර වෙලාවටනම් පාස්වර්ඩ් එක අහවල් තැන තියෙනවා කියලා හොඳ වටයක් අරගෙන ගිහින් දෙන වෙලාවල් නැතුවම නෙවෙයි. ඒත් සමහර ඒවා තියෙනවා කියන වෙබ් පිටු වැඩ කරන්නේ නැති අවස්ථා බොහොමයි. එහෙම වෙලාවට අපිට උදව්වට ගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන තමයි මම අද කියන්නේ. මේක ගොඩක් අය දන්නවා. ඒත් මේක ගැන නොදන්නා අයත් ගොඩක් ඇති. එයාලට මේකෙන් වැඩක ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේක දාගත්තට මේකේ සීරියල් එක නැති උනොත් සමහර පසුකම් නැතිව යනවා. ඒක නිසා මම මේකේ සීරියල් එකත් දීල තියෙනවා. ඉස්සර වෙලාම සොෆ්ට්වෙයාර් එක මෙන්න මේ ලින්ක් එකෙන් බාගන්න. advanced-rar-password-recovery
දැන් සොෆ්ට්වෙයාර් එක සාමාන්‍ය විදියට තමන්ගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න. දැන් මේ යට තියෙන රූපය වගේ එකක් තමයි ක්‍රියාත්මක කලාම ඔයාලට පේන්නේ. මම එතන නම් කරලා තියෙන ඒවත් හොඳට බලන්න.
          අංක 1 න් තියෙන්නේ ඔයාලට පාස්වර්ඩ් එක හොයාගන්න ඕන කරන ෆයිල් ඒක තිබෙන තැනයි. අංක 2 න් පාස්වර්ඩ් ඒක හොයන්න මේ සොෆ්ට්වෙයාර් එකේ දීල තියෙන ක්‍රම කීපයෙන් එකක් තෝරාගන්න. මම දැනට මේ තෝරලා තියෙන එක තමයි හොඳම ක්‍රමය නමුත් ටිකක් වෙලා යනවා. මොකද මේ ක්‍රමයේදී a අකුරෙන් පටන් අරගෙන හෝඩියේ තියෙන හැම අකුරක්ම වගේම හැම සලකුනක්ම යොදා ගන්නවා පාස්වර්ඩ් එක හොයා ගන්න. උත්සහ කරන වාර ගණන වැඩි නිසා තමයි වෙලා යන්නේ. අංක 3 න් කරන්නේ මම ඉස්සර වෙලා කියපු වැඩේට තෝරාගන්න ඕන කොටස් මොනවද කියලා තෝරලා දෙන එක. ඒ කියන්නේ අපිට හිතෙනවනම් අදාල පාස්වර්ඩ් එක දාලා තියෙන්නේ අකුරු වලින් විතරයි අංක යොදාගෙන නැහැ කියලා අපිට පුළුවන් All Digits කියන එක අයින් කරලා වැඩේ පටන් ගන්න. ඒ වගේ ගොඩක් වැඩ මේකේ තියෙනවා. මමනම් මේක පාවිච්චි කරලා ගොඩක් වැඩ ගත්තා. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. 

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

15 comments:

  1. බොහොම ස්තුතියි ශ්‍රීමාල්

    ReplyDelete
  2. මේක සාර්ථක නැ ගොඩක් නෙට් එකෙන් ගන්න ෆයිල්ස් වලට. සාමාන්‍යයෙන් ඒවයේ අකුරු අටකට වඩා තියනවා පාස්වර්ඩ් එකට. මේකෙන් කැඩුවොත් ඒව උඹට නාකි වෙනකං බලං ඉන්නවෙයි.

    ReplyDelete
  3. mama hoya hoya hitaye godak pin oyata

    ReplyDelete
  4. Elakiri machan matath onawela tibbe ekak. Thanks.

    ReplyDelete
  5. Mamath try kara.Namuth mara error msg ekak enawa "Archive corrupted or no encrypted file" kiyala. mama folder ekkak hada eke txt file ekak daala ekata .RAR walin pwd ekak damma. wade hari giye nae. drop me a mail if you can.

    ReplyDelete
  6. neo මුකුත්ම නැතුව වැඩේ අතහැරලා දානවට වැඩිය මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නිසා තමයි මේක දැම්මේ. මොකද පස්ස්වාර්ඩ් එකකට අකුරු 8 කට අඩු වෙන්නත් පුළුවන් නේද. ඔය කියන විදියට වැඩි උනොත් අමාරුයි තමයි. නමුත් පොඩි චාන්ස් එකක් අපිට තියනවා. මොකද මම මේක පාවිච්චි කරලා වැඩ කරගෙන තියෙනවා.

    ReplyDelete
  7. anjelsnn ඔයා කරපු විදිය හරියටම කියන්න. මම උදව් කරන්නම්.

    ReplyDelete
  8. ඕක හරියන්නෑ.. අර කියලා තිබුණා වගේ ඕකෙන් පාස්වර්ඩ් ක්‍රැක් කරන්න ගියොත් නාකි වෙයි

    ReplyDelete
  9. තැන්ක්යූ වේවා යාලුවේ....ඔයා මට දුන්නේ ගොඩක් වැදගත් සොෆ්ට්වෙයාර් එකක්.....

    ReplyDelete
  10. මචං උඹ නම් එළකිරි සුපිරි කොල්ලෙක්.......අනිත් උන් කියන ඒවා ගණන් ගන්නේ නැතුව උඹේ වැඩේ දිගටම කරගෙන යන්න......All the best aiya....

    ReplyDelete
  11. දන්න දෙයක් කියලා දෙනවා කියන්නේ ලොකු පිනක් ඔබට ජය.............

    ReplyDelete
  12. aiya meykata wada ikmanata password eka kadanna puluwan software 1k nedda ?

    ReplyDelete
  13. The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    ඔන්න ඕකයි තත්වේ

    ReplyDelete
  14. owagen password kadanna ba.... 6GB ram ,,i5processorr thiyena machine ekakin 14 digit password ekakata attck karanna 3 years wath yanawa........

    ReplyDelete

ඔබේ අදහස් / උදහස් / යෝජනා