Sunday, June 19, 2011

සිංහල Unicode ලේසියෙන්ම භාවිතා කරන්න ක්‍රමයක්

සිංහල Unicode ලේසියෙන්ම භාවිතා කරන්න ක්‍රමයක්
                     
        අද මම කියලා දෙන්නේ අපි සාමානයෙන් දන්නා එත් ගොඩක් අය භාවිතා නොකරන දෙයක්. සිංහල යුනිකෝඩ් කියන්නේ වෙබ් පිටු වල ලියනකොට, චැට් කරනකොට, බ්ලොග් ලියනකොට ඉංග්‍රීසියෙන් ලියන්නේ නැතිව සිංහලෙන් ලියන්න භාවිතා කරන web font වර්ගයක්. නමුත් විජේසේකර යතුරු පුවරුව වගේ එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න ටිකක් කල් යනවා. ඒක පුරුදු වෙවී ඉන්න ගියොත් කරන්න යන වැඩේ කරන්න වෙන්නේ නෑනේ නේද ? ඉතින් දන ඒකට ලේසි ක්‍රම ගොඩක් තියෙනවා. අද මම කියලා දෙන්නේ ගොඩක්ම ලේසි ක්‍රමයක්‌. මේ සේවාව අපට ලබා දෙන්නේ ගූගල් සමාගමෙන්. එකට කියන්නේ Google Transliteration IME (Input Method Editor) කියලා. මේ ක්‍රමය භාවිතා කරලා ඕනෑම  Browser එකක සිංහලෙන් බැරිනම් තවත් ගොඩක් භාෂා වලින් වැඩ කරන්න පුළුවන්. මේක හරියට දාගත්තට පස්සේ ඉන්ටර් නෙට් එකේ විතරක් නෙවෙයි Office වගේ ඇප්ලීකේෂන් වලත් සිංහලෙන් බොහොම පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. මම මේ බ්ලොග් එක ලියන්නෙත් ඒ විදියටම තමයි.ඉතින් ඉස්සර වෙලාම මෙන්න මෙතනින් අවශ්‍ය කරන මෘදුකාංගය ලබා ගන්න. අපි  භාවිතා කරන Operating System ගොඩක් වෙලාවට 32 Bit වලට අයිති ඒවා. ඒක නිසා වෙනසක් කරන්නේ නැතිවම බාගන්න පුළුවන්. බැරි වෙලාවත් ඔබේ Operating System එක 64 Bit වර්ගයේනම් ඉහත රූපයේ පෙන්වල තියෙන විදියට 64 Bit  කියන එක සිලෙක්ට් කරන්න අමතක කරන්න එපා. දැන් බාගත්තු File එක සාමාන්‍ය විදියට ඔබේ පරිගණකයට Install කරගන්න. එතැනදී කරන පිළිවෙලත් පහතින් දක්වලා තියෙනවා.
 
 
දැන් තව වැඩ ටිකක් කරන්න තියෙනවා. ඉස්සර වෙලාම Language Bar එක පෙනෙන විදියට හදා ගන්න ඕන. දැනටමත් පෙනෙන්න තියෙනවනම් ප්‍රශ්නයක් නෑ. එහෙම නැතිනම් හදාගන්නේ මෙහෙමයි. Task Bar එක උඩ Right Click කරලා එන මෙනු එකේ තියෙන Tool bar කියන කොටස ඇතුලේ තියෙනවා Language Bar කියලා. එක සිලෙක්ට් කරන්න.  මෙන්න මේ වගේ.
 
මේක පෙනේනේ නැතිනම් ඒකත් හදන්නේ මෙහෙමයි.
වින්ඩෝස්  7 හෝ විස්ටා වලනම් 
  1. Control Panel -> Regional and Language Options -> Keyboard and Languages tab එකට යන්න.
  2. Change keyboards කියන Butten එක ක්ලික් කල පසු  Text services and input languages කියන dialog එක මතු වෙනවා 
  3. ඊට පස්සේ  Language Bar කියන tab එකට යන්න.
  4. Docked in the taskbar කියන radio button එක සිලෙක්ට් කරන්න 
  5. දැන් Apply කරලා  Ok කරලා සියලුම වින්ඩෝ වලින් ඉවත් වෙලා උත්සහ කරලා බලන්න.
වින්ඩෝස් XP වලනම්
  1. Control Panel -> Regional and Language Options -> Languages tab -> Text services and input languages (Details) -> Advanced Tab කියන තැනට යන්න 
  2. System configuration, කියන option එකේ  Turn off advanced text services කියන එක සිලෙක්ට් නොකර තියන්න ඕන.
  3. දැන් ආපසු Control Panel -> Regional and Language Options -> Languages tab -> Text services and input languages (Details) -> Settings Tab එකට යන්න.
  4. Language Bar එක ක්ලික් කරන්න.
  5. Show the Language bar on the desktop කියන එක සිලෙක්ට් කරලා OK කරන්න.
  6. මතක් කරලා Install files for complex scripts and right to left languages සහ Install files for East Asian languages කියන ඒවා සිලෙක්ට් කරලද කියලත් බලන්න.
  7. දැන් Apply කරලා  Ok කරලා සියලුම වින්ඩෝ වලින් ඉවත් වෙලා උත්සහ කරලා බලන්න.
හරියට  වැඩේ වෙලානම් මෙන්න මෙහෙම පෙන්න ඕන.
  එහෙම නැතිනම් මෙහෙම 

මේක මවුස් ඒකෙන් සිලෙක්ට් කරගෙන කරන්නත් පුළුවන් ඊට වැඩ ලේසියි Short Cut එකක් දාගත්තම. ඒක කරන්නේ මෙහෙමයි.
වින්ඩෝස්  7 හෝ විස්ටා වලනම්
  1. Control Panel -> Regional and Language Options -> Keyboard and Languages  කියන tab එකට යන්න
  2. Change keyboards කියන Butten එක ක්ලික් කල පසු  Text services and input languages කියන dialog එක මතු වෙනවා
  3. ඊට  පස්සේ Advanced Key Settings කියන tab එකට යන්න.
  4. Installed Services තුල Google Sinhalese Input කියන එක නැතිනම් එය එකතු කර ගත යුතුයි. ඒ සඳහා Add ක්ලික් කර Add Input language කියන dialog box මතුකරගෙන සිංහල භාෂාව තෝරා ගත යුතුයි , එය දිග හැර  Google Sinhalese Input  යන්න සිලෙක්ට් කර OK කර ගන්න.

  1. ඊට  පස්සේ Advanced Key settings  කියන Tab එකට ගිහින්  Hot keys for input languages යටතේ තියෙන Between Input Languages කියන එක සිලෙක්ට් කරන්න.
  2. ඊට  පස්සේ Change Key Sequence
  3. Select Enable Key Sequence
  4. එයින්  Ctrl + Shift වැනි ඔබට පහසු එකක් තොරා ගන්න.
  5. දැන් Apply  කර OK කර ඉවත් වන්න.
  6. දැන් MS Word වැනි එකක් open කර  නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි බලන්න.
 
 
මේක XP වලත් මේ විදියටම කරගන්න. පොඩි පොඩි වෙනස් කම ඇති. එක ඔයාලට හොයා ගන්න පුළුවන් වෙයි.

  1. Control Panel -> Regional and Language Options -> Languages tab -> Text services and input languages (Details) -> Settings Tab
  2. If either <Language> or Google <Language> Input not listed in Installed Services box, then click Add and in Add Input language dialog box, select <Language> in Input language and Google <Language> Input in Keyboard layout/IME. Click OK
  3. Press Key Settings
  4. In Hot keys for input languages, Select Switch to <Language>-Google <Language> Input
  5. Press Change Key Sequence
  6. Select Enable Key Sequence
  7. Select option like Left ALT + SHIFT + Key 1
  8. Apply all changes
  9. Now opening an application like notepad and pressing Left ALT + SHIFT + Key 1 should open the IME. 
මේ  විස්තර ටික තවත් විස්තර සහිතව ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා මෙතන. ඔයාලට එක මෙතනින් බලාගන්න පුළුවන්.  
දැන් ඔක්කොම වැඩ ඉවරයි. වැඩ කරනකොට  කොහොමද පෙනෙන්නේ කියලා බලමු.
 



මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.

9 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා සදුන් අයියා.දැන් ලිපිටික මාතෘකාවලින් තියන නිසා නියමයි.හොදයි අයියේ ගොඩක් වැදගත් ඒවා දාලා තියෙන්නේ.දිගටම ලියන්න.අපි ඔයත් එක්ක ඉන්නවා.ජය වේවා!!!!!!!!!!!!!

    ReplyDelete
  2. නියමයි අයියෙ. මන් මේ දැන් 1 ගත්ත. thankZ

    ReplyDelete
  3. ඔබට බොහෝම ස්තුතියි. පිං සිද්ද වෙනවා නොදන්න දෙයක් කියලා දෙනවට

    ReplyDelete
  4. mata kiyanna windows 8 di kohomada language bar penna hadanne

    ReplyDelete
  5. එළකිරි වැඩක් අපෙන් සුබ.

    ReplyDelete
  6. නියම‍ට ලියලා ති‍‍‍යනටා හරිම පහ‍සුයි ත‍ේරුමි ගන්න

    ReplyDelete
  7. ලක්ෂිත මෙන්ඩිස්February 1, 2014 at 12:20 AM

    බලමු. එළ වැඩේ හරි. පට්ට නියමෙට වැඩ.
    :)

    ReplyDelete
  8. මරු බන් මේක නියමෙට වැඩ.... සුපිරි ආ...

    ReplyDelete

ඔබේ අදහස් / උදහස් / යෝජනා