Monday, February 27, 2012

Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? ලිපි අංක 2

Forex කරන්න පටන් ගන්නවානම් හෝ දැනට කරගෙන යනවා නම් දැන ගතයුතුම කරුණු ටිකක්.

1. පළමු සහ විශේෂම කරුණ වන්නේ ෆොරෙක්ස් කිරීමේදී ඇති අවදානම් සහගත තත්වයන් නියමාකාරයෙන් අවබෝධ කරගෙන සිටීමයි.  අලුතෙන්ම ආරම්භ කරන්නෙක් දෙවරක් නොසිතා ආයෝජනය කිරීමෙන් සියලුම මුදල් අහිමි වීම සිදු වීමටද ඉඩ කඩ ඇත.

2. හැකි තරමින් Risk level එක අඩු තත්වයක තබාගෙන Trade කිරීමට උත්සහ දරන්න. එසේම Trade එක ආරම්භ කිරීමට ප්‍රථම Stop Loss අගය වැඩි කිරීමෙන් වලකින්න.


3. Trade එක ආරම්භ කිරීමෙන් පසු Stop Loss අගය අවශ්‍ය වේලාවන්හිදී වැඩි කරගැනීමෙන් හදිසි පාඩු ලැබීම අවම කරගත හැක.

4. එක් වරකදී Trade එකකට වැඩි ප්‍රමාණයක් කිරීමට යාමෙන් වැඩි මුදල් ප්‍රමාණයක් අහිමි වීමට ඉඩකඩ ඇත.

5. පාඩු ලැබූ දිනකදී පරාජිත මානසිකත්වයකින් යුතුව තව තවත් Trade කිරීමට යාමෙන් වලකින්න. පසු දින හෝ වෙනත් දිනක අලුත් මනසකින් නැවත අරඹන්න.

6. Trade එකක් ආරම්භ කිරීමට සූදානම් වන සෑම අවස්ථාවකදීම වෙළඳපොල අගයන් ඉහල හෝ පහල යාම තමාට වාසිදායක අවස්ථා තෝරාගන්න.
7. වෙළඳ පොළ හොඳ අවබෝධයකින් සිටින්න. වෙළඳපොල සම්බන්ධ ගැටලුකාරී අවස්ථාවන්හිදී Trade කිරීමෙන් වලකින්න.

8. එකම වර්ගයක මුදල් වර්ගයක් එකකට වැඩි වාර ගණනක් එකවර Trade කිරීමෙන් වලකින්න. පාඩු වීමකදී සියලුම Trade වලින් එහිදී පාඩු ලැබිය හැක.

9. සෑම විටම Trade කිරීමට ප්‍රථම Trade කිරීමට තෝරාගන්නේ මොනවද , කොපමණ මුදලක් එ වෙනුවෙන් ආයෝජනය කරනවාද යන්න තීරණය කරන්න. ඉන්පසු Trade කරන්න. Trade කිරීමෙන් පසු බරපතල තීරණ ගැනීමෙන් හැකිතාක් වලකින්න.

10.  Trade කිරීම සඳහා හොඳම අවස්ථාවක් එනතුරු සිටින්න. කිසිම අවස්ථාවක කලබල වී Trade කිරීමෙන් වලකින්න. එසේ කලබල වීමෙන් පාඩුවක් මිස ලාබයක් කිසිසේත්ම ලැබිය නොහැක. හොඳ Forex Traderකෙනෙකු වෙත මෙම ගුණාංගය තිබිය යුතුමය.

තවත් මෙවැනිම කරුණු එකතුවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

Thursday, February 23, 2012

තමන්ගේ FaceBook ගිණුම ආරක්ෂා කරගන්නා ක්‍රම.

තමන්ගේ Face Book ගිණුම ආරක්ෂා කරගන්නා ක්‍රම
       ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ෆේස්බුක් ගිණුම තවත් පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීම. මොකද ගොඩක් අය උත්සහ කරනවා තවත් කෙනෙකුගේ ගිණුමකට හොරෙන් ඇතුල් වෙන්න. ෆේස්බුක් එකේ ඉන්න මගෙනුත් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ෆේස්බුක් හැක් කරන්නේ කියන එක. ඒත් කියන්න තියෙන්නේ හැක් කරන එකනම් ඔය කියන තරම් ලේසි නෑ. නමුත් ඇත්තටම වෙන්නේ තමන් නොදැනුවත්වම තමන්ගේ විස්තර තවත් කෙනෙකුගේ අතට පත් වෙලා ඒ තොරතුරු මගින් අනවසරයෙන් ඇතුල් වීමයි. ඒ ගැන තවත් පැහැදිලි කරනවනම් ගොඩක් අය තමන්ගේ මුර පදය ලෙස තවත් කෙනෙකුට ආයාසයකින් තොරවම අනුමාන කරන්න පුළුවන් මුරපද යෙදීම. 

උදාහරණයක්‌ :-  
 Email       - samanbandara@mymail.com
 Password- saman123, bandara123, samanbandara, bandarasaman..

   ඉතින් මේවාට අමතරව තමන්ගේ උපන් දිනය, දුරකථන අංකය, පෙම්වතියගේ නම වගේ තවත් කෙනෙකුට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරනවා. ඇත්තටම මේවගේ දේවල් වලින් වැලකෙනවානම් මුලික පියවරක් ලෙස අනවසර ඇතුල් වීම් වලක්වා ගන්න පුළුවන්. ඒ සඳහා පහසුවෙන් අනුමාන කල නොහැකි මුරපදයක් භාවිත කල හැකියි. 

උදාහරණයක්‌ :- 
             Email       - samanbandara@mymail.com
             Password - 54m4n64nd4a , %$m$n^$nd$a ,Test@12345

මෙහිදී  මුරපදය සඳහා Simple , Capital , Symbol , Numeric  යන වර්ග කීපයම යොදා ගැනීමෙන් වැඩි ආරක්ෂාවක් ඇතිකර ගැනීමේ හැකියාවක් ඇති අතරම කිව යුතු තවත් විශේෂ දෙයක් නම් තමන්ගේ ඊමේල් ගිනුමටත් මේ හා සමාන ආරක්ෂාවක් තිබිය යුතුයි. එසේ නොමැති වුවහොත් ඊමේල් ගිණුම තවත් කෙනෙකුගේ අතට පත් වීමෙන් ෆේස්බුක් ගිණුම ඔහු අතට පත්වීම ඉතාමත් පහසු වෙනවා. 
              ඉහත මූලික කරුණු වලට අමතරව ෆේස්බුක් තුලම ආරක්ෂාව සඳහා ක්‍රමෝපායන් කීපයක්ම හඳුන්වා දී තිබෙනවා. පහල රූපයෙන් පෙන්වල තියෙන්නේ එම ක්‍රම කීපයක්.
 මෙහි දක්වලා තිබෙන ක්‍රම වලට අනුව ෆේස්බුක් ගිණුම ආරක්ෂා කිරීමෙන් නියමාකාරයෙන්ම තමන්ගේ ගිණුම හැක් කිරීමෙන් වලක්වා ගැනීමට බොහෝදුරට පිටිවහලක් ලැබෙනවා. ඊට අමතරව තමන්ගේ ජංගම දුරකථන අංකය මෙයට ඇතුලත් කර අනවසර ඇතුල්වීම් ආදිය සම්බන්දව ක්ෂණයකින් දැනගැනීමේ හැකියාවද පවතී. එසේම ෆේස්බුක් ගිණුම වෙත ලැබෙන පණිවිඩ කෙලින්ම දුරකථනය වෙතද ලබා ගැනීමේ පහසුකමද පවතී. 
         මෙම ක්‍රම වලට අමතරව කෙතරම් හිතවත් වුවත් තමන්ගේ පුද්ගලික විස්තර මිතුරන් අතට පත් කිරීමෙන් වැලකීම, උපක්‍රම මගින් තමන්ගේ රහස් තොරතුරු ලබාගැනීමේ ක්‍රම වලට නොරැවටී සිටීම(Phishing) මගින්ද අනවසර ඇතුලත් විම වලක්වා ගත හැක. අද වන විට ෆේස්බුක් තුල නොයෙක් විනෝද ක්‍රීඩා ඇති අතර ඒවාට ලකුණුද ලැබේ. බොහෝවිට මෙම ලකුණු නොමිලේ දෙන බව පවසා ඒ සඳහා තමන්ගේ මුරපද සහ ඊමේල් ගිණුම් පිලිබඳ විස්තර සපයන මෙන් පවසා මෘදුකාංග , ඊමේල් ආදිය නොමිලේ ලබාදේ. මේ පිළිබඳව දැනුම අඩු බොහෝදෙනා දෙවරක් නොසිතා මේවාට රැවටේ. මගේ කලින් ලිපියක මෙවැනි වෙබ් පිටුවක් සම්බන්දව මම සඳහන් කරලත් තියෙනවා. මෙන්න ඒ ලිපිය (http://blog.lkstuff.info/2011/10/free-credit.html) මෙවැනි ක්‍රම සම්බන්දව දැනුවත් වීමද වැදගත් කරුණකි. 

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.