කොහොමද Torrent වලින් Download කරන්නේ ?
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටොරන්ට් වලින් මොනවා හරි බාගන්නේ කොහොමද කියන එක. ටොරන්ට් ගැන දැනගත්තට ඒකෙන් වැඩ කරන හැටි දාන්නේ නෑ. අද මම කියලා දෙන්නේ ටොරන්ට් වලින් ෆයිල් එකක් බාගන්න ආකාරය. මේ වැඩේට මුලින්ම අපිට තියෙන්නේ ඕන Torrent Client සොෆ්ට්වෙයාර් එකක්. අන්තර්ජාලයෙන් ඒ වගේ ඒවා ගොඩක් ගන්න පුළුවන් නොමිලේම. මම දෙන්නම් ජනප්‍රියම කීපයක ලින්ක්.
uTorrent BitTorrent BitComet
මෙතනින් කැමති Torrent Client එකක් තෝරාගන්න. හැබැයි මම කියල දෙන්නේ uTorrent වලින් වැඩ කරන්නේ කොහොමද කියලා.එහෙම කීවට අනිත් ඒවත් මහලොකු වෙනසක් නෑ. මුලින්ම මම දීල තියෙන ලින්ක් එකෙන් Torrent Client එක බාගෙන ඒක තමන්ගේ පරිගණකයට Install කරගන්න. ඒක කලාට පස්සේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට එනවා මෙන්න මේ වගේ අයිකන් එකක්.
ඊළඟට අපි අපිට අවශ්‍ය කරන ෆයිල් එකක ටොරන්ට් එකක් බාගන්න ඕන. එකටත් අන්තර්ජාලයේ ඕනෑතරම් තැන් තියෙනවා. පහතින් දක්වලා තියෙනවා වැඩිපුරම භාවිතා වෙන කීපයක්.
ISOHUNT MININOWA
මම Isohunt කියන එකෙන් ගිහින් එකක් බාගන්න හැටි කියලා දෙන්නම්. පළමුවෙන්ම වෙබ් පිටුවට යන්න. ඊට පස්සේ තමන්ට හොයගන්න අවශ්‍ය කරන ෆයිල් එකේ නම ලියන්න. මෙන්න මේ විදියට.
මේක Search කලාම මෙන්න මේ වගේ පේනවා.
දැන් බලන්න ඔයාල හොයපු සොෆ්ට්වෙයාර් එක එතන තියෙනවද කියලා. එහෙම බලා තියෙනවනම් මේ මම රතුපාටින් ලකුණු කරලා තියෙනවා වගේ Seeds වැඩි පුර තියෙන ටොරන්ට් එකක් තෝරාගන්න. Seeds අඩු උනොත් බාගන්න ගොඩක් වෙලා යනවා. එක නිසා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. දැන් ඕන කරන ටොරන්ට් එක තොරගත්තනේ. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ තැනකට යනවා. මෙතැනදී තමයි ටොරන්ට් ඒක බාගන්නේ.
මේක ක්ලික් කලාම ටොරන්ට් ෆයිල් ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ අර කලින් Install කරගත්තු Torrent Client එක ඕපන් කරගන්න. එකේ ෂෝර්ට් කට් එකක් ඩෙස්ක්ටොප් එකේ ඇති. ටොරන්ට් ෆයිල් එක තියෙන ෆෝල්ඩර් එකෙන් ටොරන්ට් එක අර ඕපන් වෙලා තියෙන සොෆ්ට්වෙයාර් එකට ඇදලා දාන්න(Drag කරන්න) එහෙම දැම්මට පස්සේ මෙන්න මේ විදියට ටොරන්ට් එක වැඩ කරන්න පටන් ගන්නවා. ඊට කලින් ටොරන්ට් එකෙන් බාගන්න ෆයිල් එක යන්නේ මොන ෆෝල්ඩර එකටද කියලා අහනවා. එකත් තමන්ට කැමති තැනකට හදාගන්න.
මේ විදියට මේක සම්පුර්ණයෙන්ම බාගෙන අවසන් උනාට පස්සේ එතනට ගිහින් බලන්න ඔයාට ඕන කරන දේ එතන තියෙනවා. මම මෙතන විස්තර කරලා තියෙන්නේ බොහොම කෙටියෙන් මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවනම් දාන්න කොමන්ට් එකක්.
මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න





