Forex ගැන සිංහලෙන් ඉගෙන ගනිමු
විදේශ මුදල් හුවමාරු Forex යනුවෙන් හදුන්වනු ලබයි. Foreign සහ Exchange යන වචනවල මුල් අකුරු කීපය එකට ඈදීමෙන් යන වචනය නිර්මාණය කර ඇත. Forex යනු ලොව විශාලතම මූල්‍ය වෙලඳපලයි. මෙහි දිනකට ගනුදෙනු වන මුදල් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4 ක් පමණ වේ. (4000000000000). නිව්යෝර්ක් කොටස් හුවමාරු වෙලඳපලෙහි දිනකට හුවමාරුවන මුදල් ප්‍රමාණය වන ඩොලර් බිලියන 25 සමග (රු 25000000000) සැසඳීමෙන් Forex වෙළඳපල මොනතරම් විශාල දැයි අවබෝධකරගත හැක. නිව්යෝර්ක් කොටස් වෙළඳපලේ හුවමාරුවන මුදල් ප්‍රමාණය මෙන් 160 ගුණයක් පමණ මුදල් ප්‍රමාණයක් Forex වෙළඳපලේ හුවමාරු වෙයි.
විදේශ මුදල් හුවමාරු වෙළදපලේ අලෙවි වන්නේ මොනවා ද?
මේ සදහා දියහැකි සරලම පිළිතුර නම් මුදල්ය. Forex trading යනු යම් මුදල් වර්ගයක් මිලදී ගැනීම හා එය වෙනත් මුදල් වර්ගයකට විකිණීමයි. මුදල් වෙලදාම් කරනු ලබන්නේ තැරැව්කාර සමාගමක් මගිනි. Forex වෙළදපලේ විවිධ රටවල මුදල් ඒකක යම් සම්මත ක්‍රමයක් අනුව යුගල් කර ඇත. උදා: EUR/USD, GBP/JPY, USD/CAD ආදී ලෙස. ඇමරිකානු ඩොලරයේ වටිනාකම දුර්වල වන විට යුරෝ යොදවා ඩොලර් මිලදී ගෙන පසු අවස්ථාවක ඩොලර් වටිනාකම ඉහල ගිය විට ඩොලර් විකුණා ලාභ ලැබිය හැකිය.
Forex වෙළදපල
Forex වෙළදපල යනු ලෝකයේ ජනප්‍රියම සහ විශාලතම මූල්‍ය වෙලදපලයි. එයට හේතුව එහි ලෝකයේ විශාල පුද්ගලයන් සංඛ්‍යාවක් මෙන්ම ආයතන සංඛ්‍යාවක් වෙලදාම් කරන හෙයිනි. Forex වෙළදපලේ වැඩිපුරම හුවමාරුවන මුදල් වර්ගය වන්නේ ඇමරිකානු ඩොලර්ය. (USD) එහි වෙළදපල සහභාගිත්වය 86% කි. යුරෝවල වෙළදපල පංගුව 37% ක් පමණ වේ. තුන්වන ස්ථානයේ පසුවන ජපන් යෙන් (JPY) වල වෙළදපල පංගුව 16.5% ක් වේ.
Forex ශිල්ප ක්‍රම ඉගෙන ගනිමු.
3 Candle Method- Time frame : M5
- Currency pair : EUR/USD, GBP/USD
- අනුයාත candles තුනක් තෝරාගන්න. බෑවුමක් සහිතව ඉහල ගිය ඒවා හෝ පහල ගිය ඒවා විය යුතුයි.
- එම candles තුනම මැදිවන පරිදි ඉහලම සහ පහලම ලක්ෂ යාකරමින් රේඛා 2 ක් අදින්න.
- ඉහළින් ඇදී රේඛාව කපාගෙන candle එකක් ගමන් කළහොත් buy කරන්න. පහලින් ඇදී රේඛාව කපාගෙන candle එකක් පහලට ගමන් කළහොත් sell කරන්න.
- Take profit 15 pips සුදුසුය.
- Stop loss 30 pips ලෙස සකස්කරන්න.
- ප්‍රවෘත්ති නිකුත්වන අවස්ථාවල මෙම ක්‍රමය භාවිතා නොකරන්න.
- 1.3700, 1.3750, 1.3800 වැනි රවුම් අගයන් මගහැර stop loss හා take profit සකසන්න.
සියල්ල කෙටියෙන්
මෙම ඉදිරිපත් කර ඇති කරුණු වල සාරාංශය නම් මුදල් වර්ගයක අගය පහල යන අවස්ථා වලදී Sell කිරීමෙන් ලාභ උපයාගත හැක. එසේම මුදල් වර්ගයක අගය ඉහල යන අවස්ථා වලදී Buy කිරීමෙන් ලාභ උපයාගත හැක. මෙම සාරාංශයන් මූලික කරගනිමින් ක්‍රියා කල විට ඉතා ඉක්මනින් වැඩි ලාභයක් කරා යා හැක.
මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.




ela kiri......
ReplyDelete