Thursday, September 29, 2011

Firefox වල Browsing Speed එක වැඩි කරගන්න ඕනෙද ?

Firefox වල Browsing Speed එක වැඩි කරගන්න ඕනෙද ?
                   
                   මම අද කියලා දෙන්නේ Firefox වල බ්‍රවුස් කරන වේගය ටිකක් වැඩි කර ගන්න හොඳ ක්‍රමයක්. ලොකු වැඩක් කරන්න නෑ. පොඩි පොඩි වැඩ ටිකක් තියෙන්නේ. ඉස්සර වෙලාම ෆයර්ෆොක්ස් Open කරගන්න. ඊට පස්සේ Address Bar එකේ මෙන්න මේ විදියට ලියන්න  about:config එහෙම ලියලා Enter කරන්න. ඊට පස්සේ ඔයාලට දිග ලිස්ට් එකක් පේන්න පටන් ගන්නවා. එතන පේන්නේ ෆයර්ෆොක්ස් වල සැකසුම් ගොඩක්. අපි දැන් ඒවා ටිකක් වෙනස් කරන්න යන්නේ. මම මේ පෙන්නලා තියෙන ඒවා එතනින් හොයාගන්න ඕන.


network.http.max-connections-per-server =32
network.http.max-persistent-connections-per-proxy =16
network.http.max-connections = 64
network.http.max-persistent-connections-per-server = 10
network.http.pipelining = true
network.http.pipelining.maxrequests = 200
network.http.request.max-start-delay = 0
network.http.proxy.pipelining = true
network.http.proxy.version = 1.1



එහෙම හොයාගෙන මම පෙන්නලා තියෙන අගයන් වලට වෙනස් කරන්න ඕන. ඒක කරන්නේ අදාල පේලිය උඩ Double Click කරලා. ඔය ටික වෙනස් කරලා Firefox restart කරන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. බලන්න මොනවා හරි වෙනසක් තියෙනවද කියලා. මමත් මේක කරලා බැලුවා. පොඩි වෙනසක් තියෙනවා වගේ දැනෙනවා. මේකේ තවත් ගොඩක් වෙනස්කම් කරන්න පුළුවන්. ඒත් පරිස්සමින්. එහෙම වෙනස් කරනවානම් කලින් තිබුන අගය කොහේ හරි ලියාගෙන වෙනස් කරලා බලන්න. නැතිනම් අයෙත් මුල ඉඳලා ෆයර්ෆොක්ස් දාන්න වෙයි. එච්චර අමාරුවේ වැටෙන්න ඕන නෑනේ.


            එහෙනම් මේක කියවලා අදහස් උදහස් එහම කොමන්ට් එකකින් දාලම යන්න.

Sunday, September 25, 2011

ඔෆිස් එකේ Proxy එකෙන් ටොරන්ට් Block කරලද ? මෙන්න විසඳුමක්

ඔෆිස් එකේ Proxy එකෙන් ටොරන්ට් Block කරලද ? මෙන්න විසඳුමක්

                          ගොඩක් අය කියන දෙයක් තමයි ඔෆිස් එකේ Proxy Server එකෙන් ටොරන්ට් බාගන්න දෙන්නේ නෑ බ්ලොක් කරලා. එහෙම නැතිනම් ඔෆිස් වෙලාවේ ටොරන්ට් බ්ලොක් කරලා කියන එක. ඔන්න මම දෙනවා හොඳ විසඳුමක්. මටත් මේක මගේ යාලුවෙකුගෙන් ආපු දෙයක්. මොකක් උනත් හොඳ දෙයක් නම් හැමෝටම දෙන එකනේ යුතුකම. ඔන්න ඒක නිසාම හැමෝටම ඒගැන කියලා දෙනවා. මේක මහා ලොකු වැඩකුත් නෙවෙයි. එත් බලාගන්න ඔන්න දානවා.
          ඉස්සර වෙලාම කරන්න තියෙන්නේ මෙන්න මේ කියන වෙබ් සයිට් එකේ ලියාපදිංචි වෙන එක. මෙන්න URL එක    http://www.torrific.com/signup/
ඊළඟට කරන්නේ තියෙන්නේ බාගන්න අවශ්‍ය කරන ටොරන්ට් එක තියෙන තැනට ගිහින් ටොරන්ට් එක බාගන්නේ නැතිව ටොරන්ට් ලින්ක් එක කොපි කරගන්න එක. එක කරන්නේ ටොරන්ට් එක උඩ Right Click කරලා " copy link address " කියන එක ක්ලික් කරන එක. මෙන්න මේ විදියට 
ඊට  පස්සේ මම අර ඉස්සර වෙලා කියපු වෙබ් සයිට් ඒකට ලොග් වෙන්න ඕන. දැන් එකේ ලියාපදිංචි වෙලානේ ඉන්නේ. ලොග් වෙන්න පුළුවන්නේ. මෙන්න මෙතනින්  ඒකට යන්න. http://www.torrific.com/login/?next=/
 ඊට පස්සේ යට තියෙන රූපයේ රතු පාට ඊතලයෙන්  පෙන්නලා තියෙන තැන රයිට් ක්ලික් කරලා Past  කලාම ඔයාලා කලින් කොපි කරගත්තු ටොරන්ට් ලින්ක් එක එතන පෙනෙන්න පටන් ගන්නවා. ඒක කලාට පස්සේ රතුපාට රවුමෙන් පෙන්නන තැන (Get) ක්ලික් කරන්න.


මේ ටික හරියට කරගත්තනම් අමාරුම වැඩ ටික ඉවරයි. දැන් ඔයාලට තවත් දෙයක් කරන්න තියෙනවා. යටින් පෙන්නලා තියෙන රූපය අනුව " initiate bittorrent transmission " කියන එක ක්ලික් කරන්න.

ඊළඟට මෙන්න මෙහෙම කරන්න. රුපය බලන්න 
මේකේ  කරලා තියෙන දේත් කරන්න. එහෙම කරලා අපහු Home Page එකට ගිහින් බලන්න ඔයාලගේ ටොරන්ට් එක Que එකට ගිහිල්ලද කියලා ගිහිල්ලනම් මෙන්න මෙහෙම පෙන්නවනවා 
 දැන්නම් ඉතින් ටිකක් වෙලා ඉන්න වෙනවා. සමහර විට දවසක් විතර වෙන්නත් පුළුවන්. ඒක ෆයිල් එකේ ප්‍රමාණය මත තමයි තීරණය වෙන්නේ. ෆයිල් එක සම්පුර්ණයෙන්ම අවට පස්සේ ඒකත් බලාගන්න පුළුවන්. ඔය උඩ තියෙන රුපයේ ඒකත් පේනවා. ෆයිල් එක සම්පුර්ණයෙන් ඇවිල්ලා නම් ඔය නිල් පාට අකුරු පේලිය උඩ ක්ලික් කරන්න, මෙන්න මේ විදියට පෙන්න පටන් ගනී.
දැන් ඉතින් තියෙන්නේ ඔය ෆයිල් ටික තමන්ට කැමති තැනකට බාගන්න එක තමයි. කියන්න දෙයක් තියෙනවා. මේ වෙබ් සයිට් එකෙන් අපිට කැමති තරම් ටොරන්ට් බාන්න දෙන්නේ නෑ 12 GB විතර අපේ Account එක පිරෙනකම් අපිට ගන්න පුළුවන්. ඊට වඩා ලොකු ෆයිල් බාන්න ඕනනම් සල්ලි දීල ලියාපදිංචි වෙන්න ඕන. අපිට ඉතින් 12 ක් නිකන් දෙනවනම් ඒ ඇතිනේ. මේක කරලා බලලා ප්‍රතිපල කියන්න. වැඩේ හරි යනවා. මම දැනටත් මේක කරනවා.

මේ ගැන ඔයාලගේ අදහසත් පොඩි කොමන්ට් එකකින්ම කියල යන්න.

Thursday, September 22, 2011

වයිරස් කියන්නේ මොනවද ?

මොනවාද මේ වයිරස් කියන්නේ  ?
               අද මම කියලා දෙන්නේ අපි හැමෝම බය වෙලා ඉන්න වයිරස් ගැන. ගොඩක් අය වයිරස් කීවට ඒවා මොනවද කියලා හරියට දන්නේ නෑනේ. මම කියලා දෙන්නම්. 
                 ප්‍රධාන වශයෙන් ගත්තම මේවා වර්ග කීපයක් තියෙනවා. ඒවා තමයි වයිරස් (Virus), වර්ම්ස් (Worms), ට්‍රෝජන් හෝස්(Trojan Horse). මේවා තමයි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන වර්ග.
 
මේහැම නමකින්ම කියවෙන දේවල් එකක්වත් අපේ පරිගණක වලට කරන හානිය එකකට එකක් වෙනස් වුවත් අඩු නැහැ. දැන් අපි මේවා එකින එක ගැන හොයලා බලමු.

Virus වයිරස්
වයිරස් කියන්නෙත් පරිගණක වලට පැමිණෙන එක්තරා ගොනු (files) විශේෂයක්. මේවාට තමන්ගේ ගතිගුණ වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මුල්ම අවස්ථාවේ කවුරුන් විසින් හෝ මේවා පණ ගැන්විය(Activate) යුතුයි. ඉන්පසු මේවා නිර්මාණය කල පුද්ගලයා දී ඇති උපදෙස් අනුව ක්‍රියාත්මක වීම සිදුවෙනවා. ඒ වගේම පැතිරෙන්න පටන් ගන්නවා. මෙවැනි වයිරස් වලට පරිගණකයේ ඉතිරිව ඇති සම්පුර්ණ මතකය භාවිතා කොට පරිගණකය කිසිවක් කල නොහැකි තත්වයකට ගෙන ඒමේ හැකියාව පවා තිබෙනවා. සමහර වයිරස වර්ග පරිගණකයේ ඇති අතවශ්‍ය ගොනු(File) මකා දමමින් පරිගණකය අඩපන කිරීම වැනි දේවල් කරයි. වයිරස වර්ග පරිගණකයකින් තවත් පරිගණකයකට පැතිරීමට බොහෝ ක්‍රම භාවිත කරයි. ඒවා අතර ඊමේල් ඇමුණුම් (Email Attachment), බාගත කරන ගොනු(Downloaded File), චැට් පණිවිඩ ,සංයුක්ත තැටි(CD,DVD), Flash drive ප්‍රධාන වේ.

Worm
Worms යනු වයිරස් වලට වඩා යම් තරමකින් සමාන එහෙත්  යම් යම් වෙනසකම් ඇති තවත් හානිකර ගොනු වර්ගයකි. Worms වල ඇති ප්‍රධාන වෙනස නම් ඒවා ක්‍රියාත්මක වීමට කිසිවෙකුගේ උදව්වක් අවශ්‍ය නොවීමයි.  Worms හැමවිටම තමන්ගේ කොපි තවත් පරිගණක වලට පැතිරවීම සඳහා වැඩි වශයෙන්ම පරිගණක ජාල යොදාගනී. එසේම මෙම Worms වලට තනිවම ක්‍රියා කිරීමට සහ කිසිම උදව්වක් නොමැතිව ඉක්මනින් පැතිරීමට හැකියාව ඇත. සාමාන්‍ය වයිරසයකින් කරන හානියට වඩා වැඩි හානියක් වැඩි වේගයකින් Worm එකකට කල හැක.


Trojan Horse (ට්‍රෝජන් අශ්වයා)
Trojan Horse යනු ඉහත වර්ග වල වයිරස වලට වඩා වෙනස් ආකාරයකට ක්‍රියා කරන තවත් ගොනු වර්ගයකි. මේවා සාමාන්‍යයෙන් හානිකර නොවන ප්‍රයෝජනවත් වැඩසටහනක් ආකාරයෙන් පෙනී සිටින අතර ඉතාමත් බරපතල හානි සුදුකිරීමේ හැකියාව ඇත.  උදාහරණයක්‌ ලෙස අපට ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක් ලෙස පෙනී සිට අප එම වැඩසටහන අපගේ පරිගණකයට ඇතුලත් කරගත් පසු අපට නොදැනීම පරිගණකයට හානි කිරීම අරඹයි. එසේම එම වැඩ සටහන නිපදවූ පුද්ගලයාට අපගේ අවසරය නොමැතිවම පරිගණකය තුලට පැමිණීමටද ඉඩ සලසා දෙනු ලබයි.

මෙම වයිරස වැඩ සටහන් පාදක කොට ගනිමින් විවිධ පුද්ගලයින් කරන තවත් හානිකර ක්‍රියාවන් තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.


මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.

Monday, September 5, 2011

BIOS පාස්වර්ඩ් එක අමතක උනොත් මොකද කරන්නේ ?

BIOS පාස්වර්ඩ් එක අමතක උනොත් මොකද කරන්නේ ?

                    අද මම කියලා දෙන්නේ බොහොම වැදගත් දෙයක්. මට මේක හොයන්න හිතුනේ මගේ යාලුවෙකුට වෙච්ච සිද්දියක් නිසා. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට BIOS පාස්වර්ඩ් එකක් දානවා වැඩි ආරක්ෂාවට කියලා. වින්ඩෝස් පාස්වර්ඩ් එක ආරක්‍ෂිත මදි කියලා හිතුනම අපි එහෙම කරනවා. මමත් එහෙම කරලා තියෙනවා. ඒත් මේක දකිනකොට මගේ ඇඟත් සීතල වෙනවා. BIOS පාස්වර්ඩ් එකත් Bypass කරන්න පුළුවන්. මෙතැනදී වෙන්නේ ඔයාලාගේ පරිගණකයේ BIOS System එක හදපු ආයතනයෙන්  BIOS එකට දාපු Master Password එකක් පාවිච්චි කරන එක. එක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි මේක පරිස්සමින් කරන්න ඕන. ඔක්කොටම කලින් ඔයාලගේ BIOS එක මොකද්ද කියලා හරියටම හොයාගන්න ඕන.
                මෙතන තියෙනවා අපි භාවිතා කරන ගොඩක් පරිගණක BIOS System වල Master Password. හැබැයි මේවා වැරදි විදියට තුන පාරකට වඩා කරන්න ගියොත් ඔයාලගේ System එක සම්පුර්ණයෙන්ම ලොක් වෙන්න ඉඩ තියෙනවා කියලා මම මේක හොයාගත්තු තැන කියලා තිබුනා. එක නිසා ගොඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක මේක. එහෙනම් මෙන්න ලිස්ට් එක.


Award BIOS backdoor passwords:
ALFAROME

BIOSTAR

KDD

ZAAADA
ALLy

CONCAT

Lkwpeter

ZBAAACA
aLLy

CONDO

LKWPETER

ZJAAADC
aLLY

Condo

PINT

01322222
ALLY

d8on

pint

589589
aPAf

djonet

SER

589721
_award

HLT

SKY_FOX

595595
AWARD_SW

J64

SYXZ

598598
AWARD?SW

J256

syxz


AWARD SW

J262

shift + syxz


AWARD PW

j332

TTPTHA


AWKWARD

j322




awkward






AMI BIOS Backdoor Passwords:
AMI

BIOS

PASSWORD

HEWITT RAND
AMI?SW

AMI_SW

LKWPETER

CONDO




Phoenix BIOS Backdoor Passwords:
phoenix

PHOENIX

CMOS

BIOS

Misc. Common Passwords
ALFAROME

BIOSTAR

biostar

biosstar
CMOS

cmos

LKWPETER

lkwpeter
setup

SETUP

Syxz

Wodj




Other BIOS Passwords by Manufacturer
Manufacturer      
Password


VOBIS & IBM
merlin
Dell
Dell
Biostar
Biostar
Compaq
Compaq
Enox
xo11nE
Epox
central
Freetech
Posterie
IWill
iwill
Jetway
spooml
Packard Bell
bell9
QDI
QDI
Siemens
SKY_FOX
TMC
BIGO
Toshiba
Toshiba


Toshiba BIOS
බොහොමයක්  Toshiba වර්ගයේ ලැප්ටොප් පරිගණක සහ ඩෙස්ක්ටොප් වර්ග බූට් කරන අතරතුර කීබෝර්ඩ් එකේ වම් පැත්තේ ඇති Shift එක ඔබාගෙන සිටින විට BIOS පාස්වර්ඩ් එක අතහැරලා ඉදිරියට යනවා.

IBM Aptiva BIOS
බූට් කරන අතරතුර මවුස් එකේ වම් සහ දකුණු  යතුරු දෙක වරින් වර එකවර ඔබන්න.

                  මීට අමතරව  Motherboard එකේ තියෙන BIOS වලට අදාල ජම්පර් වෙනස් කිරීමෙනුත් මේවා කරන්න පුළුවන්. ඔයාලගේ Motherboard එකේ එක තැනක ඒ ගැන ලියලා තියෙනවා. ඒක හොයාගන්න පරිගණකය ගලවන්නම වෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා ඒ පරිගණකයේ CMOS බැටරිය ගලවලා ටික වෙලාවක් තියලා නැවත සවි කිරීමෙන්. ඒත් සමහර පරිගණක වල මේ බැටරිය ගලවන්න බැරි විදියට පාස්සලා තියෙන්නේ.
විශේෂයෙන්ම කිවයුතු දෙයක් වන්නේ මෙය අනුන්ගේ පරිගණකයකට කිරීමට නොයන ලෙසත් අත්හදා  බැලීමට තමන්ගේම පරිගණක යොදාගන්නා ලෙසයි.

(මෙම සියලු තොරතුරු අන්තර්ජාලයේ සැරිසැරීමෙන් සොයාගත් තොරතුරු වන අතර මෙය භාවිතා කිරීමෙන් සිදුවන යම් දෝෂයක් සම්භන්ධයෙන් වගකියනු නොලැබේ. මෙය අධ්‍යාපනය සඳහා පමණක්ම වේ.)

මේක කියවලා මොකද හිතෙන්නේ කියලා පොඩි කොමන්ටුවක් දාලම යන්න.