USB Dongle එකක් UNLOCK කරන්නේ කොහොමද ?
හැමෝම මගෙන් වැඩිපුරම අහන දෙයක් ගැන අද කියල දෙන්න හිතුවා. මගේ පරිගණක රහස් ෆේස්බුක් පිටුවෙත් ගොඩක්ම වෙලාවට ඇහෙන ප්‍රශ්නයක් තමයි මේක. සමහර අය විසඳුම් දුන්නත් මම පරික්ෂා කරලා බලල තියෙනවා බහුතරයක්ම සාර්ථක නෑ. අද මම ඇත්තටම සාර්ථක ක්‍රමයක් කියල දෙන්නම්. මේක සාර්ථකයි කියන්නේ මම ඇත්තටම කරලා බලපු නිසා. අපි භාවිතා කරන ඩොන්ගල් වර්ග කීපයක්ම තියෙනවා. ඒ අතරින් මම මුලින්ම මම භාවිතා කරන වර්ගයම ගන්නම්. මට තියෙන්නේ Huawei e303කියන වර්ගයේ එකක්. මේක මම අන්ලොක් කරගන්න ක්‍රමයක් හොයා ගන්න ගොඩක් මහන්සි උනා. අන්තිමට සාර්ථක ක්‍රමයක් හොයා ගත්තා. ඒ වගේම මේකත් කියන්න ඕන. මම කියල දෙන ක්‍රමය මුලින්ම මම හොයාගත්ත එකක් නෙවෙයි. ඒත් හැමදේම එකතැනකට ගෙන්න ඕන කියල හිතුන නිසා වැඩිපුරම භාවිත වෙන වර්ග කීපයක් සඳහා විසඳුම් මම ලියන්න හිතුවා.
ගොඩක් අය ළඟ තියෙනවා IMEI අංකය දීල ඩොන්ගල් එකේ Unlock Code එක හොයා ගන්න පුළුවන් ක්‍රම. ඒත් දැන් තියෙන සමහර ඩොන්ගල් වලට ඒ ක්‍රමය සාර්ථක නෑ. මටත් උනේ ඒකම තමයි. ඒත් අත්හදා බැලීම් වලට මේකත් ඕන වෙනවා. මම භාවිත කරපු සොෆ්ට්වෙයාර් දෙකක් තමයි මේ තියෙන්නේ
මේ දෙකත් ගොඩක් වර්ග වලට වැඩ කරනවා. මේකෙන් දෙන්නේ සාමාන්‍ය විදියටම Unlock Code එකක් සහ Flash Code එකක්. ඒත් දැනට අලුතෙන් එන ඩොන්ගල් වර්ග වල මිට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා ඇත්තටම මේ Code එක අපේ උපාංගයට අදාල IMEI අංකය භාවිතා කරලා හදාගන්න අංකයක්. ඒත් සාමාන්‍යයෙන් භාවිත කරන පැරණි ක්‍රමයේ Algorithm එකෙන් ලබාදෙන Code එකට වැඩිය අලුත් Algorithm තියෙනවා. එය හඳුන්වන්නේත් New Algorithm Unlock Code කියලමයි. අනිත් සොෆ්ට්වෙයාර් වගේ මේකටනම් තාම අපේ පරිගණකයේ තියාගෙන භාවිතා කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මට හොයා ගන්න බැරි උනා. ඒත් ඒක කරගන්න ක්‍රමයක් මට හොයා ගන්න පුළුවන් උනා. මේකට අපිට අවශ්‍ය කරන්නේ ක්‍රියාකාරී ජීමේල් ගිණුමක්. ඒ වගේම එක ජීමේල් ගිණුමකින් වාර 10 ක් දක්වා අපට අලුත් Unlock Code ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට වැඩිය ඕනනම් ඉතින් කරන්න ඕන දේ මම අමුතුවෙන් කියන්න ඕන නෑ. මෙන්න මේක තමයි ලින්ක් එක
මේ පිටුවට ගියාම මෙන්න මේ වගේ කොටසක් පේනවා
ඊට පස්සේ පහල රුපයේ විදියට පෙනේවි. එතනට ඔයාගේ ඩොන්ගල් එකේ IMEI අංකය සහ වර්ගය දෙන්න ඕන. වර්ගයනම් නිකම්ම වචනයක් විතරයි. ඒක කොහොම ලීවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි IMEI එක හරියටම දෙන්න. නිවැරදිව දත්ත ලිවීමෙන් පසු CALCULATE කියන එක ක්ලික් කරන්න. ඔබට තව කොපමණ කෝඩ් ප්‍රමාණයක් ලබා ගත හැකිද කියලත් ඉහළින් පේනවා ඇති. ඊට වඩා අවශ්‍යනම් මුදල් ගෙවීමක් කලයුතුයි.
දැන් ගොඩක්ම වැඩ ඉවරයි. ඒත් තාම අපට අවශ්‍ය දේ ලැබිල නෑ. ඒකටනම් මේ පිටුවේ අයිතිකාරයට පොඩි උදව්වක් කරන්න වෙනවා. පහල රුපයේ පෙන්නලා තියෙනවා කරන්න ඕන උදව්ව. අපිට අමාරු දෙයක් නෙවෙයි. එයාගේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් සහ ගුගල්+ පිටුවට එකතු වෙන එක. ඒක අනිවාර්යෙන්ම කරන්න ඕන. අපේ වැඩේ කරගන්නත් ඕනනේ .
ඔන්න ඊට පස්සේ ඔයාට පේනවා ඇති අපිට අවශ්‍ය දේ ලැබිල තියෙනවා. පරණ Code එක වගේම මම කියපු New Algorithm Unlock Code එකත් ලැබිල තියෙනවා. රතු පාටින් NEW ALGO CODE කියල පෙන්වන්නේ ඒක.
දැන් සාමාන්‍ය විදියට වෙනත් වර්ගයක සිම් කාඩ් පතක් ඇතුල් කොට ඔබේ ඩොන්ගලය පරිගණකයට සම්බන්ධ කරන්න. ටික වෙලාවකින් Unlock Code එක ඇතුලත් කරන ලෙසට Dialog box එකක් ඔබට ලැබෙයි. එයට ලබාගත් අංකය නිවැරදිව ඇතුල් කරන්න. එක් වරකට වැඩිය මෙය කරන්න එපා. ඔබ ලබාදුන් අංකය භාර නොගන්නේනම් එයින් කියවෙන්නේ එම ක්‍රමයෙන් ඔබේ ඩොන්ගලය Unlock කල නොහැකි බවයි. ඒ නිසා වෙනත් ක්‍රමයක් අත්හදා බැලිය යුතු වෙනවා. මෙසේ ඔබට Unlock Code ඇතුලත් කල හැක්කේ වාර 10 ක පමණයි. වාර 10 න් පසු තවදුරටත් ඇතුලත් කිරීම් කල නොහැකි තත්වයකට ඩොන්ගලය පත් වෙනවා. ඒ නිසා අනවශ්‍ය ලෙස ඇතුලත් කිරීමෙන් වලකින්න. මේ වාර 10 යේ Counter ය ද නැවත මුල් තත්වයට ගෙන ඒමට හැකියාව තියෙනවා. නමුත් එය තරමක් අපහසුයි. දැනටමත් මම ඒ සම්බන්ධව අත්හදා බැලීම් කරමින් සිටින අතර ඉදිරියේදී මේ ලිපියටම ඒ ගැනද එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔබට මතුවන ගැටළු සම්බන්ධව ඔබට මේ පිටුවේ වගේම මගේ පරිගණක රහස් ෆේස්බුක් පිටුවෙන්ද ප්‍රශ්න ඇසීම කල හැකියි.

