Saturday, June 9, 2012

වින්ඩෝස් 7 Install කරන්නේ කොහොමද ?

වින්ඩෝස් 7 Install  කරන්නේ කොහොමද ?

             මුලින්ම  ඔබ ළඟ තියෙන වින්ඩෝස් 7 DVD එක ඩ්‍රයිව් එකට දාගන්න. මේ වෙනකොට පරිගණකයේ පලවෙනි Boot Device එක DVD ඩ්‍රයිව් එක විදියට හදාගෙන තියෙන්න ඕන. ඒක හරියට වෙලා තියෙනවනම් රූපයේ පෙනෙන ආකාරයට වින්ඩෝස් ස්ථාපිත වීම ආරම්භ වෙනවා.


 

 

ඔන්න දැන් තමයි පටන් ගන්නේ. මේකේ තියෙන දේවල් වෙනස් කරන්න අවශ්‍ය නෑ. මේ විදියටම තියලා ඉදිරියට යන්න.
 

දැන් "Install Now" කියන එක ක්ලික් කරන්න ඉදිරියට යන්න.
 

මේකේ තියෙන Check Box එකට ලකුණක් දැම්මේ නැති උනොත් අපිට ඉදිරියට යන්න බෑ. ඒක නිසා " I accept the license terms" කියන එකට හරි ලකුණක් දාන්න. ඉදිරියට යන්න.
 

මෙතැනදී තේරීම දෙකක් ලැබෙනවා. ඔබ දැනට වින්ඩෝස් 7 ස්ථාපිත කරලා තිබෙන පරිගණයක නැවත ස්ථාපිත කිරීමට නම් පළවන තේරීමට යන්න ඕන. අලුතෙන්ම පරිගණකයට වින්ඩෝස් 7 ස්ථාපිත කිරීමට නම් දෙවෙනි තේරීමට යන්න ඕන. අපි දෙවෙනි තේරීම අනුව තමයි ඉදිරියට යන්නේ.

ඒ පියවරෙන් පස්සේ පරිගණකයේ Hard Disk එකේ ඉන්ස්ටෝල් කරන්නේ කොතනටද කියන එක කියන්න ඕන. අලුත්ම පරිගනකයක් නම් පහත රුපය ආකාරයට පෙන්වනවා. එහෙම උනොත් අපි අලුතෙන් Partition හදන්න ඕන. ඔය පහත රූපයේ පෙන්වල තියෙන තැන ක්ලික් කරලා ඒ ටික කරගන්න පුළුවන්. 10 Gb හෝ ඊට වැඩි ප්‍රමාණයක් C Drive එකට ඉඩ තියන්න. නැතිනම් පස්සේ මදි වෙන්න පුළුවන්. මමනම් සාමාන්‍යයෙන් 40 වත් දෙනවා.
 

කලින් Operating System එකක් දාලා තිබුනානම් මේ පහල තියෙන විදියට පේන්න පුළුවන්. මෙහෙම අවොත් අපි C Drive එක තෝරන්න ඕන. ඒ වගේම අපිට අවශ්‍යනම් Drive එක Format කරගන්නත් පුළුවන්. මමනම් අලුතෙන් දාන වෙලාවට Format කරලම තමයි ගන්නේ. එතකොට පරණ තිබුන ඒවා ඔක්කොම පිරිසිදු වෙලා එන්නේ.
 Windows 7 partitions

එහෙම තෝරලා දුන්නට පස්සේ මෙන්න මෙහෙම පෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අවශ්‍ය දේවල් Copy කරගන්න පටන් ගන්නවා.
 

 

ඒ ටික අවසන් උනාට පස්සේ පරිගණකය Restart වෙනවා.
 

 

ඔන්න දැන් හැමදේම ඉවර වෙන්න ලඟයි.
 

 

මෙතනට ඔයාට කැමති නමක් දාගන්න.

පාස්වර්ඩ් එකකුත් දාගන්න. දාපු එක මතක තියාගන්න.
 

 
මෙතැනදී තමයි CD කවරේ ලියල තියෙන දිග අංක ටික දෙන්න ඕන.
 

මෙතැනදී හැමදාම වින්ඩෝස් Update කරන්න බලාපොරොත්තු වෙනවනම් පළමු කොටස හෝ දෙවෙනි එක තෝරන්න. එහෙම නැතිනම් තුන් වෙනි එක තෝරන්න.


දැන් හරියට වෙලාව හදාගන්න. හරි Time Zone එක තෝරන්න අමතක කරන්න එපා.
 

මෙතනින් Work network කියන එක තෝරන්න.

දැන්  ටික වෙලාවකින් පහල තියෙන විදියට පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වැඩේ ඉවරයි. දැන් ඔබට පුළුවන් අවශ්‍ය කරන අනෙක් Software එහෙම Install කරගන්න. විශේෂයෙන් කියන්න ඕන ඔයාල භාවිත කලේ නීතිවිරෝධී වින්ඩෝස් Copy එකක් නම් වින්ඩෝස් Update කරන්න එපා. එහෙම උනොත් අපහු වින්ඩෝස් දාන්න වෙයි. ඒක වලක්වා ගන්න ක්‍රම තියෙනවා. මම කලින් ලියපු ලිපියක තියෙනවා එක කරගන්නේ කොහොමද කියලා. ඒක කියවල බලන්න. මෙන්න ඒකේ ලින්ක් එක.

මේ වැඩේ කරගෙන එනකොට සමහර පොඩි පොඩි දේවල් වෙනස් වෙන්න පුළුවන්. මොකද එක එක්කෙනාගේ තේරීම් වෙනස් වෙන නිසා. ඒත් සාමාන්‍ය පොදු ක්‍රමය තමයි මේ. ඒ වගේම පාවිච්චි කරන DVD එකේ තියෙන ප්‍රශ්න නිසා ස්ථාපිත කිරීම මගදී නවතින්න හැකියාව තියෙනවා. ඒක නිසා හොඳ තත්වයේ  DVD එකක් පාවිච්චි කිරීමට හැම වෙලාවෙම වග බලාගන්න.

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

6 comments:

  1. නියමයි .වැඩේ වටිනවා දන්නැති අයට

    ReplyDelete
  2. windows7 home premium wala language eka italy walin thiyana eka english walata chang karanne kohomada kiyala.kiyala denawada.wadagath lipiyak wei hamotama.

    ReplyDelete
    Replies
    1. ඒකටනම් windows 7 ultimate වලට යන්න වෙනවා.

      Delete
  3. mma nodanna deyak thamai mata danna ganna labunne thnxxxxxxxxx

    ReplyDelete
  4. ගොඩාක් හොදයි. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  5. Niyamai Hoda Website Ekak Idiriyatama Yanna

    ReplyDelete

ඔබේ අදහස් / උදහස් / යෝජනා