Tuesday, March 20, 2012

ෆේස්බුක් ගිනුමක මුරපදය අමතක උනොත් Reset කරගන්නේ කොහොමද ?

ෆේස්බුක් ගිනුමක මුරපදය අමතක උනොත් Reset කරගන්නේ කොහොමද ?

                 කලින් ලිපියකදී මම කියලා දුන්නනේ ෆේස්බුක් ගිණුම ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන එක සම්බන්ධ කරුණු ටිකක්. අද මම කියලා දෙන්නේ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මුර පදය බැරි වීමකින් හෝ අමතක උනොත් අලුත් එකක් දාගන්නේ කොහොමද කියන එක ගැන. ඒක කියලා දෙන්න කලින් කියන්න ඕනෑ විශේෂ දෙයක් තියෙනවා වෙන කෙනෙකුගේ ෆේස්බුක් ගිණුමක් අනවසරයෙන් අත්පත් කරන්නත් ගොඩක් අය පාවිච්චි කරන්නේ මේ ක්‍රමේ. හැබැයි සාර්ථක වෙන ප්‍රමාණය නම් ගොඩක් අඩුයි. හේතුව මම ඉදිරියේදී කියල දෙන්නම්.
                      මුලින්ම පාස්වර්ඩ් ඒක අමතකනම් වැරදි එකක් ඇතුලත් කලාම ඔය පෙන්නලා තියෙන පින්තුරේ වගේ පිටුවක් පෙන්න පටන් ගන්නවනේ. එකේ ඔයාලට පේනවා " Forgot your password ? " කියලා එකක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට ලැබෙන්නේ  මෙන්න මෙහෙම පිටුවක්.
මෙතන ඊමේල් එක සමහර විට සම්පුර්ණයෙන්ම නොපෙන්වන්නත් ඉඩ තියෙනවා. අග තියෙන අකුරු හරි මුල තියෙන අකුරු හරි විතරක් පෙන්වනවා. මොකද අපි දන්නවනේ අපි ලියාපදිංච වෙන්න ඇතුලත් කරපු ඊමේල් ලිපිනය. SMS කියලා තියෙන්නේ අපිට පුළුවන්කම තියෙනවා අපේ ජංගම දුරකථන අංකය මගින් උනත් මේක කරගන්න. හැබැයි අපි ඒක කලින් ඇතුලත් කරලා මෙහෙම වෙන්න කියලා හදාගෙන තිබුනොත් විතරයි. නැත්නම් සමහර විට තවත් ඊමේල් ලිපිනයක් පෙන්වන්නත් ඉඩ තියෙනවා. ඒක ගොඩක් වෙලාවට අපි Secondary Email එක විදියට දාපු එක. දැන් ඔතනින් අවශ්‍ය එක තෝරලා Send Code කියන එක ක්ලික් කරන්න. මම කරගෙන යන්නේ ඊමේල් කියන එක ඇතුලත් කරලා. එහෙම කලාට පස්සේ ඔයාගේ ඊමේල් එකට පණිවිඩයක් ලැබෙනවා ඒක බලන්න ඕන. අපි බලමු මට ලැබිල තියෙන ඊමේල් ඒක මොකද්ද කියලා . මට ඇවිල්ල තියෙනවා මෙන්න මෙහෙම ඊමේල් එකක් 
දැන් තියෙන්නේ Enter the following password reset code: කියන එකට යටින් තියෙන අංකය කොපි කරගෙන ෆේස්බුක් පිටුවේ මෙන්න මෙහෙම පෙනෙන්න පටන් ගත්තු පිටුවට ඇතුලත් කරන්න.
ඒකත් හරිනේ. දැන් Submit Code කියන එක ක්ලික් කරන්න. බලන්න එතකොට මොකද්ද වෙන්නේ කියලා. 
ඉතිරි ටික කියන්නත් ඕන නෑ. අලුත් මුරපදයක් දෙන්න තියෙන්නේ. මේ ටික මට මේ විදියට කිසිම අමාරුවක් නැතුව අවේ මම මගේ ෆේස්බුක් ගිණුමම Reset කරපු නිසා. ඒත් වෙන කෙනෙක් වෙන කොහේ හරි ඉඳලා මේක කරන්න ගියානම් මේ තත්වය ගොඩක් වෙනස් වෙනවා. ෆේස්බුක් අඩවියෙන් අපි නිතරම භාවිතා කරන පරිගණක යන්ත්‍රයේ IP ලිපිනය මතක තිය ගන්නවා. ඒක නිසා වෙන තැනක ඉඳලා මේක කරන්න ගියාම තාවකාලිකව අපේ ගිණුම අත්හිටුවනවා. එහෙම කරලා අපි වැඩි පුරම භාවිතා කරපු පරිගණකයක් මාර්ගයෙන් මේක කරන්න කියනවා. ඒක නිසාම තමයි ෆේස්බුක් ගිණුම හැක් කරන්න අමාරු. බැරි වෙලාවත් අපිට ඒ කියන විදියට කරන්න බැරිනම් අපිට අපේ අනන්‍යතාවය ඔප්පු කරන පුළුවන් දේවල් එකක් හෝ කීපයක් ඉදිරිපත් කරලා ඒක කරගන්න ඒ කිවේ අපේ වාහන පැදවීමේ බලපත්‍රය, විදේශගමන් බලපත්‍රය වගේ එකක්ඉදිරිපත් කරලත් පුළුවන්. එහෙම කලාට පස්සේ තමන්ගේ ගිණුම නැවත සක්‍රිය කරගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් මේකෙදි තමන්ගේ ඊමේල් ලිපිනයත් ආරක්ෂිතව තියෙන්න ඕන. ඒක ආරක්‍ෂිත නැතිනම් මේ මොනවා කලත් වැඩක් නෑ. ඒක නිසා තමයි මම මගේ ජංගම  දුරකථන අංකයත් මේකට එකතු කරලා ආරක්ෂාව වැඩි කරගෙන තියෙන්නේ.
                       ජංගම දුරකතනයෙන් මේ වැඩේ කලත් ගොඩක් දුරට මේ හා සමානයි. වෙනසකට තියෙන්නේ ඊමේල් එකක් එනවා වෙනුවට කෙටි පණිවිඩයක් එන එක. ඒ පණිවිඩයේ සඳහන් වෙන්නේ මුලින් කියපු ඊමේල් එකේ වගේම අංකයක්. ඒක ඔබ ලැබෙන පිටුවට ඇතුලත් කරන්න. ඊට පස්සේ අන්තිමට කියපු ටික ඒවගේම කරගෙන යන්න. ඔයාලගේ පාස්වර්ඩ් එක මේ විදියට තමයි රීසෙට් කරගන්නේ. දැන් ඔයාල හිතයි වෙන කෙනෙකුටත් මගේ එක එහෙම ගන්න පුළුවන් කියලා . ඒකට පිළිතුර ඔව් සහ බෑ . ඔව් කියලා කිවේ ඔයාලගේ ඊමේල් ලිපිනයේ පාස්වර්ඩ් එක වෙන කෙනෙක් දන්නවනම් ඒක වෙන්න පුළුවන්. ඒත් ඔයාලගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක සහ වෙනත් තොරතුරු වෙන අය දන්නේ නැතිනම් වෙන කෙනෙකුට මේක කරන්න බෑ. තවත් දෙයක් දෙයක් තියෙනවා. මොන ජාතියෙන් හරි ඊමේල් ලිපිනයත් හොරෙන් අයිති කරගත්තා කියමුකෝ. ඒත් තව බාදාවක් තියෙනවා. ඊමේල් එකෙන් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න ගියාම ෆේස්බුක් එකෙන් කියනවා හරියට ඇතුල්වෙන්න නම් ඔයාලා අන්තිමට ෆේස්බුක් එකට ඇතුල් උන පරිගණකයෙන් හෝ වැඩි පුරාම භාවිත උණු IP ලිපිනයෙන් උත්සහ කරන්න කියලා. එහෙම කරන තුරු ෆේස්බුක් ගිණුම තාවකාලිකව අඩපන කරලා දානවා. තමන්ගේම පරිගණකයකින් අන්තර්ජාලයට පිවිසෙන අයටනම් මේක හොඳ දෙයක්. ඒත් පොදු තැනකින් අන්තර්ජාලයට පිවිසෙන අයටනම් මේක ලොකු පාඩුවක්. ගොඩක් වෙලාවට තමන්ගේ ෆේස්බුක් ගිණුම අහිමි උන අය භාවිත කරලා තියෙන්නේ පොදු අන්තර්ජාල සම්බන්ධතා එහෙම නැතිනම් පොදු පරිගණක යන්ත්‍ර. ඉතින් මේ තොරතුරු හොමොටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ වගේම මේ පිළිබඳව ගැටළු ඇත්නම් මට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.