Hard Drive, Pen Drive හරියටම මකන්නේ කොහොමද ?
මට මේ ලිපිය ලියන්න හිතුනේ පත්තරේක දැකපු සිද්ධියක් නිසා. ඒකත් කෙටියෙන්ම කියන්නම්. එක පුද්ගලයෙක් එයාගේ ඩිජිටල් කැමරාවේ ප්‍රශ්නයක් වෙලා හදන්න දීල තියෙනවා යාලුවෙකුට. යාළුවා ඒක හදන අතරේ කැමරාවේ තිබුන මෙමරි චිප් එක බලලා තියෙනවා. ඒ වගේම ඒක රිකවර් කරලා තියෙනවා. ඒ කියන්නේ මකලා දමපු ගොනු නැවත ලබාගෙන තිබෙනවා. ඒ ෆයිල් අතර අර කැමරාව දීපු කෙනාගේ අතිශය පුද්ගලික පින්තුරයකුත් තිබිල තියෙනවා. යාළුවා නිසා එයා ඒක පිටට යවලා නැහැ. යාලුවට මේ ගැන කියලා. ඒත් යාළුවා කියනවලු මම ඒක මැකුවා කොහොමද ගත්තේ කියලා.
කතාවේ ඉතිරි හරිය මම කියන්නේ නෑ. ඒක අපිට අදාල නෑ. කැමරාව අයිති යාළුවා ඇත්තටම දන්නේ නෑ අපි ළඟ තියෙන ගොඩක් මෙමරි චිප් ,පෙන් ඩ්‍රයිව් , හර්ඩ් ඩිස්ක් වගේ දේවල් වල මකල දාපු දේවල් නැවත ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ටික කියවපුවම ඔයාලටත් හිතෙයි මමත් අහවල් තැන මගේ අහවල් පින්තුරේ දාලා මැකුවා. ඒකත් අරගෙනද දන්නේ නෑ කියලා. ඔව් වෙන්න පුළුවන්. අද තියෙන තාක්‍ෂණයෙන් ඒක ඉතාමත් පහසුවෙන් සුළු වෙලාවක් ඇතුලත කරගන්න පුළුවන්. මතකය තැන්පත් කිරීමට අපි භාවිත කරන ගොඩක් දේවල් තියෙනවා. මම කීපයක් කියන්නම්. හාර්ඩ් ඩිස්ක් , අතේ ගෙනයාහැකි හාර්ඩ් ඩිස්ක්, පෙන් ඩ්‍රයිව්, MP3 ප්ලේයර්, ජංගම දුරකථන වල භාවිතා වන මෙමරි චිප් වගේ දේවල්. මේ කීපයක් විතරයි. ඔය වගේ තවත් විවිධ වර්ග තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපි මේවට අපේ අතිශය පෞද්ගලික දේවල් දාලා තියෙනවා. ඒ වගේම මකල දානවා. මේ දේවල් අතර පින්තූර වගේ දේවලුත් තියෙනවා. සමහර පින්තූර පිටස්තර කෙනෙක් අතට පත් උනොත් අපිව ගොඩක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන් කම තියෙනවා. ඒ වගේම අනවශ්‍ය කරදර ගොඩකට පැටලෙන්නත් ඉඩ තියෙනවා. ඒත් එහෙම කියල මේ උපකරණ පාවිච්චි නොකර ඉන්නත් බෑනේ නේද. කරන්න තියෙන හොඳම දේ උපකරණ පාවිච්චි කරන්න. වෙන කෙනෙක් අතට පත් කරනවානම්, විකුනනවානම් පමණක් සම්පුර්ණයෙන්ම මකල දාල දෙන්න. ඒත් කොහොමද සම්පුර්ණයෙන් ඒක කරන්නේ. පුළුවන් ඒකට කියන්නේ වයිප්(Wipe) කරනවා කියලා. ඒකටත් ගොඩක් සොෆ්ට්වෙයාර් වර්ග හොයා ගන්න පුළුවන්. මුදල් ගෙවල වගේම නොගෙවා නොමිලේම ගන්න පුළුවන් ඒවා ගොඩක් තියෙනවා. වර්ග ගොඩක් තියෙන නිසා මම කරන ක්‍රමේ ගැන කියන්නේ නෑ. අනික මහලොකු දෙයක් කරන්නත් නෑ. කැමති එකක් බාගෙන කරලම බලන්නකෝ. සොෆ්ට්වෙයාර් බාගන්න ලින්ක් ටික පහලින් දානවා. කරලා බලලම ප්‍රශ්න තියෙනවනම් කොමන්ට් කරන්න.
Link 1: http://adf.ly/VSihc
Link 2 : http://adf.ly/VSilM
Link 3 : http://adf.ly/VSipN

ඔය මොනවා කරත් Dell Recovery Center එකට දුන්නම ආයේ Hard disk එක හදපු දවසේ ඉඳන් තිබ්බ Data වෙන 2 TB Hard disk එකක ලියල දෙනවා. Recover කරන්න බැරි වෙන්න මේ ලෝකේ කරන්න පුළුවන් එක දෙයි ඒතමයි Hard Disk එක මිටියකින් තලලා දෙකට කඩන එක
ReplyDeleteකියක් විතර ගන්නවද ඈ. :P
DeleteRS 75000 k withara
ReplyDeleteදැන් එතකොට ඒ සල්ලි දෙන්නේ ඔයාද. ඔය හිතනවද කව්රුවත් නිකන් හම්බුන හර්ඩ් එකක් රු 75000 ක දීලා රිකවර් කරගනී කියලා. මේකේ මම කියල තියෙන්නේ කරන්න පුළුවන් දෙයක්. මේක ඔයාට විශ්වාස නැතිනම් කරලා බලන්න.
Delete