Monday, December 12, 2011

Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? ලිපි අංක 1

Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ?

       Forex කියන්නේ මොනවද කියලා මගේ "Forex ගැන සිංහලෙන් ඉගෙන ගනිමු" පිටුවෙන් ඔයාලා දැන ගන්න ඇති.  මම කියලා දෙන්නේ ජනප්‍රියම Forex Trading වර්ගයක් ගැන. මම උඩින් තියෙන ලෝගෝ එකෙන් පෙන්නලා තියෙන්නේ ඒ වර්ගයයි. ඒ තමයි Etoro කියන එක. මම සම්බන්ධ වෙලා ඉන්නෙත් මේකට. මේකට ඇතුළු වෙන්න කිසිම වියදමක් යන්නේ නෑ. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර අයනම් මේකට සල්ලි අරගෙන කරලා දෙනවා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. මොකද මම දැන් මේ Forex වලින් සල්ලි හොයන කෙනෙක්. මේක අනිත් ඒවා වගේ නෙවෙයි. නිකම්ම සල්ලි ලැබෙන්නේ නෑ. අපි ආයෝජනයක් මුලින්ම කරන්න ඕන. ඒ ආයෝජනය කරන සල්ලි වලින් තමයි අපි ගනු දෙනු කරලා මුදල් උපයා ගන්න ඕන. ඒ වගේම කියන්න ඕන මේක ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් ඒවා කොහෙවත් නෑ. ගොඩක් අය ගොඩක් දේවල් කීවට ඒවා බහුතරයක් බොරු බව ඔයාල දන්නවා. මොකද ඒවගෙන් ඔය කියන තරම් හම්බ වෙනවනම් අපිට වෙන රැකියාවක් නොකර ගෙදර ඉන්න පුළුවන්. මේකෙන් ලාබ වගේම පාඩු වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයාලගේ දක්ෂ කම සහ මේ වෙනුවෙන් වෙන් කරන වෙලාව මත. මමත් මුලින් පාඩු වින්දා. ඒත් දැන් මම ලාබ ගන්නවා. මහන්සි වෙලා හොයාගත්තු දේවල් මම ඔයාලට නොමිලේම කියලා දෙන්නම්. මම ඒකට සල්ලි ගන්නේ නෑ කාගෙන්වත්. අද බ්ලොග් එකෙන් මම මේ etoro වල ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. එහෙනම් වැඩේ පටන් ගමු.
                  මුලින්ම මේ ලින්ක් වලට ගිහින් ලියාපදිංචි වෙන්න ඕන. හරිම ලේසි පියවර කීපයක් විතරයි තියෙන්නේ. 

පියවර අංක 1 : http://www.etoropartners.com   මේකෙන් වෙන්නේ etoropartners කියන පිටුවට ඔයාලව සම්බන්ද කරන එකයි. ඒකෙනුත් පොඩි පොඩි වාසි තියෙනවා. 
පහල රූපයෙන් පෙන්වලා තියෙන තැන ක්ලික් කරලා අහල තියෙන විස්තර ටික නිවැරදිව සම්පුර්ණ කරන්න ඕන. අමතක කරන්න එපා මේකට බොරු විස්තර දෙන්න එපා. තමන්ගේ ඇත්ත විස්තර දෙන්න.
හරියට සම්පුර්ණ කලාට පස්සේ වෙන පිටුවකට යනවා. එකේ තියෙනවා ගොඩක් විස්තර. ඒවා හොඳින් කියවල බලන්න. ගොඩක් ප්‍රයෝජනවත් දේවල් තියෙනවා.

පියවර අංක 2 : http://www.etoro.com/  මෙතනත් ඔයාල ලියාපදිංචි වෙන්න ඕන. 

මෙතන ලියාපදිංචි වෙන විට ඔයාලා ලබා දෙන දුරකථන අංකයට මේ සයිට් එකෙන් කතාකරනවා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. ඒවාට පිළිතුරු දෙන්න. එච්චරයි. මේ ඇමතුමට කතා නොකලා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද සමහර අයට භාෂා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක එච්චර හිතන්න එපා. එකෙන් අහන්නේ මුලින්ම කොච්චර ආයෝජනය කරනවද ? කොහොමද සම්බන්ධ උනේ ? මේකට සම්බන්ද උනාම තියෙන වාසි, එයාලගේ සේවාව ගැන විස්තර වගේ පොඩි දේවල් ටිකක් ටිකක්.  
            දැන් ලියාපදිංචියත් ඉවරනේ.  ප්‍රධාන වැඩ ටික ඉවරයි. මේ ටික හදපු ගමන්ම සල්ලි දාලා වැඩේ පටන් ගන්න පුළුවන්. වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවනම් මේ පෙන්නපු වෙබ් පිටුවේම තියෙන WEB Trader එකෙන් වැඩ කරන්න පුළුවන්. එහෙම නැතිනම් ETORO සොෆ්ට්වෙයාර් ඒක තමන්ගේ පරිගණකයට දාගෙන මේක කරන්නත් පුළුවන්. සොෆ්ට්වෙයාර් ඒක මෙන්න මෙතනින් බාගන්න පුළුවන්. 
                  ඒත් කිසිම පුහුණුවක් නැතිව මේකට අත ගහන එක ලොකු පාඩු ලබන්න හේතුවක් වෙනවා. ඒක නිසා මේ සයිට් එකෙන් අපිට පුහුණු වෙන්න Practice Trading Mode එකකුත් දෙනවා. තමන්ගේ User Neme එකයි Password එකයි භාවිතා කරලා ඇතුළු වෙලා Practice කරන්න පටන් ගන්න අදම.  Practice Trading එකේ වැඩ කරන්න සල්ලිත් දෙනවා(හැබැයි ඒවා ඇත්ත සල්ලි නෙවෙයි). බලන්න web trader එකයි etoro software එකයි පෙනෙන හැටි.

මේ ගැන තවත් තොරතුරු මේ වගේම බ්ලොග් එකකින් බලාපොරොත්තු වන්න.
මේ  ගැන ඔබට ඇතිවන ගැටළු කරුණාකර කොමන්ටුවකින් ඉදිරිපත් කරන්න.

11 comments:

  1. සදුන් අය්යේ ‍ෆ්‍රී රෙජිස්ටර් වෙන තැන මගෙ මේල් එක ගහපුවම Already register කියනවා.එත් මම කලින් රෙජිස්ටර් වෙලා නැහැනෙ.

    ReplyDelete
  2. මල්ලි ඔය නොදැනුවත්ව හරි ඒ වැඩේ වෙලා තියෙනවා. එකට කරන්න තියෙන්නේ පාස්වර්ඩ් රිකවරි එකක් කරලා බලන්න. ඔයාට මතක නැතුවද දන්නේ නෑනේ

    ReplyDelete
  3. නැහැ අයියා ඊමේල් ඇඩ්‍රස් එක ගහපු තැන තමයි එහෙම වැටෙන්නේ.පාස්වර්ඩ් එක අවුලක් නැහැ කියනවා.

    ReplyDelete
  4. අජන්ත දැන් එහෙනම් තියෙන්නේ වෙන ඊමේල් එකක් පාවිච්චි කරන්න තමයි.

    ReplyDelete
  5. මට ඔයොන් පාඩු උනා කියමුකෝ එතකොට මෙකක් හරි ගිණුමකින් මගෙන් ඇත්තටම සල්ලි කැපෙනවද? පොඩිඩක් විස්තර කරනවද?

    ReplyDelete
  6. මට දැන් මෙකෙන් පාඩුවුනා කියමුකෝ එත කොට මගේ මොකක් හරි ගිණුමකින් ඇත්තට සල්ලි කැපෙනවද? අවුරැදු 14 කෙනෙක්ට මෙකට එක්වෙන්න පුලුවන්ද? හිතන්න එපා සල්ලි වලට පෙරේත කමට කියලා මම ඉගනගන්න කෙනෙක් නිසා එක එක වැඩ කරනවා එකයි මේ අහන්නේ

    ReplyDelete
  7. මල්ලිලා අපිට පාඩු උනොත් සල්ලි කැපෙනවා. ඒක වෙන්නේ අපි මුලින්ම ආයෝජනය කරන සල්ලි වලින්. අවම 100$ ක් අපි ආයෝජනය කරන්න ඕන. අපි ආයෝජනය කරන හැම 100$ටම 25%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි 100 $ක් දැම්මොත් අපිට 25$ක් නිකම්ම ලැබෙනවා. බය වෙන්න දෙයක් නෑ. මම දැනටමත් මේක කරනවා. ඔයාලට පුළුවන් ඊළඟ බ්ලොග් එකෙන් මගේ account statement එක බලාගන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මට මේක පෙහෙදිලි මදි

      Delete
  8. සදුන් අයියේ ලිපි ලැයිස්තුව මාතෘකා වලින් දැම්මොත් නරකද ?

    ReplyDelete

ඔබේ අදහස් / උදහස් / යෝජනා