Windows / Linux Bootable USB Flash drive එකක් හදාගන්නේ කොහොමද ?
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් හෝ ලිනක්ස් වගේ මෙහෙයුම් පද්ධතියක් USB Flash drive එකකින් දාගන්න ගියාම ඒක Bootable විදියට හදාගන්නේ කොහොමද කියන එක. CD/DVD එකකට දාගන්නේ නැතුව මේක කරනකොට පොඩි ලාබයකුත් තියෙනවා. ඒ වගේම අවශ්‍ය නැතිනම් ආයෙ වෙන දෙයක් දාගන්නත් පුළුවන් පහසුවෙන්ම. මේ සඳහා මුලික වශයෙන්ම පිහිටුවා ගැනීමට අවශ්‍ය මෙහෙයුම් පද්ධතියේ Image File එකක් අවශ්‍යයි. ඊට අමතරව තවත් පොඩි මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මෙහිදී වින්ඩෝස් සඳහා එක් මෘදුකාංගයකුත් ලිනක්ස් සඳහා වෙනත් මෘදුකාංගයකුත් අවශ්‍ය වෙනවා.
වින්ඩෝස් සඳහා අවශ්‍ය වන මෘදුකාංගය මෙතනින් ලබා ගන්න
ලිනක්ස් සඳහා අවශ්‍ය වන මෘදුකාංගය මෙතනින් ලබා ගන්න.
දැන් අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා. මේ දෙකම කරන විදිය ගොඩක්ම දුරට සමානයි. ඒක නිසා මම Windows XP Bootable Flash Drive එක හදන විදිය කියලා දෙනවා. ලිනක්ස් වලට හදන විදියත් ඒ විදියමයි. හරිම ලේසියි.
මුලින්ම win to flash කියන මෘදුකාංගය පරිගණකයේ පිහිටුවා ගන්න ඕන. එක කරගෙන ක්‍රියාත්මක කරන්න.
මෙතනින් අපට අදාල මෙහෙයුම් පද්ධතිය තෝරාගන්න ඕන. මේ විදියට වෙනත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් උනත් හදාගන්න පුළුවන්.
දැන් ඉහත රූපයේ පෙන්වල තිබෙන ආකාරයට පෙරදී Download කරගත් Image File එක තිබෙන තැන සහ පෙන් ඩ්‍රයිව් එක තියෙන තැන හරියට පෙන්වන්න ඕන. ඉන්පසු රූපයේ ආකාරයට Run කියන එක ඔබන්න.
රුපයේ ආකාරයට ඉතිරි ටිකත් කරන්න. දැන් ටික වෙලාවක් ඉන්න වෙනවා අදාල ගොනු පෙන් ඩ්‍රයිව් එකට කොපි වෙනතුරු. ලිනක්ස් එකට හදා ගන්නකොටත් මේ ආකාරයටමයි. පොඩි පොඩි වෙනස් කම් ටිකක් විතරයි. හැබැයි ඒකට අදාල මෘදුකාංගය පාවිච්චි කරන්න.
දැන් ඒ විදියට හදාගත්තු Bootable Flash Drive එක භාවිතා කරලා මෙහෙයුම් පද්ධතිය පිහිටුවා ගන්න පුළුවන්. මේක කරන්න ගියාම ප්‍රශ්න මතු උනොත් ඒවා මට ඉදිරිපත් කරන්න. මම සූදානම් උදව් කරන්න.






