Tuesday, November 27, 2012

Hard Drive, Pen Drive හරියටම මකන්නේ කොහොමද ?

Hard Drive, Pen Drive හරියටම මකන්නේ කොහොමද ?

                මට  මේ ලිපිය ලියන්න හිතුනේ පත්තරේක දැකපු සිද්ධියක් නිසා. ඒකත් කෙටියෙන්ම කියන්නම්. එක පුද්ගලයෙක් එයාගේ ඩිජිටල් කැමරාවේ ප්‍රශ්නයක් වෙලා හදන්න දීල තියෙනවා යාලුවෙකුට. යාළුවා ඒක හදන අතරේ කැමරාවේ තිබුන මෙමරි චිප් එක බලලා තියෙනවා. ඒ වගේම ඒක රිකවර් කරලා තියෙනවා. ඒ කියන්නේ මකලා දමපු ගොනු නැවත ලබාගෙන තිබෙනවා. ඒ ෆයිල් අතර අර කැමරාව දීපු කෙනාගේ අතිශය පුද්ගලික පින්තුරයකුත් තිබිල තියෙනවා. යාළුවා නිසා එයා ඒක පිටට යවලා නැහැ. යාලුවට මේ ගැන කියලා. ඒත් යාළුවා කියනවලු මම ඒක මැකුවා කොහොමද ගත්තේ කියලා.
           කතාවේ ඉතිරි හරිය මම කියන්නේ නෑ. ඒක අපිට අදාල නෑ. කැමරාව අයිති යාළුවා ඇත්තටම දන්නේ නෑ අපි ළඟ තියෙන ගොඩක් මෙමරි චිප් ,පෙන් ඩ්‍රයිව් , හර්ඩ් ඩිස්ක් වගේ දේවල් වල මකල දාපු දේවල් නැවත ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ටික කියවපුවම ඔයාලටත් හිතෙයි මමත් අහවල් තැන මගේ අහවල් පින්තුරේ දාලා මැකුවා. ඒකත් අරගෙනද දන්නේ නෑ කියලා. ඔව් වෙන්න පුළුවන්. අද තියෙන තාක්‍ෂණයෙන් ඒක ඉතාමත් පහසුවෙන් සුළු වෙලාවක් ඇතුලත කරගන්න පුළුවන්. මතකය තැන්පත් කිරීමට අපි භාවිත කරන ගොඩක් දේවල් තියෙනවා. මම කීපයක් කියන්නම්. හාර්ඩ් ඩිස්ක් , අතේ ගෙනයාහැකි හාර්ඩ් ඩිස්ක්, පෙන් ඩ්‍රයිව්,  MP3 ප්ලේයර්, ජංගම දුරකථන වල භාවිතා වන මෙමරි චිප්  වගේ දේවල්. මේ කීපයක් විතරයි. ඔය වගේ තවත් විවිධ වර්ග තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපි මේවට අපේ අතිශය පෞද්ගලික දේවල් දාලා තියෙනවා. ඒ වගේම මකල දානවා. මේ දේවල් අතර පින්තූර වගේ දේවලුත් තියෙනවා. සමහර පින්තූර පිටස්තර කෙනෙක් අතට පත් උනොත් අපිව ගොඩක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන් කම තියෙනවා. ඒ වගේම අනවශ්‍ය කරදර ගොඩකට පැටලෙන්නත් ඉඩ තියෙනවා. ඒත් එහෙම කියල මේ උපකරණ පාවිච්චි නොකර ඉන්නත් බෑනේ නේද. කරන්න තියෙන හොඳම දේ උපකරණ පාවිච්චි කරන්න. වෙන කෙනෙක් අතට පත් කරනවානම්, විකුනනවානම් පමණක් සම්පුර්ණයෙන්ම මකල දාල දෙන්න. ඒත් කොහොමද සම්පුර්ණයෙන් ඒක කරන්නේ. පුළුවන් ඒකට කියන්නේ වයිප්(Wipe) කරනවා කියලා. ඒකටත් ගොඩක් සොෆ්ට්වෙයාර් වර්ග හොයා ගන්න පුළුවන්. මුදල් ගෙවල වගේම නොගෙවා නොමිලේම ගන්න පුළුවන් ඒවා ගොඩක් තියෙනවා. වර්ග ගොඩක් තියෙන නිසා මම කරන ක්‍රමේ ගැන කියන්නේ නෑ. අනික මහලොකු දෙයක් කරන්නත් නෑ. කැමති එකක් බාගෙන කරලම බලන්නකෝ. සොෆ්ට්වෙයාර් බාගන්න ලින්ක් ටික පහලින් දානවා. කරලා බලලම ප්‍රශ්න තියෙනවනම් කොමන්ට් කරන්න.

Link 1: http://adf.ly/VSihc

Link 2 : http://adf.ly/VSilM

Link 3 : http://adf.ly/VSipN


Friday, August 31, 2012

මගේ පරිඝනකය ආරක්‍ෂිතයි. ඔබේ පරිඝනකය ආරක්‍ෂිතද ?

මගේ පරිඝනකය ආරක්‍ෂිතයි. ඔබේ පරිඝනකය ආරක්‍ෂිතද ?

                        පරිඝනක එක්ක කාලයක් තිස්සේ වැඩ කරන නිසා වගේම පොඩිකාලේ ඉඳලා තිබුන අශාවත් එක්ක පරිඝනකය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කීවේ සියල්ල දත් කෙනෙක් කියන එක නම් නෙවෙයි. ඒත් මගේ පරිඝනකය කිසිම කරදරයක් නැතිව නඩත්තු කරගන්න මම දැන් දන්නවා. ඒ වගේම අනිත් අයටත් එයාලගේ පරිඝනක ඒ විදියට නඩත්තු කරගන්න කියල දෙන්න තරම් දැනුමක් මට දැන් තියෙනවා. ඒ වගේම බහුතරයක් පරිඝනක පිලිබඳ ප්‍රශ්න වලට පිලිතුරුත් මගේ ළඟ තියෙනවා. වැඩි හරියක් ඒවා අත්දැකීමෙන්ම ලබාගත්තු ඒවා. 
                   ඉතින් අද මම කියන්න යන්නේ මගේ හිතවත් ගොඩක් අය ගොඩක් වෙලාවට මගෙන් අහන ප්‍රශ්න ගැන සහ ඒවාගෙන් තමන්ගේ පරිගණකය බේරාගන්නේ කොහොමද කියන එක. ඒ වගේම ගොඩක් අය වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති ඒත් දැනගත යුතුම කරුණු කීපයක්. ඉස්සර වෙලාම මම මට ආපු ප්‍රශ්න කීපයක් කියන්නම්.

* මගේ PC එකේ වයිරස් තියෙනවා අයින් කරගන්නේ කොහොමද ?
* මගේ වයිරස් ගාර්ඩ් එක හරියට වැඩ කරන්නේ නෑ. හදාගන්නේ කොහොමද ?
* මගේ PC එක SLOW වෙලා 
* මගේ ඉන්ටර්නෙට් එක SLOW වෙලා

                ඔන්න  ඔය වගේ ප්‍රශ්න ගොඩයි. ඔය වැඩිපුරම ඇහෙන ප්‍රශ්න කීපයක්. තවත් එක එක ජාතියේ  ඒවා ඇහෙනවා. ඒ තරම්ම ප්‍රශ්න. නමුත් සතුටින් කියන්න කැමතියි මගේ පරිගණකයේ ඔය කියන ලෙඩ 98% ක්ම නෑ. බොහොම හොඳින් කාලයක් තිස්සේ වැඩ කරනවා. මගේ ලැප්ටොප් එක අරගෙන දැනට අවරුදු 3 පමණ වෙනවා. මම ඒක ෆොර්මැට් කරලා තියෙන්නේ දෙපාරයි. ඒකත් ලෙඩක් නිසා නෙවෙයි. එක පාරක් OS එක වෙනස් කරන්න. අනිත් එක මම හිතාමතාම ෆයිල් කීපයක් මකලා බැලුවා වෙන වැඩකට. ඒක ආපහු හදන්න. ඒ ඇරෙන්න ගොඩක් අය කරනවා වගේ මාස දෙකෙන් තුනෙන් ෆොර්මැට් කරන්න ඕන උනේ නෑ. 
                මම පළමුවෙන්ම කියන්නම් මේ වයිරස් ප්‍රශ්නේ ගැන. එක එක ජාතියේ වයිරස් ගාර්ඩ් ඔයාල පාවිච්චි කරනවා ඇති. ඔය හැම එකක්ම නරක නෑ. හොඳයි. ඒත් එකකට එකක් වෙනස්. එකකින් හොයාගන්න වයිරස් තව එකකට අහු නොවෙන වෙලාවල් තියෙනවා. ඒක මම අත්දැකලා තියෙනවා. දැනට මම පාවිච්චි කරන්නේ AVG Internet Security. කිසිම ලෙඩක් නැතිව කරදරයක් නැතිව දුවනවා. මගේ OS එක වින්ඩෝස් 7 . ඔයාලා හැමෝගෙම වගේ Crack එකක්. ඒත් පෙන්නන්නේ Genuine කියල. මේ වෙනතුරු බිල් ගේට් මහත්තයට දැනුනෙත් නෑ මම සල්ලි දෙන්නේ නැතිව වින්ඩෝස් වල තියෙන හැමදේම පාවිච්චි කරනවා කියලා. ඒකත් පොඩි රහසක්. ඒකත් මම කියන්නම්. ඉතින් මේ වයිරස් ගාර්ඩ් එකක්නම් අපිට තියෙන්නම ඕන. ඒක අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය වගේ හරියට. පරිගණකයේ ආරක්ෂකයා. ඒ වගේම ඒක අප්ඩේට් වෙන්නත් ඕන අඩුම තරමින් සතියකට වතාවක් වත්. එහෙම කරන අයටත් වයිරස් වලින් හරි කරදරයි නේද ? ගොඩක් අය වෙන වැඩ පැත්තක තියලා ඕකම කරන අයත් ඉන්නවා. ඒත් එයාලටත් ප්‍රශ්නේ එහෙමමයි. එහෙම වෙන්න හේතුව ඔයාලගේම පොඩි අඩුපාඩුවක්. ඔයාලගේ කීවට ඔයාලගේම නෙවෙයි පරිගණකයේ. අඩුපාඩුව මේකයි. වයිරස් ගාර්ඩ් එක අප්ඩේට් උනාට ඒක වින්ඩෝස් වල ආරක්ෂක පද්ධතිය දැනගන්න ඕන. එහෙම වෙන්න නම් ඔපරේටින් සිස්ටම් එකත් අප්ඩේට් වෙන්න ඕන. ඔන්න ප්‍රශ්න මතු වෙන තැන. " අපි පාවිච්චි කරන්නේ වින්ඩෝස් හොර කොපි. අප්ඩේට් කරපු ගමන් බිල් මත්තයා දැනගෙන මගේ කොපිය Black List එකට දානවා. ඩෙස්ක්ටොප් එක කළු වෙනවා. එතකොට ඔක්කොම ඉවරයි. ආයෙත් දාන්න වෙනවා වින්ඩෝස් මුල ඉඳලම." නෑ එහෙම නොවී අප්ඩේට් කරන්න ක්‍රමයක් තියෙනවා. යට තියෙන පින්තුරය බලන්න

                  මේකේ මම සිලෙක්ට් කරලා තියෙනේ "Download updates but let me choose whether to install them" කියන එක. ඒකට පහලින් තියෙන එක උනත් ප්‍රශ්නයක් නෑ. කොහොමහරි ෆයිල් ටික Download උනාට පස්සේ එතනින් අපිට අවශ්‍ය ටික විතරක් තෝරාගන්න ඕන. ඒ කීවේ එතන තියෙනවා එක එක ජාතියේ ඒවා. "Updates for Windows" කියලා ඒවත් තියෙනවා. ඒවා තමයි අත හරින්න ඕන ඒවා. ඒ වගේම එතන තියෙනවා "Security updates for windows" කියලා. අන්න ඒවා තමයි අපිට අවශ්‍ය ඒවා. ඒවාට අමතරව තියෙන අනිත් ඒවා ඒ තරම්ම අපිට වැදගත් නෑ. අවශ්‍ය නම් ගත්තට කමක් නෑ. ඒත් හරියට හොයල බලලා. කලින් කියපුවනම් අල්ලන්නවත් එපා. ඒවා ගත්තොත් තමයි අපිව අහුවෙන තත්වෙට එන්නේ. දැන් තොරගත්තුවා Install කරගන්න. පහල පින්තුරයේ ඒවගේ එකක්(අත්හැරිය යුතු ) තියෙනවා බලන්න ඒක.

            මේ විදියට සතියකට සැරයක්වත් කරන්න. එතකොට වයිරස් ගාර්ඩ් එකත් එක්කම ඔයාගේ වින්ඩෝස් කොපි එකත් අප්ඩේට් වෙනවා. ඒ වගේම ඔයා පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7 නම් මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන "Microsoft Security Essentials" එකත් Install කරගන්න. ඒක හොඳ ආරක්ෂක මෙවලමක්. දැන් ඉතින් වැඩේ හරි. ඔය වැඩ ටික හරියට පිළිපදිනවනම් වයිරස් වලින් තියෙන කරදර 95 % ක්ම නැති කරගන්න පුළුවන්.
                   තවත් කරුණක් තමන්ගේ පරිගණකයට ඇතුලත් කරන වයිරස් ගාර්ඩ් එක තීරණය කරන්න ඕන තමන්ගේ පරිගණකයට ඒක සුදුසුද කියල බලලා. ඒ කිවේ සාමාන්‍ය අවස්ථා වලදීත් RAM එක ගොඩක් භාවිත කරන වයිරස් ගාර්ඩ් එකක් දානවනම් තමන්ගේ RAM එක ටිකක් වැඩිපුර තියෙන්න ඕන . අඩුම තරමින් 2 GB විතරවත්. එහෙම නැති උනොත් පරිගණකය වේගය ගොඩක් අඩු වෙන්න බලනවා. ඒ වගේම සමහර අය වයිරස් ගාර්ඩ් දෙකක් පාවිච්චි කරනවා. මේක වැරදි දෙයක්. ඒකෙන් ඉතාමත් බරපතල විදියට පරිගණකය වේගය අඩුවෙන්න පුළුවන්. අනෙක සාමාන්‍යයෙන් එහෙම දාන්නෙත් නෑ. ඉතින් මේ වගේ දේවල් වලින් වැළකෙන්න බලන්න.
            පරිගණකයේ වේගය අඩු වෙන්න පුළුවන් තව දෙයක් තමයි අනවශ්‍ය වැඩසටහන් අපි නොදැනුවත්වම පරිගණකය තුල ක්‍රියාත්මක වීම. මේක හේතු දෙකක් නිසා වෙන්න පුළුවන්. එකක් අපි දැනුවත්ව ඇතුලත් කරන වැඩසටහන්. ඒ වගේම අපි නොදැනුවත්ව ඇතුලත් වෙන වැඩසටහන්. මේවා හරියාකාරව හඳුනාගන්න අපිට පුළුවන් වෙන ඕන. එහෙම නැති උනොත් ලොකු අමාරුවක වැටෙන්නත් ඉඩ තියෙනවා. විශේෂයෙන් අපි නොදැනුවත්ව ඇතුලත් වෙන වැඩසටහන් වලින්. ඒවා නිසා සමහර විට පරිගණකයේ වේගය අඩු වෙනවා වගේම අපේ වටිනා වැදගත් තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපේ ඊමේල් ලිපින , මුරපද වගේ ඒවා. ඒවා වෙන කෙනෙක් අතට පත් උනොත් වෙන දේවල් ගැන මම කියන්න ඕන නෑනේ. ගොඩක් වෙලාවට අපි සමහර සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරනකොට අමතර සොෆ්ට්වෙයාර් නොමිලේ අපට දෙනවා. නමුත් අපිට ඒක නවත්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒක Tool Bar එකක් එහෙම නැතිනම් Security Tool එකක්. අපි ළඟ ආරක්ෂාව තියෙන එකේ ඒ වගේ එකක් ආයෙත් දාගන්න ඕන නෑනේ. ඒවගෙන් ඇත්තටම වෙන්නේ ආරක්ෂාවට වැඩිය වෙළඳ දැන්වීම් ගොඩක් ඉබේම අපිට ලැබීමට සලස්වන එකයි. ඒ වෙළඳ දැන්වීම් හරහා පරිගණකයට හානිකර වැඩසටහන් පැමිණීමට ඇති ඉඩ කඩ බොහොම වැඩියි.
                  එහෙම අපිට ඕන නැති දේවල් ක්‍රියාත්මක වෙනවද කියලා බලාගන්නේ මෙහෙමයි. ඉස්සර වෙලාම Task Manager එකට යන්න ඕන. යතුරු පුවරුවේ Ctrl + Alt + Delete ඔබලා ඒකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔබන්න එකේ "Processes" කියන ටැබ් එක. ඒකේ පෙන්න තියෙනවා මේ වෙලාවේ ඔයාගේ පරිගණකයේ පිටතට නොපෙනී ක්‍රියාත්මක වෙන දේවල් මොනවද කියලා. ඒ වගේම ඒවාට වැය වෙන මතක ධාරිතාවයත්. මෙතනින් අනවශ්‍ය වැඩසටහන් නවත්වා දැමීමට අපිට හැකියාව තියෙනවා. 
එහෙම නවත්වනකොට ප්‍රවේශම් වෙන්න ඕන පරිගණකය ක්‍රියාත්මක වීමට අවශ්‍යම කරන ඒවා නවත්වන්න එපා. වැරදීමකින් හරි එහෙම උනොත් ඒකට බය වෙන්න එපා. සමහර විට පරිගණකය රිස්ටාර්ට් කරන්න ඕන කියයි එච්චරයි. එතැනදී බලාගන්න පුළුවන් සමහර වැඩසටහන් මතකය කොතරම් භාවිත කරනවද කියලා. ඒ වැඩසටහන් අතරින් අපි දැනුවත්ව ඇතුලත් කරපුවා, නැති ඒවා අපිට තෝරාගැනීමේ හැකියාව තියෙන්න ඕන. එහෙම අනවශ්‍ය දෙයක් වැඩිපුර මතකයක් ලබාගෙන ක්‍රියාත්මක වෙනවනම් වහාම එය නවත්වා දැමීමටත් පරිගණකයෙන් එය සම්පුර්ණයෙන් ඉවත් කිරීමටත් පියවර ගන්න. මාසයකට සැරයක්වත් මේ විදියට මේවා පරික්ෂා කිරීමට පුරුදු වෙනවනම් ඉතාමත් හොඳයි. 
             පරිගණකයේ වේගය වැඩි කරගැනීමට කළහැකි තවත් දේවල් තියෙනවා. එකක් තමයි Defragmentation. මේකත් මාසයකට සැරයක්වත් කරනවානම් ඉතාමත් හොඳ දෙයක්. ඒකෙන් වෙන්නේ අපි පරිගණකයේ තැන් තැන් වල තියෙන ෆයිල් පරිගණකයට ක්‍රියා කිරීමට පහසු ආකාරයට පිළිවෙලකට සකස් කිරීමයි. Defragment කරන්න ඕන කරන ඩ්‍රයිව් එක උඩ රයිට් ක්ලික් කරලා Properties වලට ගිහින් ඒකේ තියෙන Tools වලට ගියාම වැඩේ කරගන්න පුළුවන්.
             මිට අමතරව අන්තර්ජාලය සැරිසරන විට ගොඩක් වෙලාවට නොමිලේ දෙන වැඩසටහන් අපිට ලැබෙනවා. අත්‍යවශ්‍ය දෙයක් හැරෙන්න එහෙම ඒවාට අහුවෙන්න එපා. ඒවත් ගොඩක් වෙලාවට වෙළඳ රැවටීම් විතරයි. අන්තර්ජාලයෙන් තමයි අපි වැඩිපුරම ප්‍රවේශම් වෙන්න ඕන. හානිකර වැඩසටහන් වැඩිපුරම පරිගණකයට පැමිණෙන්නේ අන්තර්ජාලයෙන්. මොකද අන්තර්ජාලය කියන්නේ හොඳ දේවල් වගේම නරක දේවල් වලිනුත් පිරිච්ච තැනක්. ඉතින් අපි එතනින් හොඳ දේ පමණක් තෝරලා ගන්න දැනගන්න ඕන.
                 මම මේ කියල දුන්නේ අපි පරිගණකය භාවිතා කරනකොට සැලකිල්ලක් දක්වන්න අවශ්‍යම තැන් කීපයක්. ඒත් තවත් මේ වගේම සැලකිලිමත් වියයුතු තැන් ගොඩක් තියෙනවා. ඉදිරියට තවත් ඒ වගේ ඒවා බලාපොරොත්තුවෙන් ඉන්න. මේ ලිපියේ නොතේරුණු තැන් ඒ වගේම වැඩි දුරට දැනගතයුතු දේවල් ඇත්නම් කොමන්ට් එකක් දාන්න. 

Sunday, July 22, 2012

Windows වල Password අමතක උනොත් මොකද කරන්නේ ?


Windows වල Password අමතක උනොත් මොකද කරන්නේ ?

            වින්ඩෝස් වලට දාපු පාස්වර්ඩ් එක අමතක වෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. එහෙමත් නැතිනම් Administrator ගිණුමේ හෝ වෙනත් ගිනුමක පාස්වර්ඩ් එක හොයා ගන්න බැරි කම. Command Prompt එකෙන් කරන්න පුළුවන් කියලා ගොඩක් අය කීවට ඒක ගොඩක් අයට සාර්ථක නෑ. ඒක නිසා අද මම කියලා දෙන්නේ බොහොම ප්‍රයෝජනවත් දෙයක් ගැන. හැබැයි අමතක කරන්න එපා වැරදි විදියට මේක යොදා ගන්න එපා. නරක කෙනෙකුට මේක ලැබුනොත් ප්‍රතිපලයත් නරකයි . ඒත් මම මේක නරක දේකට කියල දෙනවා නෙවෙයි. ඉගෙන ගන්න කියල දෙන දෙයක් පමණයි.        
       මේකට ඉස්සර වෙලාම සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන වෙනවා ටිකක් විතර ලොකු එකක්. CD එකකට දාගන්න පුළුවන්. ඒක මෙන්න මේ පිටුවේ තියෙනවා බාගන්න.   

          http://adf.ly/VSj3i

එහෙමත් නැතිනම් මේ ලින්ක් එකෙන් කෙලින්ම බාගන්නත් පුළුවන්.  

http://adf.ly/VSj6k

මේක බාගෙන Extract කර ගන්නත් අමතක කරන්න එපා. මොකද .ZIP විදියටනේ තියෙන්නේ. Extract කරගත්තම ඒකේ ඇති .ISO ෆයිල් එකක්. ඒක CD එකකට Write කරගන්න. ඒ වගේම තමන්ගේ පරිගණකයේ Boot Order එක CD/DVD ROM කියන එකට යොමු කර තිබිය යුතුයි. එතකොට මුලික පියවර අවසානයි. Hirens BootCD එකේ අපට අවශ්‍ය වන තවත් ගොඩක් සොෆ්ට්වෙයාර් වර්ග තියෙනවා ඒ ගැනත් විස්තර බලාගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එකෙන් . 


මෙතැන් සිට ඔබ විසින් මෙය කල යුතු ආකාරය පහත වීඩියෝ දර්ශනය මගින් බලාගන්න පුළුවන්.

( ප්‍රමාණය කුඩාවැඩිනම් ප්‍රමාණය විශාල කර නරඹන්න )

වීඩියෝ දර්ශනය නැරඹීමට අපහසුනම් පහත රූප මගින්ද ඔබට මෙය පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා.











මෙම පියවරෙන් පසු CD/DVD ROM එක තුල ඇති CD එක ඉවත් කොට පරිගණකය Restart කරන්න. ඔබ දමා තිබු පාස්වර්ඩ් දැන් ඉවත් වී ඇති බව ඔබට පෙනෙනු ඇත.


සැ.යු. - මෙය අධ්‍යාපනය සඳහා පමණක්ම වන අතර නීතිවිරෝධී කටයුතු සඳහා යොදා නොගන්න. එසේ කිරීමෙන් ඇතිවන ප්‍රතිපල සඳහා කිසිම ආකාරයකින් වගකියනු නොලැබේ.

Saturday, June 9, 2012

වින්ඩෝස් 7 Install කරන්නේ කොහොමද ?

වින්ඩෝස් 7 Install  කරන්නේ කොහොමද ?

             මුලින්ම  ඔබ ළඟ තියෙන වින්ඩෝස් 7 DVD එක ඩ්‍රයිව් එකට දාගන්න. මේ වෙනකොට පරිගණකයේ පලවෙනි Boot Device එක DVD ඩ්‍රයිව් එක විදියට හදාගෙන තියෙන්න ඕන. ඒක හරියට වෙලා තියෙනවනම් රූපයේ පෙනෙන ආකාරයට වින්ඩෝස් ස්ථාපිත වීම ආරම්භ වෙනවා.


 

 

ඔන්න දැන් තමයි පටන් ගන්නේ. මේකේ තියෙන දේවල් වෙනස් කරන්න අවශ්‍ය නෑ. මේ විදියටම තියලා ඉදිරියට යන්න.
 

දැන් "Install Now" කියන එක ක්ලික් කරන්න ඉදිරියට යන්න.
 

මේකේ තියෙන Check Box එකට ලකුණක් දැම්මේ නැති උනොත් අපිට ඉදිරියට යන්න බෑ. ඒක නිසා " I accept the license terms" කියන එකට හරි ලකුණක් දාන්න. ඉදිරියට යන්න.
 

මෙතැනදී තේරීම දෙකක් ලැබෙනවා. ඔබ දැනට වින්ඩෝස් 7 ස්ථාපිත කරලා තිබෙන පරිගණයක නැවත ස්ථාපිත කිරීමට නම් පළවන තේරීමට යන්න ඕන. අලුතෙන්ම පරිගණකයට වින්ඩෝස් 7 ස්ථාපිත කිරීමට නම් දෙවෙනි තේරීමට යන්න ඕන. අපි දෙවෙනි තේරීම අනුව තමයි ඉදිරියට යන්නේ.

ඒ පියවරෙන් පස්සේ පරිගණකයේ Hard Disk එකේ ඉන්ස්ටෝල් කරන්නේ කොතනටද කියන එක කියන්න ඕන. අලුත්ම පරිගනකයක් නම් පහත රුපය ආකාරයට පෙන්වනවා. එහෙම උනොත් අපි අලුතෙන් Partition හදන්න ඕන. ඔය පහත රූපයේ පෙන්වල තියෙන තැන ක්ලික් කරලා ඒ ටික කරගන්න පුළුවන්. 10 Gb හෝ ඊට වැඩි ප්‍රමාණයක් C Drive එකට ඉඩ තියන්න. නැතිනම් පස්සේ මදි වෙන්න පුළුවන්. මමනම් සාමාන්‍යයෙන් 40 වත් දෙනවා.
 

කලින් Operating System එකක් දාලා තිබුනානම් මේ පහල තියෙන විදියට පේන්න පුළුවන්. මෙහෙම අවොත් අපි C Drive එක තෝරන්න ඕන. ඒ වගේම අපිට අවශ්‍යනම් Drive එක Format කරගන්නත් පුළුවන්. මමනම් අලුතෙන් දාන වෙලාවට Format කරලම තමයි ගන්නේ. එතකොට පරණ තිබුන ඒවා ඔක්කොම පිරිසිදු වෙලා එන්නේ.
 Windows 7 partitions

එහෙම තෝරලා දුන්නට පස්සේ මෙන්න මෙහෙම පෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අවශ්‍ය දේවල් Copy කරගන්න පටන් ගන්නවා.
 

 

ඒ ටික අවසන් උනාට පස්සේ පරිගණකය Restart වෙනවා.
 

 

ඔන්න දැන් හැමදේම ඉවර වෙන්න ලඟයි.
 

 

මෙතනට ඔයාට කැමති නමක් දාගන්න.

පාස්වර්ඩ් එකකුත් දාගන්න. දාපු එක මතක තියාගන්න.
 

 
මෙතැනදී තමයි CD කවරේ ලියල තියෙන දිග අංක ටික දෙන්න ඕන.
 

මෙතැනදී හැමදාම වින්ඩෝස් Update කරන්න බලාපොරොත්තු වෙනවනම් පළමු කොටස හෝ දෙවෙනි එක තෝරන්න. එහෙම නැතිනම් තුන් වෙනි එක තෝරන්න.


දැන් හරියට වෙලාව හදාගන්න. හරි Time Zone එක තෝරන්න අමතක කරන්න එපා.
 

මෙතනින් Work network කියන එක තෝරන්න.

දැන්  ටික වෙලාවකින් පහල තියෙන විදියට පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වැඩේ ඉවරයි. දැන් ඔබට පුළුවන් අවශ්‍ය කරන අනෙක් Software එහෙම Install කරගන්න. විශේෂයෙන් කියන්න ඕන ඔයාල භාවිත කලේ නීතිවිරෝධී වින්ඩෝස් Copy එකක් නම් වින්ඩෝස් Update කරන්න එපා. එහෙම උනොත් අපහු වින්ඩෝස් දාන්න වෙයි. ඒක වලක්වා ගන්න ක්‍රම තියෙනවා. මම කලින් ලියපු ලිපියක තියෙනවා එක කරගන්නේ කොහොමද කියලා. ඒක කියවල බලන්න. මෙන්න ඒකේ ලින්ක් එක.

මේ වැඩේ කරගෙන එනකොට සමහර පොඩි පොඩි දේවල් වෙනස් වෙන්න පුළුවන්. මොකද එක එක්කෙනාගේ තේරීම් වෙනස් වෙන නිසා. ඒත් සාමාන්‍ය පොදු ක්‍රමය තමයි මේ. ඒ වගේම පාවිච්චි කරන DVD එකේ තියෙන ප්‍රශ්න නිසා ස්ථාපිත කිරීම මගදී නවතින්න හැකියාව තියෙනවා. ඒක නිසා හොඳ තත්වයේ  DVD එකක් පාවිච්චි කිරීමට හැම වෙලාවෙම වග බලාගන්න.

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

Tuesday, March 20, 2012

ෆේස්බුක් ගිනුමක මුරපදය අමතක උනොත් Reset කරගන්නේ කොහොමද ?

ෆේස්බුක් ගිනුමක මුරපදය අමතක උනොත් Reset කරගන්නේ කොහොමද ?

                 කලින් ලිපියකදී මම කියලා දුන්නනේ ෆේස්බුක් ගිණුම ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන එක සම්බන්ධ කරුණු ටිකක්. අද මම කියලා දෙන්නේ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මුර පදය බැරි වීමකින් හෝ අමතක උනොත් අලුත් එකක් දාගන්නේ කොහොමද කියන එක ගැන. ඒක කියලා දෙන්න කලින් කියන්න ඕනෑ විශේෂ දෙයක් තියෙනවා වෙන කෙනෙකුගේ ෆේස්බුක් ගිණුමක් අනවසරයෙන් අත්පත් කරන්නත් ගොඩක් අය පාවිච්චි කරන්නේ මේ ක්‍රමේ. හැබැයි සාර්ථක වෙන ප්‍රමාණය නම් ගොඩක් අඩුයි. හේතුව මම ඉදිරියේදී කියල දෙන්නම්.
                      මුලින්ම පාස්වර්ඩ් ඒක අමතකනම් වැරදි එකක් ඇතුලත් කලාම ඔය පෙන්නලා තියෙන පින්තුරේ වගේ පිටුවක් පෙන්න පටන් ගන්නවනේ. එකේ ඔයාලට පේනවා " Forgot your password ? " කියලා එකක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට ලැබෙන්නේ  මෙන්න මෙහෙම පිටුවක්.
මෙතන ඊමේල් එක සමහර විට සම්පුර්ණයෙන්ම නොපෙන්වන්නත් ඉඩ තියෙනවා. අග තියෙන අකුරු හරි මුල තියෙන අකුරු හරි විතරක් පෙන්වනවා. මොකද අපි දන්නවනේ අපි ලියාපදිංච වෙන්න ඇතුලත් කරපු ඊමේල් ලිපිනය. SMS කියලා තියෙන්නේ අපිට පුළුවන්කම තියෙනවා අපේ ජංගම දුරකථන අංකය මගින් උනත් මේක කරගන්න. හැබැයි අපි ඒක කලින් ඇතුලත් කරලා මෙහෙම වෙන්න කියලා හදාගෙන තිබුනොත් විතරයි. නැත්නම් සමහර විට තවත් ඊමේල් ලිපිනයක් පෙන්වන්නත් ඉඩ තියෙනවා. ඒක ගොඩක් වෙලාවට අපි Secondary Email එක විදියට දාපු එක. දැන් ඔතනින් අවශ්‍ය එක තෝරලා Send Code කියන එක ක්ලික් කරන්න. මම කරගෙන යන්නේ ඊමේල් කියන එක ඇතුලත් කරලා. එහෙම කලාට පස්සේ ඔයාගේ ඊමේල් එකට පණිවිඩයක් ලැබෙනවා ඒක බලන්න ඕන. අපි බලමු මට ලැබිල තියෙන ඊමේල් ඒක මොකද්ද කියලා . මට ඇවිල්ල තියෙනවා මෙන්න මෙහෙම ඊමේල් එකක් 
දැන් තියෙන්නේ Enter the following password reset code: කියන එකට යටින් තියෙන අංකය කොපි කරගෙන ෆේස්බුක් පිටුවේ මෙන්න මෙහෙම පෙනෙන්න පටන් ගත්තු පිටුවට ඇතුලත් කරන්න.
ඒකත් හරිනේ. දැන් Submit Code කියන එක ක්ලික් කරන්න. බලන්න එතකොට මොකද්ද වෙන්නේ කියලා. 
ඉතිරි ටික කියන්නත් ඕන නෑ. අලුත් මුරපදයක් දෙන්න තියෙන්නේ. මේ ටික මට මේ විදියට කිසිම අමාරුවක් නැතුව අවේ මම මගේ ෆේස්බුක් ගිණුමම Reset කරපු නිසා. ඒත් වෙන කෙනෙක් වෙන කොහේ හරි ඉඳලා මේක කරන්න ගියානම් මේ තත්වය ගොඩක් වෙනස් වෙනවා. ෆේස්බුක් අඩවියෙන් අපි නිතරම භාවිතා කරන පරිගණක යන්ත්‍රයේ IP ලිපිනය මතක තිය ගන්නවා. ඒක නිසා වෙන තැනක ඉඳලා මේක කරන්න ගියාම තාවකාලිකව අපේ ගිණුම අත්හිටුවනවා. එහෙම කරලා අපි වැඩි පුරම භාවිතා කරපු පරිගණකයක් මාර්ගයෙන් මේක කරන්න කියනවා. ඒක නිසාම තමයි ෆේස්බුක් ගිණුම හැක් කරන්න අමාරු. බැරි වෙලාවත් අපිට ඒ කියන විදියට කරන්න බැරිනම් අපිට අපේ අනන්‍යතාවය ඔප්පු කරන පුළුවන් දේවල් එකක් හෝ කීපයක් ඉදිරිපත් කරලා ඒක කරගන්න ඒ කිවේ අපේ වාහන පැදවීමේ බලපත්‍රය, විදේශගමන් බලපත්‍රය වගේ එකක්ඉදිරිපත් කරලත් පුළුවන්. එහෙම කලාට පස්සේ තමන්ගේ ගිණුම නැවත සක්‍රිය කරගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් මේකෙදි තමන්ගේ ඊමේල් ලිපිනයත් ආරක්ෂිතව තියෙන්න ඕන. ඒක ආරක්‍ෂිත නැතිනම් මේ මොනවා කලත් වැඩක් නෑ. ඒක නිසා තමයි මම මගේ ජංගම  දුරකථන අංකයත් මේකට එකතු කරලා ආරක්ෂාව වැඩි කරගෙන තියෙන්නේ.
                       ජංගම දුරකතනයෙන් මේ වැඩේ කලත් ගොඩක් දුරට මේ හා සමානයි. වෙනසකට තියෙන්නේ ඊමේල් එකක් එනවා වෙනුවට කෙටි පණිවිඩයක් එන එක. ඒ පණිවිඩයේ සඳහන් වෙන්නේ මුලින් කියපු ඊමේල් එකේ වගේම අංකයක්. ඒක ඔබ ලැබෙන පිටුවට ඇතුලත් කරන්න. ඊට පස්සේ අන්තිමට කියපු ටික ඒවගේම කරගෙන යන්න. ඔයාලගේ පාස්වර්ඩ් එක මේ විදියට තමයි රීසෙට් කරගන්නේ. දැන් ඔයාල හිතයි වෙන කෙනෙකුටත් මගේ එක එහෙම ගන්න පුළුවන් කියලා . ඒකට පිළිතුර ඔව් සහ බෑ . ඔව් කියලා කිවේ ඔයාලගේ ඊමේල් ලිපිනයේ පාස්වර්ඩ් එක වෙන කෙනෙක් දන්නවනම් ඒක වෙන්න පුළුවන්. ඒත් ඔයාලගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක සහ වෙනත් තොරතුරු වෙන අය දන්නේ නැතිනම් වෙන කෙනෙකුට මේක කරන්න බෑ. තවත් දෙයක් දෙයක් තියෙනවා. මොන ජාතියෙන් හරි ඊමේල් ලිපිනයත් හොරෙන් අයිති කරගත්තා කියමුකෝ. ඒත් තව බාදාවක් තියෙනවා. ඊමේල් එකෙන් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න ගියාම ෆේස්බුක් එකෙන් කියනවා හරියට ඇතුල්වෙන්න නම් ඔයාලා අන්තිමට ෆේස්බුක් එකට ඇතුල් උන පරිගණකයෙන් හෝ වැඩි පුරාම භාවිත උණු IP ලිපිනයෙන් උත්සහ කරන්න කියලා. එහෙම කරන තුරු ෆේස්බුක් ගිණුම තාවකාලිකව අඩපන කරලා දානවා. තමන්ගේම පරිගණකයකින් අන්තර්ජාලයට පිවිසෙන අයටනම් මේක හොඳ දෙයක්. ඒත් පොදු තැනකින් අන්තර්ජාලයට පිවිසෙන අයටනම් මේක ලොකු පාඩුවක්. ගොඩක් වෙලාවට තමන්ගේ ෆේස්බුක් ගිණුම අහිමි උන අය භාවිත කරලා තියෙන්නේ පොදු අන්තර්ජාල සම්බන්ධතා එහෙම නැතිනම් පොදු පරිගණක යන්ත්‍ර. ඉතින් මේ තොරතුරු හොමොටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ වගේම මේ පිළිබඳව ගැටළු ඇත්නම් මට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

Monday, February 27, 2012

Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද ? ලිපි අංක 2

Forex කරන්න පටන් ගන්නවානම් හෝ දැනට කරගෙන යනවා නම් දැන ගතයුතුම කරුණු ටිකක්.

1. පළමු සහ විශේෂම කරුණ වන්නේ ෆොරෙක්ස් කිරීමේදී ඇති අවදානම් සහගත තත්වයන් නියමාකාරයෙන් අවබෝධ කරගෙන සිටීමයි.  අලුතෙන්ම ආරම්භ කරන්නෙක් දෙවරක් නොසිතා ආයෝජනය කිරීමෙන් සියලුම මුදල් අහිමි වීම සිදු වීමටද ඉඩ කඩ ඇත.

2. හැකි තරමින් Risk level එක අඩු තත්වයක තබාගෙන Trade කිරීමට උත්සහ දරන්න. එසේම Trade එක ආරම්භ කිරීමට ප්‍රථම Stop Loss අගය වැඩි කිරීමෙන් වලකින්න.


3. Trade එක ආරම්භ කිරීමෙන් පසු Stop Loss අගය අවශ්‍ය වේලාවන්හිදී වැඩි කරගැනීමෙන් හදිසි පාඩු ලැබීම අවම කරගත හැක.

4. එක් වරකදී Trade එකකට වැඩි ප්‍රමාණයක් කිරීමට යාමෙන් වැඩි මුදල් ප්‍රමාණයක් අහිමි වීමට ඉඩකඩ ඇත.

5. පාඩු ලැබූ දිනකදී පරාජිත මානසිකත්වයකින් යුතුව තව තවත් Trade කිරීමට යාමෙන් වලකින්න. පසු දින හෝ වෙනත් දිනක අලුත් මනසකින් නැවත අරඹන්න.

6. Trade එකක් ආරම්භ කිරීමට සූදානම් වන සෑම අවස්ථාවකදීම වෙළඳපොල අගයන් ඉහල හෝ පහල යාම තමාට වාසිදායක අවස්ථා තෝරාගන්න.
7. වෙළඳ පොළ හොඳ අවබෝධයකින් සිටින්න. වෙළඳපොල සම්බන්ධ ගැටලුකාරී අවස්ථාවන්හිදී Trade කිරීමෙන් වලකින්න.

8. එකම වර්ගයක මුදල් වර්ගයක් එකකට වැඩි වාර ගණනක් එකවර Trade කිරීමෙන් වලකින්න. පාඩු වීමකදී සියලුම Trade වලින් එහිදී පාඩු ලැබිය හැක.

9. සෑම විටම Trade කිරීමට ප්‍රථම Trade කිරීමට තෝරාගන්නේ මොනවද , කොපමණ මුදලක් එ වෙනුවෙන් ආයෝජනය කරනවාද යන්න තීරණය කරන්න. ඉන්පසු Trade කරන්න. Trade කිරීමෙන් පසු බරපතල තීරණ ගැනීමෙන් හැකිතාක් වලකින්න.

10.  Trade කිරීම සඳහා හොඳම අවස්ථාවක් එනතුරු සිටින්න. කිසිම අවස්ථාවක කලබල වී Trade කිරීමෙන් වලකින්න. එසේ කලබල වීමෙන් පාඩුවක් මිස ලාබයක් කිසිසේත්ම ලැබිය නොහැක. හොඳ Forex Traderකෙනෙකු වෙත මෙම ගුණාංගය තිබිය යුතුමය.

තවත් මෙවැනිම කරුණු එකතුවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

Thursday, February 23, 2012

තමන්ගේ FaceBook ගිණුම ආරක්ෂා කරගන්නා ක්‍රම.

තමන්ගේ Face Book ගිණුම ආරක්ෂා කරගන්නා ක්‍රම
       ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ෆේස්බුක් ගිණුම තවත් පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීම. මොකද ගොඩක් අය උත්සහ කරනවා තවත් කෙනෙකුගේ ගිණුමකට හොරෙන් ඇතුල් වෙන්න. ෆේස්බුක් එකේ ඉන්න මගෙනුත් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ෆේස්බුක් හැක් කරන්නේ කියන එක. ඒත් කියන්න තියෙන්නේ හැක් කරන එකනම් ඔය කියන තරම් ලේසි නෑ. නමුත් ඇත්තටම වෙන්නේ තමන් නොදැනුවත්වම තමන්ගේ විස්තර තවත් කෙනෙකුගේ අතට පත් වෙලා ඒ තොරතුරු මගින් අනවසරයෙන් ඇතුල් වීමයි. ඒ ගැන තවත් පැහැදිලි කරනවනම් ගොඩක් අය තමන්ගේ මුර පදය ලෙස තවත් කෙනෙකුට ආයාසයකින් තොරවම අනුමාන කරන්න පුළුවන් මුරපද යෙදීම. 

උදාහරණයක්‌ :-  
 Email       - samanbandara@mymail.com
 Password- saman123, bandara123, samanbandara, bandarasaman..

   ඉතින් මේවාට අමතරව තමන්ගේ උපන් දිනය, දුරකථන අංකය, පෙම්වතියගේ නම වගේ තවත් කෙනෙකුට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරනවා. ඇත්තටම මේවගේ දේවල් වලින් වැලකෙනවානම් මුලික පියවරක් ලෙස අනවසර ඇතුල් වීම් වලක්වා ගන්න පුළුවන්. ඒ සඳහා පහසුවෙන් අනුමාන කල නොහැකි මුරපදයක් භාවිත කල හැකියි. 

උදාහරණයක්‌ :- 
             Email       - samanbandara@mymail.com
             Password - 54m4n64nd4a , %$m$n^$nd$a ,Test@12345

මෙහිදී  මුරපදය සඳහා Simple , Capital , Symbol , Numeric  යන වර්ග කීපයම යොදා ගැනීමෙන් වැඩි ආරක්ෂාවක් ඇතිකර ගැනීමේ හැකියාවක් ඇති අතරම කිව යුතු තවත් විශේෂ දෙයක් නම් තමන්ගේ ඊමේල් ගිනුමටත් මේ හා සමාන ආරක්ෂාවක් තිබිය යුතුයි. එසේ නොමැති වුවහොත් ඊමේල් ගිණුම තවත් කෙනෙකුගේ අතට පත් වීමෙන් ෆේස්බුක් ගිණුම ඔහු අතට පත්වීම ඉතාමත් පහසු වෙනවා. 
              ඉහත මූලික කරුණු වලට අමතරව ෆේස්බුක් තුලම ආරක්ෂාව සඳහා ක්‍රමෝපායන් කීපයක්ම හඳුන්වා දී තිබෙනවා. පහල රූපයෙන් පෙන්වල තියෙන්නේ එම ක්‍රම කීපයක්.
 මෙහි දක්වලා තිබෙන ක්‍රම වලට අනුව ෆේස්බුක් ගිණුම ආරක්ෂා කිරීමෙන් නියමාකාරයෙන්ම තමන්ගේ ගිණුම හැක් කිරීමෙන් වලක්වා ගැනීමට බොහෝදුරට පිටිවහලක් ලැබෙනවා. ඊට අමතරව තමන්ගේ ජංගම දුරකථන අංකය මෙයට ඇතුලත් කර අනවසර ඇතුල්වීම් ආදිය සම්බන්දව ක්ෂණයකින් දැනගැනීමේ හැකියාවද පවතී. එසේම ෆේස්බුක් ගිණුම වෙත ලැබෙන පණිවිඩ කෙලින්ම දුරකථනය වෙතද ලබා ගැනීමේ පහසුකමද පවතී. 
         මෙම ක්‍රම වලට අමතරව කෙතරම් හිතවත් වුවත් තමන්ගේ පුද්ගලික විස්තර මිතුරන් අතට පත් කිරීමෙන් වැලකීම, උපක්‍රම මගින් තමන්ගේ රහස් තොරතුරු ලබාගැනීමේ ක්‍රම වලට නොරැවටී සිටීම(Phishing) මගින්ද අනවසර ඇතුලත් විම වලක්වා ගත හැක. අද වන විට ෆේස්බුක් තුල නොයෙක් විනෝද ක්‍රීඩා ඇති අතර ඒවාට ලකුණුද ලැබේ. බොහෝවිට මෙම ලකුණු නොමිලේ දෙන බව පවසා ඒ සඳහා තමන්ගේ මුරපද සහ ඊමේල් ගිණුම් පිලිබඳ විස්තර සපයන මෙන් පවසා මෘදුකාංග , ඊමේල් ආදිය නොමිලේ ලබාදේ. මේ පිළිබඳව දැනුම අඩු බොහෝදෙනා දෙවරක් නොසිතා මේවාට රැවටේ. මගේ කලින් ලිපියක මෙවැනි වෙබ් පිටුවක් සම්බන්දව මම සඳහන් කරලත් තියෙනවා. මෙන්න ඒ ලිපිය (http://blog.lkstuff.info/2011/10/free-credit.html) මෙවැනි ක්‍රම සම්බන්දව දැනුවත් වීමද වැදගත් කරුණකි. 

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

Friday, January 20, 2012

පාස්වර්ඩ් දමපු .RAR ෆයිල් එකක පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද ?

පාස්වර්ඩ් දමපු .RAR ෆයිල් එකක පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද ?


           ගොඩක් වෙලාවට අපි අන්තර්ජාලයෙන් බාගන්න ඔය එක එක ෆයිල් ඕපන් කරගන්න ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් හරි අමාරුවක තමයි වැටෙන්නේ. සමහර වෙලාවටනම් පාස්වර්ඩ් එක අහවල් තැන තියෙනවා කියලා හොඳ වටයක් අරගෙන ගිහින් දෙන වෙලාවල් නැතුවම නෙවෙයි. ඒත් සමහර ඒවා තියෙනවා කියන වෙබ් පිටු වැඩ කරන්නේ නැති අවස්ථා බොහොමයි. එහෙම වෙලාවට අපිට උදව්වට ගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන තමයි මම අද කියන්නේ. මේක ගොඩක් අය දන්නවා. ඒත් මේක ගැන නොදන්නා අයත් ගොඩක් ඇති. එයාලට මේකෙන් වැඩක ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේක දාගත්තට මේකේ සීරියල් එක නැති උනොත් සමහර පසුකම් නැතිව යනවා. ඒක නිසා මම මේකේ සීරියල් එකත් දීල තියෙනවා. ඉස්සර වෙලාම සොෆ්ට්වෙයාර් එක මෙන්න මේ ලින්ක් එකෙන් බාගන්න. advanced-rar-password-recovery
දැන් සොෆ්ට්වෙයාර් එක සාමාන්‍ය විදියට තමන්ගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න. දැන් මේ යට තියෙන රූපය වගේ එකක් තමයි ක්‍රියාත්මක කලාම ඔයාලට පේන්නේ. මම එතන නම් කරලා තියෙන ඒවත් හොඳට බලන්න.
          අංක 1 න් තියෙන්නේ ඔයාලට පාස්වර්ඩ් එක හොයාගන්න ඕන කරන ෆයිල් ඒක තිබෙන තැනයි. අංක 2 න් පාස්වර්ඩ් ඒක හොයන්න මේ සොෆ්ට්වෙයාර් එකේ දීල තියෙන ක්‍රම කීපයෙන් එකක් තෝරාගන්න. මම දැනට මේ තෝරලා තියෙන එක තමයි හොඳම ක්‍රමය නමුත් ටිකක් වෙලා යනවා. මොකද මේ ක්‍රමයේදී a අකුරෙන් පටන් අරගෙන හෝඩියේ තියෙන හැම අකුරක්ම වගේම හැම සලකුනක්ම යොදා ගන්නවා පාස්වර්ඩ් එක හොයා ගන්න. උත්සහ කරන වාර ගණන වැඩි නිසා තමයි වෙලා යන්නේ. අංක 3 න් කරන්නේ මම ඉස්සර වෙලා කියපු වැඩේට තෝරාගන්න ඕන කොටස් මොනවද කියලා තෝරලා දෙන එක. ඒ කියන්නේ අපිට හිතෙනවනම් අදාල පාස්වර්ඩ් එක දාලා තියෙන්නේ අකුරු වලින් විතරයි අංක යොදාගෙන නැහැ කියලා අපිට පුළුවන් All Digits කියන එක අයින් කරලා වැඩේ පටන් ගන්න. ඒ වගේ ගොඩක් වැඩ මේකේ තියෙනවා. මමනම් මේක පාවිච්චි කරලා ගොඩක් වැඩ ගත්තා. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. 

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.