Tuesday, October 4, 2011

free Credit හොයන අයට ලොකු අනතුරු ඇඟවීමක්

free Credit හොයන අයට ලොකු අනතුරු ඇඟවීමක් 

         මේක ඔය එක එක දේවල් වලට free Credit හොයන අයට කරන අනතුරු ඇඟවීමක්. Facebook එකේ Free Barn Buddy Credit ගන්නේ කොහොමද කියලා මගෙන් ඔය කීප දෙනෙක් ඇහුවා. මමත් ඉතින් ළමයින්ගේ අසාවනේ කියලා මේගැන විස්තර ටිකක් හොයලා බැලුවා අන්තර් ජාලයේ. මෙන්න ගහන කොටම මට ෆ්‍රී ක්‍රෙඩිට් දෙන ලිං එකක් හම්බ උනා. මටත් ඉතින් හරි සතුටුයි. මේ ක්‍රමේ කියලා දෙන්න ලැබෙනවනේ කියලා. එහෙම කියලා හිතාගෙන බ්ලොග් එකක් දාන්න හිතාගෙනම වෙබ් පිටුව කියවලා බැලුවා. කියවලා බලනකොටනේ වැඩේ තේරුනේ. මේකට කීදෙනෙක් අහුවෙන්න ඇතිද කියලා මට හිතුනා. ඒත් වැඩක් නෑ. එයාලගේ Facebook එකවුන්ට් මේ වෙනකොටත් අහිමි වෙලා ඇති. මට ලැබුන පිටුව තමා මේ තියෙන්නේ. මෙන්න තියෙනවා ලින්ක් එක ගිහින් බලන්න.



හැබැයි මේ පිටුවේ කියලා තියෙන දේ කරන්න යන්න නම් එපා. එකේ තියෙන විදියට කරනවා කියන්නේ තමන්ගේ Facebook පාස්වර්ඩ් එකයි ඊමේල් ලිපිනයයි කිසිම කරදයක් නැතිව ඒ හොරාට පූජා කරනවා කියන එක. මේ පිටුවේ දාලා තියෙන්නේ බොරුවට ලියපු කෝඩ් එකක් එයාලා කියන්නේ ඒ කෝඩ් එකට ඔයාගේ පාස්වර්ඩ් එක දාලා යට කියලා තියෙන ඊමේල් ලිපිනයකට(barnbuddy.facebook@techie.com) එවන්න කියලා. ඊට පස්සේ පය කීපයකින් අපි ඉල්ලපු Free Barn Buddy Credit ලැබෙනවා කියලා. මේක දැක්කම සාමාන්‍ය කෙනෙක්නම් හොඳට රැවටෙනවා. ඉතින් උඩ පැනලා තමන්ගේ පාස්වර්ඩ් එකත් එක්ක ඊමේල් එකක් යවනවා. අනේ අහිංසකයෝ පහුවදා නහයෙන් අඬනවා මගේ Facebook එක හැක් කරලා කියලා. මේ වගේ වෙබ් පිටු ගැන බොහොම සෝදිසියෙන් ඉන්න. මේක එකක් විතරයි. තවත් ගොඩක් මේ විදියට තියෙනවා. ඒ වගේම සොෆ්ට්වෙයාර්. නිකන් දෙනවා කියන පලියට අහුවෙන්න එපා. බහුතරයක් පට්ටපල් බොරු ,රැවටිලි. මේක කියවලා දන්නා කියන හැමෝටමත් පෙන්නන්න. කාට හරි මේක ප්‍රයෝජනයක් වෙයි.

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

Sunday, October 2, 2011

පරිගණකය Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ?

පරිගණකය එක Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ?

        අද මම කියලා දෙන්නේ ගොඩක්ම ප්‍රයෝජනවත් දෙයක්. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ෆෝමැට් කලාට පස්සේ එකේ තිබුන Drivers ටික හොයාගන්න කරදර වෙනවා. සමහර Drivers නම් Operating System එකෙන්ම දාගන්නවා. එත් සමහර Drivers එහෙම දාගන්නේ නෑ. ඒවා අපි දාගන්න ඕන. ගොඩක් වෙලාවට එහෙම ඕන වෙන්නේ Sound Drivers, VGA Drivers, Modem Drivers වගේ ඒවා. ඉතින් කොහොමද ඒවා හරියටම හොයා ගන්නේ. හැමෝටම ඔය Hardware එක ගැන ලොකු අවබෝධයක් නෑනේ. කොහොම හරි වෙන්න ඕන පරිගණකය හරියට වැඩ කරන්නනේ. ඉතින් Driver එක මොකද්ද කියලා දන්නේ නැති උනත් ඒක හරියටම හොයලා දාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. ඉස්සර වෙලාම පොඩි සොෆ්ට්වයාර් එකක් තියෙනවා පරිගණකයට දාගන්න. ඒක මෙන්න මේ ලින්ක් එකෙන් බාගන්න.

එහෙම නැතිනම් මෙන්න මේ වෙබ් පිටුවට ගිහින් ඔය පහල තියෙන එක උඩ ක්ලික් කරන්න 

ඊට පස්සේ ඔයාලගේ පරිගණකයට මම කියපු සොෆ්ට්වයර් එක Download වෙනවා. දැන් ඒක තියෙන තැනට ගිහින් පරිගණකයට ඒක Install කරගන්න. ඒක කරන පිළිවෙල මම පහතින් පෙන්වලා තියෙනවා. ඒ විදියට කරගෙන යන්න. 



ඊට පස්සේ පේනවා මෙන්න මෙහෙම එකක් 

මේකේ පේන්න තියෙන START SCAN කියන එක ඔබන්න. එහෙම කලාට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් ඒකෙන් පරිගණකයේ අඩුපාඩු තියෙන හැම Hardware එකක්ම පරීක්‍ෂා කරනවා. ඒක ඉවර වෙලා සම්පුර්ණ වාර්තාවක් අපිට දෙනවා. ඒකේ තියෙනවා දැනට Install කරලා තියෙන Drivers යාවත්කාලීන වෙලා නැතිනම් ඒ සම්බන්ද විස්තර, දැනටමත්  Install කරලා නැති Drivers, ඒ වගේම නියම තත්වයේ තියෙන Drivers වගේ ගොඩක් විස්තර. අපිට පුළුවන් එතනින් අපිට ඕන කරන Driver එක විතරක් Select කරගන්න. පහත රුපයේ ඒගැන පෙන්නලා තියෙනවා.

මම මෙතන Select කරගත්තේ Bluetooth Remote Control කියන එක විතරයි. ඔයාලත් ඔයාලට අවශ්‍ය ඒවා විතරක් Select කරගෙන  GET DRIVERS කියන එක ඔබන්න. බැරි වෙලාවත් ලියාපදිංචි වෙන්න ඕන කියලා කීවොත් මෙන්න මේ Code එක දෙන්න. JCCQ-MAKC-KACK-6TSE-BN35  ගොඩක් දුරට මුලින්ම යන කෙනෙකුට මේක වෙන්නේ නෑ. මම කීප සැරයක් ගිය නිසා මට එහෙම උනා. Code එක දාලා ලියාපදිංචි උනාට පස්සේ තවත් වින්ඩෝ එකක් අපිට පේනවා මෙන්න මේ වගේ.


දැන් මම පෙන්නලා තියෙන විදියට Start කරන්න. එතකොට ඔයාලට ඕන කරන Drivers ටික Download වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට.
මේ ටික ඉවර වෙලා පහත රූපයේ තියෙන විදියට Install කියන එක ක්ලික් කරන්න.
එහෙම කලාට පස්සේ සොෆ්ට්වෙයාර් එකෙන් Drivers ටික තියෙන තැන පෙන්වනවා. දැන් සාමාන්‍ය විදියට 
Drivers ටික Setup කරගන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. කියන්න දෙයක් තියෙනවා. සමහර අයට මේ ක්‍රමය හරි නොයන්නත් ඉඩ තියෙනවා. එයාලට මම කියන්නම් මේ වගේම තවත් වෙබ් සයිට් එකක් ඒක තමයි. http://drivergrabber.com/  මේකෙත් මම මේ කියපු දේවල් ටිකමයි කරන්න තියෙන්නේ. හැබැයි ටිකක් වෙනස්. ඉගෙන ගන්නත් එක්ක ඒකත් කරලා බලන්න. මෙන්න මේකෙනුත් පුළුවන් http://www.drivereasy.com/ ඉතින් මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් ඔයාලට ආවොත් දාන්න ඒ ගැන කියලා පොඩි කොමන්ටුවක් මම උදවු කරන්නම්.

මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.

Saturday, October 1, 2011

Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න

Mobile Phone එකෙන් සිංහල Web පිටු බලන්න. 
                   ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ මොබයිල් ෆෝන් එකෙන් ඉන්ටර් නෙට් යනකොට සිංහලෙන් තියෙන පිටු පෙන්නේ නැති එක. එහෙම කියලා සිංහල පිටු නොබලා ඉන්නත් බෑනේ. මේ වැඩේ ගොඩක් අය දන්නවා. ඒත් මමත් පොඩි බ්ලොග් එකකින්ම ඒක මගේ යාළුවන්ටත් කියලා දෙන්න හිතුවා. මේ වැඩේට ඔයාලගේ ෆෝන් එකේ Opera Mini කියන බ්‍රව්සර් එක තියෙන්න ඕන. ඒකෙන් තමයි මේ වැඩේ කරන්න පහසු. ඒත් ඉතින් ෆෝන් එකේ මේ බ්‍රව්සර් එක නැතිනම් මොකද කරන්නේ. කමක් නෑ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා එක බාගන්න. මෙන්න ලින්ක් එක. තමන්ගේ ෆෝන් එකට ගැලපෙන එක ගන්න පුළුවන් මෙතනින්.
එහෙම අරගෙන ෆෝන් එකට ඒක දාගන්න. ඊට පස්සේ බ්‍රව්සර් එක Open කරගෙන යටින් තියෙන රුපයේ පෙන්නලා තියෙන විදියට ටයිප් කරන්න. 
opera:config කියලා ටයිප් කලානේ දැන් ෆෝන් එකේ go කියන එක ඔබලා ඉදිරියට යන්න. මේ පින්තුරයේ තියෙන විදිය එක එක ෆෝන් වලට වෙනස් වෙන්න පුළුවන්. ඒත් කරන්න තියෙන දේවල් වල වෙනසක් නෑ.  දැන් ඔයාටල පෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. 

 go කලාට පස්සේ එන මෙනු එක තමයි මේ. එකේ යටටම ගියාම තමයි ඔය ටික තියෙන්නේ.. අංක 1 න් කියල තියෙන තැන මුලින්ම තියෙන්නේ No කියලා රුපයේ විදියට එක වෙනස් කරන්න. දැන් අංක 2 ආකාරයට ඒක සේව් කරගන්න. ඊට පස්සේ බ්‍රව්සර් ඒක වහලා දාලා නැවතත් ඕපන් කරලා බලන්න. දැන් සිංහල තියෙන වෙබ් පිටුවකට ගිහින් බලන්න. ඉස්සර වෙලා කොටු කොටු පෙනුන පිටු වල දැන් සිංහල පේනවා. හැබැයි පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒත් මොනවද ලියලා තියෙන්නේ කියලා හොඳට කියවගන්න පුළුවන් තරමට පේනවා. මොකුත් නැතුවට වඩා ඒක වටිනවා. දැන් බය නැතුව සිංහල පිටු ඕන තරම් බලන්න. Facebook එකේ පිටු වලට යන්න එහෙම නියමයි නේද ? මමත් මේක අද උදේ දාගත්තේ. මගෙනම් නියමෙට වැඩ කරනවා. ඔයාලත් දාලම බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් උනොත් පොඩි කොමන්ට් එකකින්ම එකත් කියන්න. මම උදව් කරන්න ලෑස්තියි. එහෙනම් තවත් මේ වගේ ලිපියකින් හමු වෙමු.

මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.