පාස්වර්ඩ් දමපු .RAR ෆයිල් එකක පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද ?
ගොඩක් වෙලාවට අපි අන්තර්ජාලයෙන් බාගන්න ඔය එක එක ෆයිල් ඕපන් කරගන්න ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් හරි අමාරුවක තමයි වැටෙන්නේ. සමහර වෙලාවටනම් පාස්වර්ඩ් එක අහවල් තැන තියෙනවා කියලා හොඳ වටයක් අරගෙන ගිහින් දෙන වෙලාවල් නැතුවම නෙවෙයි. ඒත් සමහර ඒවා තියෙනවා කියන වෙබ් පිටු වැඩ කරන්නේ නැති අවස්ථා බොහොමයි. එහෙම වෙලාවට අපිට උදව්වට ගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන තමයි මම අද කියන්නේ. මේක ගොඩක් අය දන්නවා. ඒත් මේක ගැන නොදන්නා අයත් ගොඩක් ඇති. එයාලට මේකෙන් වැඩක ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේක දාගත්තට මේකේ සීරියල් එක නැති උනොත් සමහර පසුකම් නැතිව යනවා. ඒක නිසා මම මේකේ සීරියල් එකත් දීල තියෙනවා. ඉස්සර වෙලාම සොෆ්ට්වෙයාර් එක මෙන්න මේ ලින්ක් එකෙන් බාගන්න. advanced-rar-password-recovery
දැන් සොෆ්ට්වෙයාර් එක සාමාන්‍ය විදියට තමන්ගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න. දැන් මේ යට තියෙන රූපය වගේ එකක් තමයි ක්‍රියාත්මක කලාම ඔයාලට පේන්නේ. මම එතන නම් කරලා තියෙන ඒවත් හොඳට බලන්න.
අංක 1 න් තියෙන්නේ ඔයාලට පාස්වර්ඩ් එක හොයාගන්න ඕන කරන ෆයිල් ඒක තිබෙන තැනයි. අංක 2 න් පාස්වර්ඩ් ඒක හොයන්න මේ සොෆ්ට්වෙයාර් එකේ දීල තියෙන ක්‍රම කීපයෙන් එකක් තෝරාගන්න. මම දැනට මේ තෝරලා තියෙන එක තමයි හොඳම ක්‍රමය නමුත් ටිකක් වෙලා යනවා. මොකද මේ ක්‍රමයේදී a අකුරෙන් පටන් අරගෙන හෝඩියේ තියෙන හැම අකුරක්ම වගේම හැම සලකුනක්ම යොදා ගන්නවා පාස්වර්ඩ් එක හොයා ගන්න. උත්සහ කරන වාර ගණන වැඩි නිසා තමයි වෙලා යන්නේ. අංක 3 න් කරන්නේ මම ඉස්සර වෙලා කියපු වැඩේට තෝරාගන්න ඕන කොටස් මොනවද කියලා තෝරලා දෙන එක. ඒ කියන්නේ අපිට හිතෙනවනම් අදාල පාස්වර්ඩ් එක දාලා තියෙන්නේ අකුරු වලින් විතරයි අංක යොදාගෙන නැහැ කියලා අපිට පුළුවන් All Digits කියන එක අයින් කරලා වැඩේ පටන් ගන්න. ඒ වගේ ගොඩක් වැඩ මේකේ තියෙනවා. මමනම් මේක පාවිච්චි කරලා ගොඩක් වැඩ ගත්තා. ඔයාලත් පාවිච්චි කරලා බලන්න.
මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.





