Friday, April 12, 2013

ඔබේ පරිඝනකයෙන් 3D Movie බලමු

ඔබේ පරිඝනකයෙන් 3D Movie බලමු

                   පහුගිය කාලෙම 3D Movie එකක් මගේ ලැප්ටොප් එකෙන් බලන්න හරි ආසාවෙන් හිටියා. සල්ලි දීල හොඳ 3D Movie එකක් බලන්න සැවෝයි එකට යන්න වෙලාවක් කොහෙන්ද ඉතින්. ඒකට ක්‍රමයක් හෙව්වා. ඔන්න ඒකෙ ප්‍රතිපල තියෙනවා. අද මම කියල දෙන්නම්  ඔයාලගේ පරිඝනකයෙන් 3D Movie බලන හැටි. 
              ඉස්සර වෙලාම ඒකට අවශ්‍ය කරන දේවල් ටික මම කියන්නම්. 3D Movie බලන්න පුළුවන් කන්නාඩි දෙකක් ඕන වෙනවා ප්‍රධාන වශයෙන්ම. ඒ වගේම 3D Movie එකක් හොයාගන්න වෙනවා. දැන් ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා නොමිලේම බාගන්න පුළුවන්. 3D Movie කියලා ගූගල් එකේ හොයලා බලන්න. එහෙම හොයා ගන්න අමාරුනම් ඒකටත් මම විසඳුමක් දෙන්නම්. තමන් කැමති  Movie එකක් 3D Movie එකක් විදියට හදාගන්නත් පුළුවන්. 3D Movie බලන්න පුළුවන් කන්නාඩියක් වෙළඳපොලෙන් දැන් මිලදී ගන්න පුළුවන් සාමාන්‍ය මුදලකට. එහෙම නැතිනම් තමන්ටම හදා ගන්නත් පුළුවන්. මෙන්න ඒ ගැන කියලා තියෙන ලින්ක් එකක්. මේක හරිම පහසුයි. http://adf.ly/VSiSI  ඊලඟට 3D Movie බලන්න පුළුවන් Player එකක් තියෙන්න ඕන. ඒක මෙන්න මෙතනින් බාගන්න.  3D Movie එකක් හොයා ගන්න බැරිනම් ඔයාලා ළඟ තියෙන එකක් 3D Movie එකක් විදියට හදාගන්න. ඒක කරන්න පුළුවන් මෘදුකාංගය මෙතනින් බාගන්න
                 දැන් ඕන කරන හැම දේම තියෙනවා. බලන්න විතරයි තියෙන්නේ. ඒත් මේවා බලන්න නම් Player ඒක හරියට හදාගන්න ඕන. සාමාන්‍ය විදියට Player එක ඕපන් කරලා 3D Movie එකක් Load කරගන්න. මෙනු බාර් එකේ තියෙන Input Format කියන එක Interlaced කරගන්න ඕන. ඊට පස්සේ Output Format කියන එක Color code 3-D කියන එකට දාගන්න ඕන. දැන් Movie එක Play කරලා යට තියෙන Stereo Window කියන Control එක ඇසට පහසු ප්‍රමාණයට සකසා ගන්න. තවත් විශේෂ දෙයක්. මේ කන්නාඩි දෙක දාගත්තම සාමාන්‍ය තත්වයට වඩා ටිකක් අඳුරු ගතියක් එනවා. ඒක නිසා Display එකේ Brightness හැකි තරම් වැඩි කරගන්න. එතකොට හොඳ පැහැදිලිව පේනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ රස විඳින්න. මම මේ විදියට 3D Movie කීපයක්ම බැලුවා. හොඳ අද්දැකීමක් උනා.