FLASH DRIVE එකෙන් COMPUTER එක ලොක් කරන්න යතුරක් හදමු
මම ඉස්සර වෙලාම පැහැදිලි කරන්නම් මොකද්ද කරන්න යන්නේ කියල. අපි දොරක් ,ලාච්චුවක් වගේ එකක් ලොක් කරන්න යතුරක් පාවිච්චි කරනවනේ. යතුර නැතුව ඒක අරින්න බෑනේ. මේකත් ඒ වගේ වැඩක්. flash drive ඒක තමා computer එක ලොක් කරන යතුර. flash drive එක ගහලා තියෙන තුරු computer ඒක සාමාන්‍ය විදියට වැඩ කරනවා. බැරි වෙලාවත් ගැලෙව්වොත් computer එක ලොක් වෙනවා. නියමයි නේද වැඩේ. password ගහ ගහ ඉන්න ඕන නෑ. flash drive එක ගැහුවා අයෙත් වැඩ පටන් ගත්තා. ඉස්සර වෙලාම මෙන්න මේ software එක බාගන්නකො. යට තියෙන ලින්ක් එකේ ඒක තියෙනවා. free version එක අපිට හොඳටම ඇති. ඔයාලගේ computer එකට ගැලපෙන එක බාගන්න.
software එක ගත්තනේ. දැන් සාමාන්‍ය විදියට ඒක install කරගන්න............. ඒකත් හරිනේ. දැන් software එක start කරන්න. message එකක් එයි flash drive එක සම්භන්ද කරන්න කියලා.
ඒකත් කරන්න. ඊට පස්සේ මතු වෙනවා මෙන්න මේ වගේ window එකක්.
ඒකත් කරන්න. ඊට පස්සේ මතු වෙනවා මෙන්න මේ වගේ window එකක්.
මේකේ උඩම තියෙන read interval, write interval, screen darkness වල අගයන් උපරිම අඩු කරගන්න. එතකොට ලොක් වෙන්න යන වෙලාව ඉක්මන් වෙනවා. ඊට පස්සේ password කොටසේ තියෙන new password එකට ඔයාට ඕන කරන පාස්වර්ඩ් එක දෙන්න. ඊට පස්සේ create key කියන එක click කරන්න. දැන් වැඩේ හරි. ටිකක් වෙලා ඉඳලා flash drive එක ගලවලා බලන්න මොකද වෙන්නේ කියලා. මේකේ තව තව දේවල් තියෙනවා. පාවිච්චි කරලා බලන්න. මම කරලා බැලුවා නියමෙට වැඩ කරනවා.
මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකක් විදියට දාන්න.


flash drive 1 ka කක්‍රියාවිරහිත උනොත් (කැඩූනොත්) මොකද වෙන්නේ?
ReplyDeleteflash drive එක කැඩුනොත් නම් ඉතින් සොරි තමයි. ගෙදර යතුර නැති උනොත් ඔය මොකද කරන්නේ. ඒ දේම තමයි කරන්න තියෙන්නේ. හැබැයි එහෙම කීවට තවත් ක්‍රම නැත්තේම නැහැ. මගේ ලනග නම් තියෙනවා පොඩි පොඩි හොර වැඩ ඕවට. අවශ්‍ය උනොත් කියන්න ඕන වෙලාවක රෙඩි
ReplyDeleteNiyameta wada karanawa... thanks....Dear BUT
ReplyDeletePen Eka Wada karanne nathuwa giyoth kohomada Computer eke wada karanne???
Palihawadana, pen ekanam tikak parissam karaganna wenawa. gedaraka yathurak nathi wenawa wage thamai. namuth baya wenna epa. pc eka format karanne nathiwa meka godin beraganna puluwan. windos repair parak dammanam wade goda. ehema kalata pc ekata kisi wenasak wenne nane. samahara wita safe mode gihinuth software eka remove kaloth wade hari. mama eka karala baluwe na. oya nisa ekath karalaa balanamko
ReplyDelete