Monday, December 12, 2011

Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? ලිපි අංක 1

Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ?

       Forex කියන්නේ මොනවද කියලා මගේ "Forex ගැන සිංහලෙන් ඉගෙන ගනිමු" පිටුවෙන් ඔයාලා දැන ගන්න ඇති.  මම කියලා දෙන්නේ ජනප්‍රියම Forex Trading වර්ගයක් ගැන. මම උඩින් තියෙන ලෝගෝ එකෙන් පෙන්නලා තියෙන්නේ ඒ වර්ගයයි. ඒ තමයි Etoro කියන එක. මම සම්බන්ධ වෙලා ඉන්නෙත් මේකට. මේකට ඇතුළු වෙන්න කිසිම වියදමක් යන්නේ නෑ. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර අයනම් මේකට සල්ලි අරගෙන කරලා දෙනවා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. මොකද මම දැන් මේ Forex වලින් සල්ලි හොයන කෙනෙක්. මේක අනිත් ඒවා වගේ නෙවෙයි. නිකම්ම සල්ලි ලැබෙන්නේ නෑ. අපි ආයෝජනයක් මුලින්ම කරන්න ඕන. ඒ ආයෝජනය කරන සල්ලි වලින් තමයි අපි ගනු දෙනු කරලා මුදල් උපයා ගන්න ඕන. ඒ වගේම කියන්න ඕන මේක ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් ඒවා කොහෙවත් නෑ. ගොඩක් අය ගොඩක් දේවල් කීවට ඒවා බහුතරයක් බොරු බව ඔයාල දන්නවා. මොකද ඒවගෙන් ඔය කියන තරම් හම්බ වෙනවනම් අපිට වෙන රැකියාවක් නොකර ගෙදර ඉන්න පුළුවන්. මේකෙන් ලාබ වගේම පාඩු වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයාලගේ දක්ෂ කම සහ මේ වෙනුවෙන් වෙන් කරන වෙලාව මත. මමත් මුලින් පාඩු වින්දා. ඒත් දැන් මම ලාබ ගන්නවා. මහන්සි වෙලා හොයාගත්තු දේවල් මම ඔයාලට නොමිලේම කියලා දෙන්නම්. මම ඒකට සල්ලි ගන්නේ නෑ කාගෙන්වත්. අද බ්ලොග් එකෙන් මම මේ etoro වල ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. එහෙනම් වැඩේ පටන් ගමු.
                  මුලින්ම මේ ලින්ක් වලට ගිහින් ලියාපදිංචි වෙන්න ඕන. හරිම ලේසි පියවර කීපයක් විතරයි තියෙන්නේ. 

පියවර අංක 1 : http://www.etoropartners.com   මේකෙන් වෙන්නේ etoropartners කියන පිටුවට ඔයාලව සම්බන්ද කරන එකයි. ඒකෙනුත් පොඩි පොඩි වාසි තියෙනවා. 
පහල රූපයෙන් පෙන්වලා තියෙන තැන ක්ලික් කරලා අහල තියෙන විස්තර ටික නිවැරදිව සම්පුර්ණ කරන්න ඕන. අමතක කරන්න එපා මේකට බොරු විස්තර දෙන්න එපා. තමන්ගේ ඇත්ත විස්තර දෙන්න.
හරියට සම්පුර්ණ කලාට පස්සේ වෙන පිටුවකට යනවා. එකේ තියෙනවා ගොඩක් විස්තර. ඒවා හොඳින් කියවල බලන්න. ගොඩක් ප්‍රයෝජනවත් දේවල් තියෙනවා.

පියවර අංක 2 : http://www.etoro.com/  මෙතනත් ඔයාල ලියාපදිංචි වෙන්න ඕන. 

මෙතන ලියාපදිංචි වෙන විට ඔයාලා ලබා දෙන දුරකථන අංකයට මේ සයිට් එකෙන් කතාකරනවා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. ඒවාට පිළිතුරු දෙන්න. එච්චරයි. මේ ඇමතුමට කතා නොකලා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද සමහර අයට භාෂා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක එච්චර හිතන්න එපා. එකෙන් අහන්නේ මුලින්ම කොච්චර ආයෝජනය කරනවද ? කොහොමද සම්බන්ධ උනේ ? මේකට සම්බන්ද උනාම තියෙන වාසි, එයාලගේ සේවාව ගැන විස්තර වගේ පොඩි දේවල් ටිකක් ටිකක්.  
            දැන් ලියාපදිංචියත් ඉවරනේ.  ප්‍රධාන වැඩ ටික ඉවරයි. මේ ටික හදපු ගමන්ම සල්ලි දාලා වැඩේ පටන් ගන්න පුළුවන්. වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවනම් මේ පෙන්නපු වෙබ් පිටුවේම තියෙන WEB Trader එකෙන් වැඩ කරන්න පුළුවන්. එහෙම නැතිනම් ETORO සොෆ්ට්වෙයාර් ඒක තමන්ගේ පරිගණකයට දාගෙන මේක කරන්නත් පුළුවන්. සොෆ්ට්වෙයාර් ඒක මෙන්න මෙතනින් බාගන්න පුළුවන්. 
                  ඒත් කිසිම පුහුණුවක් නැතිව මේකට අත ගහන එක ලොකු පාඩු ලබන්න හේතුවක් වෙනවා. ඒක නිසා මේ සයිට් එකෙන් අපිට පුහුණු වෙන්න Practice Trading Mode එකකුත් දෙනවා. තමන්ගේ User Neme එකයි Password එකයි භාවිතා කරලා ඇතුළු වෙලා Practice කරන්න පටන් ගන්න අදම.  Practice Trading එකේ වැඩ කරන්න සල්ලිත් දෙනවා(හැබැයි ඒවා ඇත්ත සල්ලි නෙවෙයි). බලන්න web trader එකයි etoro software එකයි පෙනෙන හැටි.

මේ ගැන තවත් තොරතුරු මේ වගේම බ්ලොග් එකකින් බලාපොරොත්තු වන්න.
මේ  ගැන ඔබට ඇතිවන ගැටළු කරුණාකර කොමන්ටුවකින් ඉදිරිපත් කරන්න.

Friday, December 9, 2011

Windows 7 වල Partition හදාගන්නේ කොහොමද

Windows 7 වල Partition හදාගන්නේ කොහොමද  ?


              ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ලැප්ටොප් එක හරි ඩෙස්ක් ටොප් එක හරි ගත්තට පස්සේ ගොඩක් වෙලාවට Partition තියෙන්නේ 1 යි . ඒ කිවේ C: Drive විතරයි. සම්පුර්ණ Hard Disk ඉඩ ප්‍රමාණයම C: Drive එකට Allocate වෙලා. නමුත් අපිට තවත් Partition කීපයක් හදාගන්න ඕන නම් මොකද කරන්නේ. ගොඩක් අයනම් කියන්නේ Partition කඩන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් දාගෙන වැඩේ කරගන්න කියලා. නමුත් Partition 3 ක් විතර ඕන නම් ඔය මොකුත් සොෆ්ට්වෙයාර් ඕන නෑ. වින්ඩෝස් ඇතුලේ ඉඳලම ඒක කරගන්න පුළුවන් පහසුකම් තියෙනවා. හැබැයි 3 කට වැඩිය ඕනෙනම් වෙන සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා.  කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩ ටිකක්. එහෙනම් අපි වැඩේ පටන් ගමු.
              
              මුලින්ම ඩෙස්ක්ටොප් එකේ පෙන්න තියෙන Computer අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Manage කියන එකට යන්න.

ඊට පස්සේ පෙන්නේ මෙන්න මේ විදියේ එකක්. එකේ තියෙනවා Disk Management කියලා එකක් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එන වින්ඩෝ එකේ තියෙන දේවල් හොඳට බලන්න. මේකේ තියෙන අගයන් ඔයාලගේ පරිගණකයේ අගයන් එක්ක වෙනස් වෙන්න පුළුවන් ඒත් මේ දේවල්ම තමයි තියෙන්නේ. 

දැන් ඒකේ තියෙන C: Drive එක උඩ රයිට් ක්ලික් කරලා Shrink Volume කියන එක ක්ලික් කරන්න.
දැන් මෙන්න මේ වගේ එකක් එනවා. මෙතැනදී ටිකක් සැලකිල්ලෙන් වැඩ කරන්න ඕන. මොකද මෙතැනදී කරන දේ තමයි අපේ වැඩේ වැදගත්ම තැන වෙන්නේ.
මෙතන අන්තිමට තියෙන අගය තමයි වින්ඩෝස් වලට දැනට අවශ්‍යය ධාරිතාවය. ඒ වගේම Enter the amount of space to shrink in MB: කියන්නේ අපට හදාගන්න බලාපොරොත්තු වෙන අලුත් Partition එකට හෝ දෙකට ඉතිරි වී ඇති ඉඩ ප්‍රමාණයයි. අපට පුළුවන් මේ ඉතිරි වී ඇති මුළු ඉඩ ප්‍රමාණයම තවත් Partition එකකට හෝ දෙකකට යොදා ගන්නට. ඒත් සැලකිලිමත් වියයුතු ප්‍රධාන දෙයක් තමයි. අපට ලබා ගතහැකි මුළු ඉඩ ප්‍රමාණයම යොදා නොගත යුතුයි. එයට හේතුව මේ C: Drive එකට තවත් යම් යම් සොෆ්ට්වෙයාර් එකතු කිරීමට ඉඩ තිබිය යුතුයි. මම 1000 MBක් පමණ වැඩිපුර C: Drive එකට ඉතිරි කරලා ඉතිරි ප්‍රමාණය වෙන් කර ගන්නවා.
  දැන් පහතින් තියෙන Shrink කියන butten එක ඔබන්න. බලන්න මොකද වෙන්නේ කියලා.


යම් කොටසක් Unallocated විදියට තියෙනවා. මේ කොටස තමයි. අපේ වැඩේට යොදා ගන්නේ. දැන් මේ  Unallocated කොටස උඩ රයිට් ක්ලික් කරලා  New Simple Volume කියන එක ක්ලික් කරන්න.
 
 ඒකට  පස්සේ එන්නේ මේ වගේ එකක්.
මම තවත් Partition එකකට ඉඩ තියලා 4000 MB විතරක් ගත්තා. මේ විදියට වෙනස් කරගෙන ඊළඟ පියවරට යන්න.
මේතැනත් මොකුත් වෙනස් කරන්න අවශ්‍ය නෑ ඉදිරියට යන්න.
මේ විදියට හදාගෙන ඉදිරියට යන්න.
දැන් හොඳට බලන්න වෙලා තියෙන දේ. මම වෙන් කරගත්තු කොටසින් Partition එකක් හැදිලා තවත් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒකෙනුත් මම හදපු විදියට තවත් Partition එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම අපට තව අවස්ථා එකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒක හදන හැටි මම කියන්නේ නෑ. ඒක දැන් ඔයාලට පුළුවන්. මේ විදියට අපිට Partition 3 ක් දක්වා හදන්න පුළුවන්. ඊට වඩා හදනවනම් වෙන සොෆ්ට්වෙයාර් එකක සහය ගන්න වෙනවා. ගොඩක් දුරට වෙන සොෆ්ට්වෙයාර් එකකින් මේ වැඩේ කලත් මේ වගේ තමයි. පොඩි පොඩි වෙනස් කම් තිබුනත් ක්‍රමේ මේකම තමයි. මේ ටික ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.




මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න