Monday, January 31, 2011

CISCO 2950 Switch එකක Password එක නැතිවුනොත් මොකද කරන්නෙ ?

CISCO 2950 Switch එකක Password එක නැතිවුනොත් මොකද කරන්නෙ ?
           Cisco Switch එකක පාස්වර්ඩ් එක සමහර වෙලාවට අපිට අමතක වෙනවා. ඒ වෙලාවට මොකද කරන්න ඕන කියල මම කියල දෙන්නම්. පාස්වර්ඩ් එක නෑ කියලා සම්පූර්ණ configuration එකම මකලත් බෑනෙ. ඒකට හොඳ වැඩක් තියෙනවා. මම මේ කියන ක්‍රම ටික කරලා බලන්න.


1. පලමුවෙන්ම Switch එකට ලබා දීල තියෙන Power supply එක Off කරන්න.

2. මේ වෙනකොට ඔබේ පරිගණකයේ සිට console cable එක Switch එකට සම්බන්ධව තියෙන්න ඕන.


3. Windows XP වල නම් Hyper terminal open කරන්න.


4. Windows 7 වල නම් PUTTY වගේ software එකක් පාවිච්චි කරන්න වෙනවා.
5. ඊ ලඟට මේ රූපයේ පෙන්වා ඇති අකාරයට switch එකේ Mode butten එක අතින් තද කරගෙනම power cable එක සම්බන්ධ කරන්න. switch එක බූට් වෙන හැටි ඔබට පරිගණක තිරයේ බලගන්න පුලුවන්.


6. boot display එක prompt උනාට පස්සෙ මේ command ටික පිලිවෙලට type කරන්න.
   
 flash_init

 load_helper 

 dir flash:

 rename flash:config.text flash:config.old

   boot  

ඊට පස්සෙ switch එක restart වෙන්න පටන් ගන්නවා.


7. boot උනාට පස්සෙ initial setup configuration එකට n අකුර ගහලා ඒ පියවර skip කරන්න.


8. enable    command එක දීලා switch එක enable කරන්න.


9. ඊට පස්සෙ මේ command ටික පිලිවෙලට type කරන්න.

     rename flash:config.old flash:config.text

  copy flash:config.text system:running-config

  configure terminal

  no enable secret

  no enable password   


10. දැන් තමන්ට කැමති password එකක් දෙන්න.


11. ඊලඟට configuration එක save කරගන්න.